නොමිලෙ Android PC හැමොටම.....

Max_r

Well-known member
  • May 10, 2007
    12,977
    1
    15,762
    113
    නොමිලෙ Android PC හැමොටම.....

    නොමිලෙ Android PC හැමොටම...


    හැ :O
    මෙ මම දකින්නෙ සිහිනයක්ද,
    තොප්පියා නිකන් කොම්පූටර් දෙන්නද හදන්නෙ??


    ඔහ්!
    එහෙම කොම්පූටර් දෙන්න මට ශල්ලි නැ.. :D

    කස්ටිය දන්නවනෙ ඉතිං ඇන්ඩ්රොයි කිව්වම,
    මෙ කාලෙ නොදන්න පොඩි එකෙක් නැ ඕක ගැන...

    නොදන්න අයත් ඉන්න නිසා පොඩි හැදින්වීමක් කරන්නම්..

    Android කියන්නෙ නොමිලෙ දෙන මෙහෙයුම් පද්ධතියක්
    අර OS කියලා කියන්නෙ..
    ජංගම දුරකතන වලට තමයි බහුලව යොදාගැනෙන්නෙ :)

    හරිනෙ,

    හරි හරි...
    අද කියන්න ආපූ දෙ කියන්නම් කො එහෙනම්..

    අද කාලෙ හැටියට ඔය ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් මාර ගනනෙ අෆ්ෆා..
    ඔව්වා ගන්න කොහෙන්ද ශල්ලි.
    දැන් හැමෝට අමුත්තෙක් උන මෙ ඇන්ඩ්‍රොයිඩ් os එකෙ මොකක්ද තියෙන වෙනස..

    පාවිච්චි කරන්නෙ නැතිව කොහොම කියන්නද :P

    අන්න, මට ඕනෙ ටොපික් එක :D
    ඇන්ඩ්‍රොයි os එකත් එක්ක පොඩ්ඩක් වැඩ කරන්න.. ලෙසි ක්‍රමයක්
    විදින්න ඇන්ඩ්‍රොයිඩ් වෙනස,

    එහෙනම් අහගෙන ඉන්න
    අද මන් කියන්නෙ යන්නෙ අපෙ කොම්පුටරේට Android දාගන්න විදිය,
    (කිසිම අව්ලක් නැතිව.)

    හරි එහෙනම් මෙන්න ඕනැ කරන බඩු ලැයිස්තුව, බාගන්න එහෙනම්..
    (කිසි අව්ලක් නැ ඔක්කොම නොමිලෙ දෙන් එව්වා තියෙන්නෙ)

    1. Virtual BOX
    2. HJ split
    3. Andriod OS Part 1 - Part 2

    (Virtula box යොදා ගන්නෙ නොමිලෙම හා පහසුවෙන් භාවිතා කිරිමට හැකි නිසා)

    ඔය ඔක්කොම ටික බා ගන්නකො එහෙනම්,(ඔක්කම බාගෙන ඉන්න අනිවාර්යයි)

    1. බාගෙන මුලින්ම ඔපෙන් කරන්න HJ split කියන එක.
    ඔපෙන් කරාම එන්නෙ මෙහෙම වින්ඩෝ එකක්.​
    1.JPG

    ඔය ආපු වින්ඩො එකෙන් තොරන්න join කියන එක.

    එහෙම එබුවම එන්නෙ input file කියලා එකකුයි output කියලා එකකුයි
    මෙ තියෙන්නෙ ඒක.​
    2.JPG


    ඔබන්න input file කියන එක.
    එහෙම ඔබලා තොරන්නකො අපි බාගත්තු android os එකෙ part 1 එක.
    (part 2 එකත් part 1 එක තියෙන තැනම තියෙන්න ඕනෙ)

    හරි දැන් part 1 එක තෝරලා output කියන එකට කැමති තැනක් දෙන්න
    (නැතිනම් output එක එන්නෙ part 1 එක තියෙන තැනටම තමයි)

    ඒකත් හරිනම් ඔබන්න start බටන් එක.
    (දැන් පෙනේවි ෆයිල් 2 join වෙනවා comlete කියලා මැසේජ් එක ආවම ok කරන්න)

    බලන්න කො output එකට තෝරපු තැනට ගිහින්
    "liveandroidv0.3" නම තියෙන 172MB ෆයිල් එකක් තියෙනවා නේද කියලා. :)



    2. install කරගන්න Vitual Box එක
    ( වැඩි දෙයක් නැ next කිහිපයක් දුන්නම හරි)

    3. දැන් තමයි ඔන්න වැඩෙට එන්ටර් වෙන්න හදන්නෙ..
    (මෙ වෙන කොට අපි බා ගනිපු android os එකෙ කොටස් 2 එකතු කරලා
    සහ Virtual box එක install කරලා තියෙන්නෙ)

    ඔපෙන් කරගන්න Virtual Box එක.
    මෙ වගෙ වින්ඩො එකක් ඒවි.​
    3.JPG

    (අවශ්‍ය ටික විතරයි ෆොටො එකෙ තියෙන්නෙ)

    4. දැන් ඔබන්න ඔය නිල් පාටින් තියෙන new කියන එක.
    මෙන්න එන විදිය
    4.JPG

    next කරන්න​

    5. දැන් තියෙන්නෙ නමක් දාන්න සහ os type එක තෝරන්න
    මෙන්න එන විදිය.
    5.JPG


    හරි,
    තමන්ට කැමති නමක් දෙන්න පුලුවන් නම විදියට.
    Operating system කියන එකට තෝරන්න linux
    version කියන එකට දෙන්න other linux

    එහෙම දීලා ආයෙ next කරන්න

    6. මෙ වින්ඩො එකෙන් එන්න රැම් ප්‍රමානය තෝරන්න.
    (512MB තේරුවනම් වැඩිත් එක්ක)
    6.JPG

    ඔබන්න ආයෙමත් next

    7. දැන් එන්නෙ අපි හදන බොරු මැශිමෙ හාඩ් එකෙ සයිස් එක තෝරන්න
    create hard disk කියන එකට tick එක වැටිලා තියෙන්න ඕනෙ.

    දැන් ඔබන්න ආයෙ next.
    මෙන්න next එබුවම එන විදිය
    7.JPG


    ඔබන්න ආයෙම next බටන් එක

    8. දැන් එන්නෙ storage type එක තොරන විදිය
    (දැන් ටික් එක වැටිලා තියෙන විදියටම තියන්න එ කියන්නෙ Dynamically විදියට)
    මෙන්න රූපෙ
    8.JPG

    ඔබන්න ආයෙමත් next

    9. දැන් එන්නෙ හාර්ඩ් එකෙ සයිස් එක මෙන්න එන විදිය.
    9.JPG

    (1GB දුන්නම් වැඩිත් එක්ක)
    ඔබන්න ආයෙ next

    10. දැන් පෙන්වන්නෙ summery එක
    10.JPG

    ඕකෙ ඔබන්න finish

    11. දැන් මෙන්න එන විදිය.
    11.JPG

    දැන් ගොඩක් වැඩ ඉවරයි..

    අන්තිම හරිය ඔන්න දැන් පටන් ගන්නෙ,

    12. ඔබන්න කො ඔය උඩ ෆොටො එකෙ තියෙන settings කියන කහපාට බටන් එක,
    මෙන්න එන විදිය,
    12.JPG

    13. දැන් ඔය setting වින්ඩොව් එකෙන් ඔබන්න වම් පැත්තෙ තියෙන storage කියන එක
    මෙන්න එහෙම එබුම එන විදිය,
    13.JPG


    14. දැන් එහෙම එබුවම එන IDE controller එකෙන් තොරන්න empty කියන එක
    (එහෙම තේරුවම එනවා දකුනු පැත්තට වෙන්න attributes කොටසෙ CD/DVD Drive කියලා එකක්)

    15. දැන් පහල රූපෙ තියෙන විදියට අංක එක ඔබන්න එහෙම එබුම අංක දෙක කියන කොටස එනවා
    14.JPG

    එහෙම ආවම අංක දෙක කියන තැනත් ඔබන්නකො ඔබන්නකෝ

    16. හරි එහෙම අංක දෙක කියන තැන එබුවම, එනවා iso එක තියෙන තැන තොරන්න
    (iso කියන්නෙ අපි බාගෙන join කර file format එකට)

    17. දැන් තෝරන්නකො අපි හදාත්තු 172MB ෆයිල් එක.
    (මෙන්න තෝරන වෙලාවෙ 4ටො එක)
    15.JPG

    දැන් එහෙම තොරලා ඔපෙන් කරන්නකො.
    එහෙම ඔපෙන් කරාම එනවා ආයෙමත් settings කියන වින්ඩොව් එක,ඒක ok කරන්න

    18. හම්මෙ දැන් නම් 98% ඉවරයි වැඩෙ, දැන් අපි ආයෙමත් ඉන්නෙ 11 step තියෙන වින්ඩොව් එක

    හැරි එහෙනම් ඔබන්න start කියන බටන් එක,
    (ඔය කොල පාට ඊතලයකින් තියෙන්නෙ)

    19. දැන් එහෙම start කරාම අපෙ බොරු මැශින් එක boot වෙන්න ගන්නවා,
    මෙන්න boot උනාට පස්සෙ එන විදිය,
    16.JPG

    ඔකෙන දැන් තෝර ගන්න 1024*768 කියන එක (keyboard එකෙන් තෝරන්න)
    එන්ටර් (Enter) එකක් දෙන්න,

    20. මෙන්න android welcome screen එක
    17.JPG

    (සුටුස් ගාලා ලෝඩ් වෙනා හොදෙ,)


    21. මෙන්න බලා ගන්න Android කෝම්පූටර් එක මගෙ
    (මම මෙ full screen දාලා නෙවෙයි ෆොටො එක ගත්තෙ.)
    18.JPG



    එහෙනම් කස්ටිය පොඩ්ඩක් භාවිතා කරලා බලන්නකො, හැබැයි මතක තියා ගන්න මේක moblie os එකක්
    ඒක නිසා mouse එක ගන්නෙ නැ, කී බොර්ඩ් එකෙන් ඔක්කොම වැඩ ටික කරගන්න පුලුවන්,

    android වලින් මගෙ blog එක :D (සිංහල නැ හොදෙ)
    19.JPG


    මෙන්න මෙනු එක Android වල
    20.JPG

    අහ් ඔය මැශින් එක ඔෆ් කරන්න නම් සාමාන්‍ය විදියට close ලකුන ඔබන්න, ඇන්ඩ්‍රොයිඩ් වල ශට් ඩවුන් කරන්න බැ නෙ :D


    හම්මෙ වැඩෙ නම් ඉවරයි, ප්‍රශ්න එහෙම සැහෙන ඇති නෙ :D අහන්න අහන්න :D



     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,143
    12,124
    113
    Ohio, USA

    හරි එහෙනම් මෙන්න ඕනැ කරන බඩු ලැයිස්තුව, බාගන්න එහෙනම්..
    (කිසි අව්ලක් නැ ඔක්කොම නොමිලෙ දෙන් එව්වා තියෙන්නෙ)

    1. Virtual BOX
    2. HJ split
    3. Andriod OS Part 1 - Part 2

    (Virtula box යොදා ගන්නෙ නොමිලෙම හා පහසුවෙන් භාවිතා කිරිමට හැකි නිසා)




    මේවායි ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් ලින්ක්ස් තියෙනවනම් දෙන්න පුලුවන්ද? විශේෂයෙන්ම Andriod OS Part 1 - Part 2 එකේ :yes:
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    නයිස් වර්ක් මචන් මම සැරයකුත් දැක්කා කව්රුහරි දාලා තිබුනා ඒකටත් වැඩිය හොදට උබ ත්‍රෙඩ් එක කරලා
    ස්තුතියි