නොපියවෙන ඇස

Churaliya

Well-known member
  • Jun 23, 2010
    936
    218
    63
    බස්නාහිර පළාත
    ඇමරිකාවේ වැඩකිඩ(සංස්කරණය කරන ලදී)


    Long Endurance Multi Intelligence Vehicles
    :yes:

    33958443.jpg


    ඇමෙරිකානු ජනාධිපති ඔබාමා ඇෆ්ගනිස්තානයෙන් සෙබළුන් ඉවත් කර ගන්නා විට, එම රාජකාරිය කිරීමට සුදුස්සෙක් මේ වන විට ඇමෙරිකාව අත්හදා බලමින් සිටියි.එය බොහෝ දුරට නුදුරේම රාජකාරියේ යොදවනු ඇත. ඉහල අහසේ සිට සියල්ල නරඹමින් සියලු තතු පැවසීමට හැකි මෙය යෝධ බැලූනයක් වැනිය.:shocked:
    27250791.jpg

    සරලව පැවසුවහොත් මෙය කුඩා ගුවන් නැවකි.
    53137733.jpg

    දැනට වසර කීපයකට පෙර සිට මෙවැනි යානයක අවශ්‍යතාවය ඇමෙරිකානු ආරක්ෂක අංශ තුල විය. එය බාර දුන්නේ ලොව විශාලතම ආරක්ෂක නිපැයුම් සිදුකරන Northrop Gruman නම් සමාගමටයි.
    31618922.jpg


    (Ron Dillon, contracting officer at USAMSDC/ARSTRAT, signs the Long Endurance Multi-Intelligence Vehicles (LEMV) agreement with Northrop Grumman
    .)

    විවිධ අත්හදා බැලීම් සිදුකර අවසානයේදී ඔවුහු මෙම Long Endurance Multi Intelligence Vehicles හෙවත් LEMV නම් ගුවන් නව නිර්මාණය කරන ලදී.

    47375434.jpg

    මෙහි දිග අඩි 300 ක් ද , පළල අඩි 113 ක් ද , උස අඩි 85 ක් ද වේ. මෙවැනි යානයක සම්පූර්ණ පරිමාව ඝන මීටර 38 000 කි. යානයක වියදම ඇ.ඩො.මි. 172 කි. මෙහි නිෂ්පාදකයන් මේවා හඳුන්වන්නේ "
    නොපියවෙන ඇස" යනුවෙනි.
    LEMV යානය රඳවන්නේ ඇෆ්ගනිස්තානයේ සිට අඩි 20000 ක් ඉහල අහසේය. එමගින් එහි සිදුවන සියලු දේ පිළිබඳව පැහැදිලි දත්ත LEMV හි ඇති කැමරා මගින් ලබා ගත හැක.
    30034303.png

    ඒ ඇසිල්ලෙන්ම එම තොරතුරු ගොඩ බිම වෙසෙන සෙබළුන්ට ලබා දෙයි. චන්ද්‍රිකා මගින් මෙය සිදුකිරීමේදී තත්පර ගණනක සිදුවන පමාව මෙහිදී මග හැරවෙන ලෙස මෙය නිර්මාණය කර ඇත. LEMV හි බඳ කොටස සඳහා වෙඩි නොවදින 'කෙව්ලර්' නම් අමුද්‍රව්‍ය යොදා ගෙන ඇත. එසේම යානය සතුව සුළු අවි පවතී. මෙම යානය සඳහා නියමුවෙකු අවශ්‍ය නැත. මෙවැනි එක යානයක් නොකඩවා පුරා සති 3 ක් රාජකාරියේ යෙදවිය හැක. යානය ක්‍රියාත්මක වන්නේ Hybrid තාක්ෂනය මගින් නිසා වැඩි ඉන්දන දහනයක් සිදු වන්නේ නැත. යානයේ ඇති බැලූන් කොටසට හීලියම් වායුව පුරවා ඇති නිසා එය අහසේ පාවී පවතී. මෙම යානයෙන් රාත්තල් 2500 ක බරක් ගෙන යා හැක. ඒ අනුව ගොඩ බිම සිටින භටයන්ට අවශ්‍ය ද්‍රව්‍ය මෙමගින් ප්‍රවාහනය කර හැක.
    40357557.jpg

    මෙතෙක් කලක් ඇමෙරිකාව බාහිර බටහිර රටකට ප්‍රහාර එල්ල කරනවිට අවශ්‍ය බලය ලබා ගත්තේ තම නව එම රටවල් අසන්න මුහුදේ ගාල් කරමිනි. මේ අනුව දැන් ඔවුන්ට ඊට වඩා කාර්යක්ෂම ක්‍රමයක් ලැබී ඇත.
    :nerd::nerd:


    Need Comments & Reps.... :yes::yes::yes::yes:
     
    Last edited:

    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,568
    536
    113
    අන්තර්ජංජාලය
    ඇමරිකාවෙ හතුරන්ට දැන් පට්ට ලේසියි වැඩේ... :D දුන්නකුයි ඊතලේකුයි අරන් බැලුමට තියන්න තියෙන්නෙ... බඩු බනිස්.... :lol::lol:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඉරාන කාරයෝ මේකත් හැක් කරලා බිමට බායි ද දන්නේ නෑ. උන් මහ අමාරුකාර සෙට් එකක් නේ
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ඉරාන කාරයෝ මේකත් හැක් කරලා බිමට බායි ද දන්නේ නෑ. උන් මහ අමාරුකාර සෙට් එකක් නේ

    හැක් කරන්න ඕනෙ නෑනෙ බන්. ඊතලයක් යැව්වනම් බැලුම හිල් වෙයිනෙ :lol::lol: