තරුණ පරපුර අන්දවන්න භාවිතා කරන ප්රසිද්ධ ලාභ සටන් පාඨයක් විතරයි මේක.
ඒකත් හරියට රනිල්ගෙ බ්රේස්ලට් කතාව වගේ තමා.
සටන් පාඨ හිග අයට ඔය වගේ මොනවා හරි අල්ල ගන්න අද සිදුවෙලා නැත්නම් ලේ ටිකක් හෝ මළ මිණියක් ඔවුන්ට ඉතා වටිනවා.
එහෙම නොමිලේ දුන්නොත් වෙන්නෙ තරුණ පරපුර අන්තර් ජාලයට තව තවත් ඇබ්බැහි වෙන එක විතරයි. රෑ තිස්සෙ නිදිමරාගෙන නෙට් එකේ එල්ලිලා ඉදලා උදේට පාසැලට කාර්යාලයට යන අය නිදි කිරමින් මන්දගාමීව වැඩ කරන එක ඔවුන්ටත් රටටත් අවැඩක් මිස වැඩක් වෙන්නෙ නෑ.
ඒකෙන් බෙලහීන ජාතියක් මිස දියුණුවක් ගැන සිතිය නොහැකිය.
අනෙක නැගිටින්න හදන රටකට නිකන් දෙන කොයි දේත් වාගේ ශාපයක් මිස ආශිර්වාදයක් වෙන්නෙ නෑ.
අපි අපි ගැනම හිතුවත් දැනට තියෙන මිළ, වේග සීමාව, ධාරිතා සීමාවන් නිසා යම් පාලනයක් තියෙනවනේ. ඒක නැතිව නිකන් ලැබුණ දාට නගරසභා පයිප්පෙ වගේ වෙයි.