නෝට්පෑඩ්_එකක්_පාවිච්චියෙන්
1. ඔෆිස් වාර්තා තියාගන්න නෝට් පොත
මේක ටිකක් කරදරකාරී වැඩක් කියලා පෙනෙයි. හැබැයි හිතන තරම් කරදරයක් නෑ. ගන්න හොඳ නෝට් පොත් දෙකක්. අර පිටු අංක තියෙන, දිනේ දාන්න තියෙන නෝට්බුක් නම් ඒවා වඩාත් හොඳයි. දැන් ඔය එක නෝට්බුක් එකක් හැමවෙලාවේම අතේ තියෙන්න ඕන නෝට්බුක් එක. ඒ නිසා ඒකත් එක්ක පෑනකුත් තියෙනවා නං මරු. ඕකේ තමයි ඔෆිස් වැඩ වලට අදාළ හැම කුණුහරුපයක්ම ලියන්න ඕන. නෑ කුණුහරුප නෙවෙයි. හැබැයි මීටින් එකකදී කතාබහ වෙන වැදගත් දේවල්, බිස්නස් ප්ලෑන්, වෙනත් ඔෆිස් එකට අදාළ වෙනස් සැලසුම් වගේ හැම එකක්ම මේ පොතට ඇතුළත් වෙන්න ඕන. සමහර කම්පැණි වල මැනේජ්මන්ට් මීටින් එහෙම තියනකොට සටහන් තියාගන්න පෞද්ගලික ලේකම්වරු ඉන්නවා. ඒ හිටියට කමක් නෑ. ඔබේ රැකියා තනතුරට අදාළ වෙන, ඔබේ වගකීම් වලට ඇතුළත් වෙන දේවල්, තීරණ වගේ දේවල් ලියාගන්න. මේකට හේතුව සරලයි. අපි හැමෝම පුරුදු වෙලා ඉන්නේ මීටිමකදී කියන කතාකරන දේවල් ඔලුවේ තියාගන්න. හැබැයි අපිට ඒ දේවල් ඔලුවේ රෙකෝඩ් වුනත් අවශ්‍ය වෙලාවට ඇදලා ගන්න බැරි වෙන්න පුලුවන්. හැබැයි නෝට්පොතකට දේවල් අමතක වෙන්නෙ නෑ.
2. දෙවෙනි නෝට් පොත කරන්න ඕන වැඩ රෙකෝඩ් කරගන්න
දැන් අපි දවසේ කරන්න ඕන වැඩ රෙකෝඩ් කරගන්නේ කොහොමද? මොළේ රෙකෝඩ් කරගන්න එක තමයි ගොඩක් අය කරන්නේ. හැබැයි අනිවා වෙන්න පුලුවන් දේ තමයි මෙතනින් වැඩ කීපයක් වත් හැලෙන එක. දැන් ඔය ප්‍රශ්නේ විසඳගන්න පුලුවන් නෝට් පොතක් පාවිච්චි කළොත්. මෙතනදී සමහරුන්ට දිනපතා වැඩ පටන් ගන්න කලින් දවසේ කරන්න තියෙන වැඩ නෝට්පොතේ රෙකෝඩ් කරගන්න පුලුවන්. ඕන නම් සතියේ කරන්න තියෙන වැඩ ටික නෝට් පොතේ පොයින්ට් ෆෝම් එකට ලියාගන්නත් පුලුවන්. හැබැයි මතක තියාගන්න. මේකට තමන්ගේම සිස්ටම් එකක් හදාගන්න එක තමයි වැදගත් වෙන්නේ. උදාහරණයක් විදියට ගත්තොත් බුලට් පොයින්ට් දාන බුලට් සංකේතයන් ටිකක් හදාගන්න පුලුවන්. ඒ කියන්නේ කරන්න ඕන ඔෆිස් වැඩ වලට ධන ලකුණු. කෝල් කරන්න ඕන ඒවට ඉරි. ඔෆිස් එකෙන් පිට කරන්න ඕන වැඩ වලට රවුම්. ප්‍රමුඛතාවය වැඩියෙන් ලැබෙන වැඩ වලට බුලට් එකට අමතර තරු ලකුණක්. අත්‍යාවශ්‍ය හදිසි වැඩක් නම් තරු දෙකක්. ඔන්න ඔය විදියට. හැබැයි කරන වැඩ හරස් ඉරකින් කපලා දාන්න ඕන. එතකොට කරන්න තියෙන දේවල් දන්නවනේ.
Bulletjournal.com කියන්නේ මේකට තමන්ගේ ක්‍රමයක් හදාගන්න හැටි ඉගෙන ගන්න හොඳම තැනක්
3. වැඩ වාර්තා නෝට් පොතෙන් ටු ඩූ ලිස්ට් නෝට් පොතට
දැන් ඔය මීටිමේදී එහෙම කතා බහ වෙන දේවල් තියෙනවනේ ඉස්සරහට කරන්න ඕන වැඩ. ආන්න ඒවා එන්න ඕන වීක්ලි ප්ලෑනර් එකටයි ටු ඩූ ලිස්ට් නෝට් පොතටයි. ඒවා ගොඩක් වෙලාවට කරන්න පුලුවන් දවසේ වැඩ අවසාන කරන කටයුත්ත විදියට. හැබැයි මෙතනදී මෙහෙම දේකුත් තියෙනවා. අපි කියමු මීටින් එකකදී බිස්නස් ප්ලෑන් එකක් ගැන කතා කරනවා. එතකොට කෙලින්ම දවස අන්තිමට ටු ඩූ ලිස්ට් එකකට වැඩ එකතු කරනවට වඩා ඒක සංකීර්ණයි නේ. ඉතින් එහෙම දේවල් ගැන නෙවෙයි මේ කියන්නේ. උදාහරණයක් විදියට බොස් කියනවා අහවලා එක්ක කතා කරලා මීටිමක් දාගන්න ඕන කියලා. ආන්න ඒක එතකොට ටු ඩූ ලිස්ට් එකට ඇතුළත් වෙන්න ඕන. දැන් ඒ කෝල් එකෙන් පස්සේ මීටින්ග් එක කන්ෆර්ම් කරගන්න දවස් දෙකකින් කතා කරන්න කිව්වොත්, කම්ප්ලීට් කරපු වැඩේ කපලා දවස් දෙකකට පස්සේ ටු ඩූ ලිස්ට් එකට ආයෙමත් කන්ෆර්මේෂන් කෝල් එක ඒ මොහොතේම ඇතුළත් කරගන්න ඕන. අන්න ඒ විදියට සිස්ටම් එක පවත්වගෙන යනකොට කිසිම වැඩක් මග ඇරෙන්නෙ නෑ. ඒ විතරක් නෙවෙයි, කරන වැඩ වල රෙකෝඩ් එකකුත් තියෙනවා.
-Aniwa.lk-
Rep++

Last edited: