නොපෙනෙන ශරීරය "මනෝකාය" හා බුදුදහම

bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    machan man ahala thiyenawa buduhamuduruwo anshu kiyala deyak(padartha) na kiyala thiyenawa kiyala. hama deyakma hadila htiyenne shaktheen 3 ekathu weemen kiyala buduhamuduro kiyala thiyena kathawak man ahala thyienawa. man gawath dan source eka na. uba gawa uba kiyapu ekata source ekak thiyenawa nan dapan.

    උඹ කියන එක හරි මචන්.බුදු දහමේ අංශු කියලා දෙයක් ගැන කියලා නැ මොකද අන්ශුවලත් අපෝ,තේජෝ,වායෝ,පටවි කියන ගුණ 4 තියෙනවා.මට හාමුදුරුකෙනෙක් කිව්වා ඒක කරන්නේ මනෝ කාය අදාල තැනට යවලා ඊට පස්සේ ගණ ශරීරය එතනට වැඩම කරනවා කියලා.එහෙම වෙන්නේ එකතැනක තියෙන ගණ ශරීරය අංශු වගේ තත්වයකට පත්වෙලා මනෝකාය තියෙන තැනට ගිහිල්ලා ආපහු එතැනදී එකතු වෙලා .ඒ පත්වෙන තත්වය තාම විද්‍යාවෙන් හොයාගෙන නැතුව ඇති.එත් හිත දියුණු කරපු කෙනෙක්ට ඒවගේ දේවල් පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් කියලා තමයි ඒ හමුදුරුවොනම් කිව්වේ.
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    අනේ මචන් සොරි වෙන්නඕන මම ඉක්මනට හරිගස්සන්නම්.

    දිගටම දාපන් මචන්.මේවා ගැණ බටහිර විද්‍යාවේදී උනත් අවධානය යොමුවෙලා තියෙන්නේ දැන්.ඒවුනාට බුදුරජාණන්වහන්සේ මේවා ගැණ 100% හරිදේ කියලා තියෙනවා.මේ හිත දියුණු කරොත් මනොකයෙන් සැහෙන්න දේවල් කරන්න පුළුවන්.හරියට සැටලය්ට් එකක් වගේ.අපි කියනවා නිර්වින්දනය කරනවා කියලා.මේකෙන් කරන්නේ ශරීරයට ටිකක් විෂ දෙයක් ඇතුල් කරනවා.එතකොට ඒ අදාල වෙලාවට මනෝ කාය ඇගෙන් අයින් වෙනවා.එකයි සමහර වෙලාවට මිනිස්සු ශල්‍යකර්ම වලින් පස්සේ කියන්නේ මම සිවිලිමේ ඉදන් ඒක බලන් හිටිය කියලා.මේවා ගැන ඉන්ටෙර්නෙට් එකේ ඕනේ තරම් විස්තර තියෙනවා.ඒවුනාට බටහිර විද්‍යාවේ ඒවාට පැහැදිලි කිරීම් නෑ.ඒ මිනිස්සු උනත් බුදුදහම 100% විශ්වාස කරන්නේ ඒකයි.බුදුදහම කියන්නේ බුද්ධිමතුන්ට විතරක් තේරෙන ධර්මයක්.
     
    Last edited:

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113


    දිගටම දාපන් මචන්.මේවා ගැණ බටහිර විද්‍යාවේදී උනත් අවධානය යොමුවෙලා තියෙන්නේ දැන්.ඒවුනාට බුදුරජාණන්වහන්සේ මේවා ගැණ 100% හරිදේ කියලා තියෙනවා.මේ හිත දියුණු කරොත් මනොකයෙන් සැහෙන්න දේවල් කරන්න පුළුවන්.හරියට සැටලය්ට් එකක් වගේ.අපි කියනවා නිර්වින්දනය කරනවා කියලා.මේකෙන් කරන්නේ ශරීරයට ටිකක් විෂ දෙයක් ඇතුල් කරනවා.එතකොට ඒ අදාල වෙලාවට මනෝ කාය ඇගෙන් අයින් වෙනවා.එකයි සමහර වෙලාවට මිනිස්සු ශල්‍යකර්ම වලින් පස්සේ කියන්නේ මම සිවිලිමේ ඉදන් ඒක බලන් හිටිය කියලා.මේවා ගැන ඉන්ටෙර්නෙට් එකේ ඕනේ තරම් විස්තර තියෙනවා.ඒවුනාට බටහිර විද්‍යාවේ ඒවාට පැහැදිලි කිරීම් නෑ.ඒ මිනිස්සු උනත් බුදුදහම 100% විශ්වාස කරන්නේ ඒකයි.බුදුදහම කියන්නේ බුද්ධිමතුන්ට විතරක් තේරෙන ධර්මයක්.

    ඔව් මචන් උන් ඒවා ඇත්ත කියලා පිළි අරන් අපේ රටේ ඇවිත් භාවනා කරලා මේගැන තවත් කරුණු සොයනවා අපේරටේ ඉන්ණ සමහර මිනිස්සුන්ට මේවා තේරුම්ගන්න හැකියාවක් නෑ...
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    හම්බ කතා වලත් පොඩි ආතල් එකක් තියෙනවා , ඒ උනාට ඊට වඩා දහස් වටිනවා මේ ගැන කතා කරනවා නම් ,
    මොලේ සුද්ද කරලා ඇත්ත තේරුම් ගන්න ඕන කමක් තියෙනවා නම් හම්බයින්ට උනත් පුළුවන්නේ fake එකකින් ඇවිත් හරි ඇත්ත ඇති සැටියෙන් දැන ගන්න....
     

    Saundiris

    Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    PAl Boru..@#$%^$@@$^&!!!!????

    නොපෙනෙන ශරීරය "මනෝකාය (astral body)" හා බුදුදහම​

    මගේ මතකයේ තියෙන මේ තොරතුරුටික අමතක වී යාමට නොදී මේ ජංජාලයේ ඔයාලා හැමෝටම දැනගන්න පුලුවන් විදිහට සයිබරයේ තැන්පත් කරන්න හිතුවා. මේකේ සදහන් වෙලා තියෙන කරුණු 100% ක් නිවැරදි කියන්ණ බැරි උනත් බොහෝ තොරතුරු සත්‍යයි.
    එදා අපේ බුදු රජාණන් වහන්සේ දේශනා කරලත් තියෙනවා අපේ මේ අපේ ශරීරය ශරීර කිහිපයකින් සෑදිලා තියෙනවාකියලා. ඒකීයක්ද කියලා මට හරියටම මතකනම් නෑ. ඉන් එකක් තමයි මේ මනො කාය කියන්නේ. මනෝකාය කියනදේ අපේ ශරීරයේ ඇතුලාන්තයේ තියෙනවා කියනදේ ඔයාලට පැහැදිලීනේ. අපේ මේ මනෝකාය කියනදේ ශරීරයට සම්බන්ධ වෙලා තියෙන්නේ නිකන් රබර් පටියක් වැනිදේකින් ඒ හරියට මෙන්න මේ විදිහට අපේ මනොකය සම්බන්ධ වෙලා තියෙන්නේ නළලට නෙමේ සුසුම්නා ස්නායු වලට තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ,

    16T3D00Z.jpg


    මේ මනොකාය කියන ශරීරය අපේ ශරීරය තුල දිගටම පවතිනෑ අපි නිදාගන්නකොට එහෙම මේ මනෝකායකියනදේ අපේ ඇගෙන් පිටතට ගමන්කරලා අවට පරිසරයේ සැරිසරනවා. ඒකනේ අපි නිදාගත්තාම මෙලෝ දෙයක් තේරෙන්නැත්තේ. අපි හැහැරෙනකොට ක්ෂණිකව මේ මනෝකාය තියෙන තැනකින් ඇදිලා ඇවිත් අපේ ශරීරයට සෙට්වෙනවා. සමහර වෙලාවට අපි ගැස්සිලා ඇහැරෙන්නේ මේ මනෝකාය නිවැරදිව අපේ ඇගට සෙට් නොවුනාම.

    astral-projection.jpg


    මම කලින් කියපු අර අපේ ශරීරයත් මනෝකායත් එකට සම්බන්ධවෙලා තියෙන රබර් පටිය වගේ සම්බන්ධය කැඩිලා ගියොත් අන්න එතකොට තමයි මැරුනා කියලා කියන්නේ. ඔයාලා දැකලා තියෙනවා නේද? මනුස්සෙක්ගේ පණ ගියවිටත් දොස්තර වරු පපුව තෙරපලා ශ්වසනය කරවනවා. දැන් මම කියපූ විදිහට මේ මනෝකාය ශරීරයෙන් වෙන්වෙලා වැඩිවෙලා ඉන්න කලින් මේ විදිහට ශ්වසනය කරවනකොට අර ශරීරයෙන් නික්මු මනෝකාය නැවතත් ශරීරය තුලට ඇදිලා එන්න පුලුවන්. ඒකයි දොස්තරලා අන්තිම තුරුම්පුව විදිහට මේ වැඩේ කරන්නේ.

    සිත මැනවින් සන්සුන් කළ උත්තමයෙකුට පුලුවන් මේ මනෝකාය පාලනය කරන්න අපේ ලොවුතුරා බුදුරජණන් වහන්සේ ත් මේ විදිහට මනෝකාය පාලනය කරපු උත්තමයෙක්. අපි බුදුදහමේ දී ඉර්ධිබලය කියලා කියන්නේ මේ මනෝකායේ බලයට තමයි.

    උදාඃ බුදුරජාණන් වහන්සේ ශ්‍රීලංකාව තුළ යම් ස්ථානයක වැඩවාසය කරනවා. ඉන්දියාව තුළ සිටින තැනැත්තෙකුට පිහිටවීමට බුදුරජාණන් වහන්සේට අවශ්‍යවෙනවා. එවිට බුදුරජාණන් වහන්සේ ඉර්ධිබලයෙන් එම ස්ථානයට වැඩම කරනනවා (බුදුරජාණන්වහන්සේ යම්කිසි තැනකට මනෝකාය යවලා ඊට පස්සේ තමුන්ගේ ශරීරය එතනට වැඩමකරනවා.මේක අංශු විදියට යන්නේ කියලා තමා කියන්නේ )

    astraltravel.jpg


    ඉහත උදාහරණයෙන් ඔයාලට මේ ගැන අදහසක් ලබාගන්න පුලුවන්වෙයි. ඒත් ඉහත උදාහරණයෙන් ඔයාලට ලොකු ගැටලුවන් එන්ණ පුලුවන්. මනෝකාය කියන්නේ අපේ ශරීරය තුළ පවතින නොපෙනෙන ශරීරයක්නේ ඒවගේ ශරීරයකින් බුදුරජාණන් වහන්සේ එම ස්ථානයට වැඩම කළාට වැඩම කළාට එහි සිටින අනිත් අයට බුදූරජාණන් වහන්සේව දිස්වන්නේ කෙසේද යන ප්‍රශ්නය. බොහෝ වශයෙන් මනස සැහැල්ලු කරගත් නිරවුල් කරගත් සුවිශේෂ උත්තමයෙකුට මේ මනෝකායේ ඝනත්වය වෙනස් කරන්න පුලුවන්.

    මේ දේ කියවලා ඔයාලගේ දැනුමට යමක් ලබාගත්තනම් මගේ උත්සගය සාර්ථකයි කියලා සතුටු වෙන්න පුලුවන් මේ පොස්ට් එකේ යම් යම් වැරදි තැන් තියෙනවනම් සමාවෙන්න . ආ... තව දෙයක් කියන්න ඕන මේ ත්‍රේඩ් එක ගැන දාන්න මට අදහසක් පහල කලේ "'මම' ඉන්නේ කොහෙද? Part-2" ත්‍රේඩ් එක .එහෙනම් මම නැති දවසක උනත් මේ එළකිරියටඇවිත් ඕනි කෙවෙකුට මේ shareeraය ගැන යම් දැනුමක් ගන්න පුලුවන්වෙයි . අපිගියා එහෙනම්!


    PLEASE READ www.ogatharana.org
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    මචන් මාත් දන්න ටිකක් එක් කලාට කමක් නෑ කියල හිතනව. ඔය මනෝකාය (Astral body) ගැන මාත් ගොඩක් දේවල් එකතු කලා. ඔක්කොම අන්තර්ජාලයෙන් එකතු කරපුව තමයි. ගත්ත තැන් නම් මගේ ලග නෑ.

    m1.jpg


    ගත් වෛද්‍යවරුන් මහාචාර්යවරුන් හා මනෝ විද්‍යාඥයන් විසින් ද, මියයාමෙන් පසුව ස්වාභාවිකව පළි පණ ලැබූ අයගේ “අන්තර් කාල සීමාව“ පිළිබඳව දීර්ඝ ලෙස පරීක්‍ෂණ පවත්වා තිබේ. මේ හැම පරීක්‍ෂණයකම ප‍්‍රතිඵලය වූයේ මරණය යනු ද්වීතීය ශරීරය නොහොත් මනෝකාය මිනිස් සිරුර හැර යාම සහ ප‍්‍රාණය යළි ලැබීමේදීම සිදුවන්නේ එය යළි සිරුර කරා පැමිණීමත්ය. ශරීරයෙන් පිටත්ව ගොස් යළි ශරීරය කරා පැමිණි අය පවසනුයේ එසේ සිය සිරුරෙන් පිටත ගතකළ කාලය තුළ බියජනක අත්දැකීම් හෝ බියට සමාන සිතිවිලි - දසුන් හා අත්දැකීම් හෝ තමා විසින්ම අත්දුටු අවස්ථා විරල බවය. මියගොස් යළි මෙලොවටම එන්නට දඟලන සිතකට සහයවන බියජනක එකී සිතුවිලි ගැන “ඩෙත් එන්කවුන්ටර්ස්” (Death Encounters) නැමති ග‍්‍රන්ථයේ මෙලෙස සඳහන් ය.

    එය ළඳකගේ කතාවකි.ඇය යළි පැමිණි විට කීවේ “..... මා හිතුවේ මා මැරිලා කියලයි. මා නම් සිටියේ මහා නරකාදියකයි.....” ඇගේ දෙනෙත් බියෙන් ගැහෙමින් තිබිණි. දෙවියනේ මම හිතුවේ මම ඉන්නෙ අපායක කියලයි අප ඇය සැනසූ නමුත් ටික වෙලාවකින්ම මේ අපායේ අත්දැකීම් ගැන අපට කීවාය....

    මළවුන් සමග කළ කතාබහ වලදී හා ඒ පිළිබඳ පර්යේෂණවලදී ෂද්‍යාඥයන්ට දැනගන්නට ලැබුණේ ඒ අය බොහොමයක් ම සිය අවමඟුල් උත්සව නැරඹූ අපූරු ආකාරයයි.මේ අනුව දැනට සොයාගෙන ඇති මනෝකාය පිළිබඳ වූ වෛද්‍ය නිගමනයන් මෙලෙස ය.තවදුරටත් පදිංචිය ගෙන යා නොහැකි තත්ත්වයට පත්වූ සිරුරකින් මනෝකාය ඉවත් වෙයි. කුමක් හෝ විද්‍යාවක් මගින් සැබෑ දේහය ඊට සුදුසු තත්ත්වයට ගෙනා විට මනෝකාය යළි එම සිරුරට එයි. නොහොත් යළි පදිංචිය ගනියි.නිතරම සිරුර තමා හැර යන මනෝකායේ යළි පැමිණීම අපේක්‍ෂාවෙන් ම සිටියි. සමාධිය - ධ්‍යානය - අසිහිය - ප‍්‍රමෝදය සුවය ආදි තත්තවයන් තුළදී ප‍්‍රාණය ශරීරය හැර ගියත් එකී සම්බන්ධය පරිපූර්ණව ඉවත් වී නැත. එය හුයක් (නූලකින්) සිරුර හා බද්ධව තිබේ. මෙය “හුය” මානව පියවි ඇසට නොපෙනේ.සිරුරක මිනිස් රශ්මි මාලාද, ශාරීරික රශ්මි මාලාව, මානසික රශ්මි මාලාව, මනෝමූල රශ්මි මාලාව සහ විහිදුම් රශ්මි මාලාව යනුවෙන් වර්ග කිහිපයකි.මරණයක් සිදුවූ වහාම, මොළයට ඔක්සිජන් සැපයීමෙන් අවශ්‍ය නම් පළමු රශ්මි මාලාව සිරුරෙහිම නොනැසී ඉතිරි කර ගත හැකිය.

    m2.jpg


    මනෝකාය, විවිධ නාමයන්ගෙන් හැඳින්වෙයි. ඒවා මෙසේය.ක්ෂූද්‍ර දේහය - Astral Body ද්විතීය ශරීරය - Secondary Bodyජීව ප්ලාස්ම සිරුර - Bio - Plasma Bodyබලශක්ති සිරුර - Energy Bodyඅප‍්‍රකට (සියුම්) ශරීරය – Subtle Bodyප‍්‍රතිරූප ශරීරය - Counterpart Bodyදිව්‍යමය සිරුර - Ethical Bodyජීවය (ප‍්‍රාණය) - Spiritආත්මය -Soul
    මෙතෙක් ලොව පහළවූ ආගම් මෙන් ම විද්‍යා - ශිල්ප විසින් ද මේවා ඊට අදාළ නාමයන් ආරූඪ කර භාවිතා කළ බැව් පැහැදිලිය. එහෙත් මේ සියල්ල හරහා අරුත් ගැන්වෙන්නේ එකම එක සාධකයකි. එනම් මනෝකායයි.


    බුද්ධ දේශනාවෙහි සඳහන් වන බවත් ඇතැම් සූත්‍ර දේශනාවල දැක්වෙන මනෝකාය අපේ මේ ද්විතීයක ශරිරයම බවත් විමර්ශකයෝ කියති. මෙතෙක් ප්‍රචලිත නොවූ නිසා අවශ්‍ය පමණ අවධානය නොලැබූ මනෝකාය ගැන සාමඥ්ඥඵල සූත්‍රෙයහි සඳහන් වෙයි.


    සාමඤ්ඤ ඵල සූත්‍රය -

    පුරුෂයෙකු මුදු තණ ගසකින් තණ බඩයක් ඇද මෑත් කරන්නා සේද, කොපුවකින් කඩවුක් ඇද මෑත් කරන්නා සේද කරඬුවකින් සර්පයෙකු ඇද මෑත් කරන්නා සේද යෝගාවචරයා තම සිරුරෙන් වෙනත් සිරුරක් එළියට ගන්නා බව සාමඤ්ඤ සූත්‍රයෙහි දැක්වේ. මේ හා සමාන විස්තරයක් මහා සකුළුදායී සූත්‍ර යෙහිද දැක්වේ.


    සකුළුදායී සූත්‍රය -
    මෙහි සිරුරට යොදා ඇති විශේෂන සියල්ල සූත්‍රය තරම් වැදගත් කමකින් යුතුය. රූපවත් වූ මනෝමය වූ සියලු අංග ප්‍රත්‍යංග සහිත වූ හීන නොවූ ඉන්ද්‍රියෙන් ඇත්තාවූ යන විශේෂණ සහිතවූ එලියට ගන්නා සිරුර මාංශමය සිරුර තුළම සැඟවි තිබුණු එකකි.


    පොට්ඨපාද සූත්‍රය -
    පොට්ඨපාද සූත්‍ර යෙහි ප්‍රහාණය කිරීමට නිර්දේශිත රූප මනෝමය අත්ත පටිලාභය හා මෙකී එලියට අදින සිරරුද එක සමානය.


    අග්ගඤ්ඤ සූත්‍රය -
    විවෘත වන හෙවත් විවට්ටමාන කාලයේදී ලොව පහළ වන සත්වයන් ද මනෝකායික සත්වයන් බව අග්ගඤ්ඤ සූත්‍රයෙහි සඳහන් වෙයි. පුනර්ජන්මය සිදු විමේදි පැමිණිය යුතු යැයි සඳහන් ගන්ධබ්බයාගේ සම්භාවයද බොහෝ දුරට මනෝකායට සමානය.

    සූත්‍ර දේශනා වල බොහෝ තැන්හි සඳහන් අන්තරාභවිකයා ද මේ මනෝකාය ඇත්තෙකු බව පෙනේ. පටිච්චසමුප්පාද අංග අතර සුපතළ උපාදාන පච්චයා භදෝ යන අංගයන් මනෝ කාය යැයි කිව යුතු අන්තාරාබවය ද, එම භවයෙන් උප්පතිය භවය නම් වූ ජාති අංගයද ලෙසද ගත යුතු යැයි මේවායේ පැටලිලි තේරුම් කිරිමේදී ඇතැම් විමර්ශකයක් විසින් පෙන්වා දී තිබේ.

    මනෝකාය මුලුමනින්නම සංවේදි කයකි. මනෝකායට සියල්ල පෙනේ, සියල්ල ඇසේ, සියල්ල දැනේ, ඔනෑම තැනකට වේගයෙන් පාවී යැවේ. කඳු හෙල් ගස්වැල් බාධක නොවේ. මේ වනාහී අප දන්නා දිග පළල උස යන ත්‍රිමාන තලයට වෙනස් තලයකි. අපට නොතේරෙන දේවල් නැතියි කීම මෙතෙක් පැවති උගත්කමය. එහෙත් දැන් අපට නොතේරුනු පලියට නැතිය නොකියා නිහතමානි ලෙස අපේ දන්නා තරම සහා නොදන්නා තරම තේරුම් ගැනිම වඩා හොඳය. දිවැස සහ දිවකණ මේ ඇසේම මේ කනේම විඥ්නය ප්‍රබල කිරිමකි. පරචිත්ත විජානනය පුද්ගලයන්ගේ හැසිරිමෙන් අපටම සිතාගත හැකි නම් ඊට වඩා පුහුණු කල සිතකින් එය ඊට වඩා හොඳින් කළ හැකි විය යුතුය. අධිමානසික මේ හැකියාවන් සත්‍ය නම්, අධීමානසික විද්‍යාව නිවැරදි නම් මනෝකාය අපේ අභෟතිකය කයට වඩා අපූරු ශකති ශරියයකි, හෙවත් ඇසට්‍රල් බොඩියකි.


    m4.png


    m3.png



    m5-1.png


    m6.png


    m7.png

     
    • Like
    Reactions: jeffli