නොමිනිසුන්

AnurangaSS

Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    kawda oi thamuse !!!

    paw kara katha kiyanna epa oi...

    thamusetat ohoma deyak wunama therei...kalakanni kata kiyanna epa!!!

    yako ali kiyanneth...sathwa kottasayak..anika unta jiwath wenna aithiyath thiyenawa.....
    ape kalakanni...unawa nikan maral dammata....

    anika ape haththa dana ganna one..alinta enna ona parisarayak....
    hadanna

    ape deshapaluwo kiyana kala kanni nisa tami me hama magulama wenne

    paw ahinsaka saththu




    yes
     

    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    saddanta kule lankawata ithiri wela hitapu hodama lokuma dala tiyena atha.salli walata ballo unat marana lokayaka salli watala athek nomaraida lanakawe un.kohoma unat oya atha marapu 1ta nam oka karapu ewnata was wadinawa aniwarayai.1n berenna mona pujawa karat ba.wadikal yahatin inna labenna okunta..
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    අලිමංකඩකදී දිවිපිදූ නියපොත්තා
    alimankada1.jpg


    අලි මිනිස්‌ ගැටුමේ අලුත්ම බිල්ල බවට පත්වෙමින් නියපොත්තා නමැති වල් අලියා ඉකුත් 25 දා සවස මරණයට පත්විය. නියපොත්තා ෙ€දජනක ලෙස මරණයට පත්වන අයුරු සංවේදීව බලා සිටීමට අපටද සිදුවූහ. එය සිදුවූයේ නාඋල ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ බඹරගහවත්ත ගමෙහි පිහිටි මීවැල්පිටිය ජලාශය තුළය.

    සද්දන්තයා මිය යන විට උගේ පසුපස පාදය දරුණු ලෙස තුවාල වී තිබූ අතර පාදයේ අස්‌ථි පෙනෙන තරමටම එය උග්‍ර වී තිබිණි. ඒ හැරුණු විට සිරුර පුරා ස්‌ථාන රැසකම වෙඩි පහර වැදී තිබුණු බවට සළකුණු ද විය. ඒ සියල්ල කියාපෑවේ නියපොත්තා සහ රජරට ගොවි ජනතාව අතර පැවැති වසර 30 ක අලි මිනිස්‌ ගැටුමේ කනගාටුදායක කතා පුවතය.

    නාඋල නැගෙනහිර මායිමේ පිහිටි ගම්මානවලට අවුරුදු 40 ක්‌ පමණ වූ මේ දරුණු නියපොත්තා අමුත්තකු නොවීය. වස්‌ගමු වනෝද්‍යාන මායිම ඔස්‌සේ පැමිණ ගිරිතලේ මින්නේරිය රක්‌ෂිත කලාප පසුකමින් නාඋල ප්‍රදේශයට ගම් වදින නියපොත්තා වසරකට කීප වරක්‌ම ගම්මාන රැසක ජනයා භීතියට පත් කරමින්ද, බව භෝග විනාශ කරමින්ද නිතර සැරිසැරුවේය.

    උගේ එක්‌ පාදයක නියපොත්තක්‌ විශාල ලෙස වැඩී තිබිණි. මහමඟ ඇවිද යද්දී එය ටකස්‌ ටකස්‌ හඬින් පොළොවේ ගල්මුල් වල වැදෙයි. නියපොත්තා ඇවිද ගිය පසු පොළවේ තැන තැන එම නියපොතු පහර වැදී තිබිණි. එනිසාම ඌ ප්‍රදේශයට හුරු පුරුදු වූයේ නියපොත්තා නමිනි.

    මාරාගමුව, පුබ්බිලිය, ගල්බොඩ, කඹරව, හැළඹගහවත්ත, බඹරගහවත්ත, කෝන්ගහවෙල නයාකුඹුර යන දඹුලු කැලෑව අසල පිහිටි ගම්මාන සියල්ල නියපොත්තාගේ වන රජ දහනට අයත් විය. ප්‍රදේශවාසීන්ගේ මතය වූයේ ඌ මිනීමරුවකු බවය. ඒ හැර උගෙන් අනූනවයෙන් මෙන් බේරුණු විශාල ගොවියන් හා ගැමියන් ප්‍රමාණයක්‌ද වෙති. මේ හේතු නිසාම ප්‍රදේශයේ ගම්මාන දහයක දොළහක ගම්වාසීන් අලි කෙරෙහි දක්‌වන්නේ දැඩි වෛරයකි. ඒ වෛරය වනජීවී නිලධාරීන්ට මෙන්ම ප්‍රදේශයේ වගකිව යුතු නිලධාරීන් වෙත එල්ල වූ අවස්‌ථාද විය.

    සිංහල අවුරුදු ගෙවී යද්දී දරුණු ලෙස තුවාල වූ අලියෙකු බඹරගහවත්ත ආශ්‍රිත කැලෑවේ සැරිසරණ බවට තොරතුරු ලැබිණ. ගම්වාසීහු එම ප්‍රදේශයට යැම ඊම අත්හල නමුත් බලධාරීන්ට ඒ පිළිබඳව දන්වා යෑවීමටද ඔවුහු ක්‍රියා කළහ. හැළඹගහවත්තේ, මොක්‌සිරි බඹරගහවත්තේ බණ්‌ඩිරාළ, ගොඩයාගේ හේරත් යන අය එලෙස අලියා ගැන වගකිවයුත්තන්ට දන්වා යෑවූ ගැමියන්ය. ඒ හැර ඔවුහු ගම්වාසීන්ට මතක්‌ කළේ... ඕන්න... වෙඩි වැදිලා තුවාල වුණු තනි අලියෙක්‌ කැලෑ වැදිලා ඉන්නවා.... උඹලා එහෙම එහෙ මෙහෙ යන්න එපායි... කියමිනි. ගම්මු ඒ අනුව ක්‍රියා කළහ. එහෙත් මේ අතරේ ඒ කියමන නෑසූ දෙදෙනෙක්‌ද වූහ. ඒ බඹරගහවත්ත ප්‍රදේශයේ කොලු පැංචන් දෙදෙනෙකි.

    දෙදෙනාම පාසල් යන වයසේ වුන්ය. 1865 ආරම්භ කොට ඇති පුබ්බිලිය විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන මොවුහු වනය සහ සතා සීපාවා පිළිබඳව අතැඹුලක්‌ මෙන් දැනගැනීමේ අටියෙන් නිතර වන වැදෙන දෙදෙනෙකි. ඔවුන්ටම සරිලන බලුපැටවෙකුද සමග කරක්‌ගහනා ඔවුන්ට මීවැල්පිටිය ජලාශය නිවහනකි.

    තුවාල ලත් වන අලියාගෙන් වැඩිහිටියන් ඈත්වෙද්දී ඌ වෙත නිරතුරුව ළං වූ මොව්හු වන අලියාගේ ගමන් බිමන් පිළිබඳව නිරතුරුව අවදානයෙන් පසුවිය. කීපවිටක්‌ම කොල අතු කඩාදෙමින් අසරණයාට උවැටැන් කිරීමටද කටයුතු කර තිබූ ඔවුහු 25 වැනිදා වන විට තුවාල ලබා අසරණව සිටි අලියාට වඩාත් මිතුරුව සිටි බවද ප්‍රදේශවාසීහු කියා සිටියහ.

    බුද්ධික කුමාර ඉන් එක්‌ අයෙකි. අනෙකා ඒ. ජී. දිලූක ප්‍රමෝදනය. පාසලේ දී කළ චණ්‌ඩි වැඩක්‌ හේතුවෙන් පාසල හැර යැමට සැරසෙමින් සිටියද අලියාට ළෙංගතුවීම නිසා ප්‍රදේශවාසීහු කොලු දෙදෙනා ගැන ප්‍රශංසාවෙන් කතා කළහ.

    අසරණ සද්දන්තයා පිළිබඳව තොරතුරු මාධ්‍යයට ලබාදීමටද මාධ්‍යවේදීන් කීපදෙනා වන අලියා අසලට ගෙන යැමටද ජලයේ රැඳී සිටින අලියා වැව් ඉව්රට ළං කරදීමටද ඔව්හු සමත් වූහ. කඩියන් මෙන් දුවමින් ගල්මුල් මතින් පනිමින් දියට පැනගිය ඔවුහු අලියා අවසන් හුස්‌ම හෙළා ඇති බව ස්‌ථිර ලෙස පළමුව අපට වාර්තා කිරීමටද කටයුතු කළේ වේදනා සහගතවය.

    ඒ සිදුවීම දිලූක විස්‌තර කළේ මෙසේය.

    අපි ජලාශයට නාන්න යනකොටයි. අලියා දැක්‌කෙ. ඌ එතකොටත් කකුල තුවාල වෙලා හොඳටම අමාරුවෙලයි හිටියෙ. පයක්‌ තියල පයක්‌ ගන්නවත් හයියක්‌ තිබ්බෙ නෑ. අපි දෙන්නා දවස්‌ දෙක තුනක්‌ම අලියා ගැන හොයලා බැලුවා. යන්නෙ කොහෙද කියලා හොයලා බැලුවා. ඊට පස්‌සෙ තමයි ලොකු අයට කීවේ. 25 දා දවල් වනජීවී දොස්‌තර මහත්තයා ආවා. අලියට බෙහෙත් විද්දා. එතකොටත් ඌ හිටියේ ජලාශයෙ ගැඹුරු නැති හරියෙයි. බෙහෙත් විදලා ටික වෙලාවකින්ම අලියා ටිකෙන් ටික ටිකෙන් ටික වතුරට පාත්වෙලා අන්තිමේ සද්දයක්‌වත් හෙලවීමක්‌වත් නැතුව ගියා. අපි දැනගත්තා මැරුණා කියලා. අපිට හරි දුකයි කලිං බේතක්‌ හේතක්‌ කළා නම් බේරාගන්න තිබුණා. දිලූකට බුද්ධිකද එකතුවිය. දෙදෙනාගේම දෙනෙත්වල කඳුළු විය.

    අපි මීළඟට යොමුවූයේ අලියාට අවසන්වරට ප්‍රතිකාර කළ මහවැලි කලාප භාර පශු වෛද්‍ය නිලධාරී ඩබ්. ඒ. ධර්මකීර්ති මහතා සමඟය.

    මේ අලියට මීට පෙර දෙවතාවක්‌ම බේත් විද්දා. අද වෙනකොට නම් බේරාගන්න පුළුවන්කමක්‌ තිබ්බෙම නෑ. ඒ තරමටම ඌගේ තුවාලය දරුණුවෙලයි තිබුණෙ. අපි ප්‍රතිජීවක ඖෂධ එන්නත් කිරීම පමණයි කළේ. මේ දින ටිකේම අලි මරණ සිදුවෙනවා. අපිට කරන්න පුළුවන් උපරිමය කළත් ඇතැම් සතුන් බේරාගන්න අමාරුයි. අලි මිනිස්‌ ගැටුම ලංකාවේ තමයි උග්‍ර ලෙසම තියෙන්නේ. මේ සතාත් ඒ ගැටුමට මැදිවෙලා වෙඩි කාලා මදුවලට අහුවෙලා දරුණු වුණු සතෙක්‌. ඉදිරි කාලය තුළ අලි මිනිස්‌ ගැටුම් තවත් උග්‍රවේවි. අලි 6000 ක්‌ පමණ දැනට ලංකාවේ ඉන්නවා, අලිමංකඩවල් සියල්ලම මේ වනවිට ඇහිරිලා හරි සංවර්ධනයට යොදාගෙන හරි තියෙනවා. උන්ට ඉන්න තියෙන වනයත් සීමාවෙලා" වෛද්‍යවරයා කීවේද කනස්‌සල්ලෙනි.

    පසුගිය කාලය තුළ වන අලි 14 ක්‌ අපි සාර්ථකව ඇල්ලුවා. දෙන්නෙක්‌ මැරුණා. හැබැයි වැඩිපුරම කතා කළේ ඒ මැරුණු දෙන්නා ගැන පමණ කැයිද වෛද්‍යවරයා කීවේ නෝක්‌කාඩුවක ස්‌වරූපයෙනි.

    නියපොත්තා මියයන්නේ මොරගහකන්ද ජලාශ වැඩබිම සමීපයේය. මොරගහකන්ද ජලාශය මෙන්ම කළුගඟ ජලාශය ඉදිවන්නේද පාරම්පරික අලිමංකඩ දෙකක්‌ මතය. දැනටමත් එම කලාපයේ ගම්මාන 58 ක්‌ වන අලි උවදුරට මූණ දී තිබේ. සංවර්ධන යෝජනා ක්‍රමත් සමඟම අලින්ගෙන් මිනිසුනුත්, මිනිසුන්ගෙන් අලිනුත් රැකගැනීමට පියවර ගත යුතුය යන්න පිළිගත් මතයකි. එහෙත් සිදු නොවන්නේද ඒ ටිකමය.

    කෙසේ හෝ පරිශ්‍රමයක්‌ දරා ජලාශයෙන් ගොඩගත් නියපොත්තාගේ සිරුර ඉකුත් 26 දා මිහිදන් කරන්නට ප්‍රදේශවාසීන්ගේ සහය ඇතුව වනජීවී නිලධාරීහු ක්‍රියා කළහ.

    එහෙත් අලි මිනිස්‌ ගැටුම පිළිබඳ කාතාන්දරය එලෙස පහසුවෙන් මිහිදන් කළ නොහැකිය.