කොරෝනා වසංගතය හමුවේ අප රටේ අනාගතය යහපත් වේද - අයහපත් වේද යන්න කාසියක් උඩ දමා වාසනාව උරගා බැලිය යුතු අකාරයේ හැඟීමක් මාධ්‍ය මගින් උවා දක්වන පුවත් මගින් ඇති කරයි.
කොරෝනා වෛරසයේ පැතිරී යාම යම් ආකාරයක සාර්ථක මැඩලීමක් ජනාධිපතිවරයා, අගමැතිවරයා, සෞඛ්‍ය අමාත්‍යවරිය සහ ආරක්ෂක හමුදාවන්, පොලිසිය සහ සෞඛ්‍ය සේවාවන් හා ඒහා සම්බන්ධ අනු ආයතනය විසින් කරනු ලැබූ කැපවීම නිසා සිදු වුවද, ආගමික මතවාද නිසා ඔලුව අවුල්කරගත් කෝට්ඨාශයක් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් සහ වගකීමෙන් තොරව කටයුතු කරන්නන් නිසා අදටත් ඉතාමත් කණගාටුදායක ලෙස අවුල් සහගත තත්ත්වයකට පත්ව තිබේ... පාලනය කරගත නොහැකි මට්ටමට ඉතාමත් ආසන්න වෙමින් පවතින බැවින් සක්‍රිය හමුදා සේවය කැඳවීමට ගත් ජනාධිතුමාගේ තීරණය ඉතාමක් කාලෝචිතය. බොහොමයක් රතු නිවේදන ප්‍රකාශයට පත් කළ ප්‍රදේශවල කටයුතු අවුල් කරන කණ්ඩායම්වලට ඇඳීරිනීතියේ බරපතලකම හෑල්ලුවට ලක් කරමින් මග තොට රිසි සේ සැරිසරයි. උදාහරණ ලෙස ජාඇළ සුදුවැල්ල මත්ලෝලියා ආශ්‍රය කිරීම නිසා නිරෝධායනට ලක් කර සිටි තවත් මත් ලෝලියෙකු සහ ඔහුගේ සහචරයන් පස් දෙනෙකු කරත්තයක් තල්ලු කරමින් කොස් වෙළඳාමේ යෙදෙන ගමන් මග තොට ඇති දේ සොරාගන්නට පෙළඹී තිබේ. ගැටලුව නම් ඔවුන් පතුරවන්නේ මත්කුඩුවල ආනුභාවයෙන් තම සිරුරුවල සඟවාගෙන පතුරුවන විෂබීජයන් වීමය. මුන් සම්බන්ධයෙන් කටයුතු කරන්නට මාෂල් ලෝ එකෙන් මෙහා නිතීයකට නම් නොහැකි සේය. ඔවුන් උත්සාහ කරන්නේ උපරිම රෝගීන් 1000ක සීමාවකට මුහුණ දීමේ බරපතල හැකියාවෙන් ඔබ්බට අප රට ඇද දමා තැන තැන මිය යන වාතාවරණයක අත්දැකීම අප හට ලබා දීමටය.
ඉතිහාසයේ වැදගත්ම තීන්දු තීරණ ගත යුතු කාලය එළැඹී ඇත. ප්‍රමාදය පසුතැවිල්ලට හේතු වේ...
බලය දියවි යාවි යැයි සිතා බියට පත්ව සිටින බලලොභී දේශපාලනඥයන් මවා පානා සැටියට දැනට රටේ ව්‍යවස්ථා හෝ මැතිවරණ අර්බුදයක් නැත. ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරිය සමග ආරක්ෂක හමුදාවන්, පොලිසිය සහ සෞඛ්‍ය සේවාවන් මෙන්ම ග්‍රාම නිලධාරියාද කැපවී කටයුතු කරමින් සමස්ථ ජනතා ප්‍රසාදයට පාත්‍රවී ඇති අවස්ථාවක ඉදිරි අනාගතය ඔවුන්ටම භාර දීම හැර විකල්පයක් වෙත්ද?
මේ රට පුනර්ජනනය වීමට අවස්ථාවකි. අප රටේ දුර්මත ව්‍යාප්ත කරන පක්ෂ හෝ කණ්ඩායම් පිළිබද සැළකිලිමත් වීමට හෝ ඔවුන්ට ඉඩදීමට කාලයක් නැත. ඔවුන්ගේ රූකඩ ක්‍රියාත්මක කරවන බටහිර මුදල් පොම්ප අක්‍රියවන සීඝ්‍ර බව නිසා ඔවුන්ගේ දැගලීමේ අවසන් කාලයයි. වහා වහා කටයුතු කළයුතුය. නැතහොත් මේ රටේ ජනගහනයෙන් අඩකඩ වඩා ආයුබෝවන් කීමේ දුර්විපාකයකට මුහුණ දීමට සිදුවනු ඇත.
https://hpb.health.gov.lk/covid19-dashboard/