නෝනා&ගිරවා

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    එක කාන්තාවක් සුරතල් සතුන් විකුණන සාප්පුවකට ගියාලු.. එයාට ඕන වෙලා තිබුණෙ කතා කරන ගිරවෙක්..
    සාප්පුවෙ මුදලාලි කිව්වලු..
    “නෝනා අපේ ගාව ඉන්නව ගිරව් වර්ග දෙකක්.. එක වර්ගයක ගිරව් අපි කියන කියන දේ කියනව.. අනිත් ජාතියෙ අයට පුලුවන් තමන්ම හොදට හිතල කතා කරන්න..“
    “හා ඒක හොදයි.. මම කැමතියි හිතල බලල කතා කරන්න පුලුවන් ගිරවෙක් ගන්න..“
    සාප්පුවෙ මුදලාලි ගිහින් කතා කරන ගිරවෙක් අරන් ආව..
    “ඔන්න නෝනම කතා කරල බලන්ඩකො..“
    “ඔයාට මාව මොන වගේද පේන්නේ..?“ නෝනා ගිරවගෙන් ඇහුව‍...
    “මට ඔයාව පේන්නේ හරියට.. ගණිකාවක් වගේ..“ ගිරවා කියපි.
    “අපෝ මූ මහ නපුරු ගිරවෙක්.. මම කීයටවත් මූව නං ගන්නෙ නෑ..“ නෝනා මුදලාලිට කිව්වා.
    “නෝනා ටිකක් ඔහොම ඉන්නකො..“ කියලා මුදලාලි ගිරවත් අරන් සාප්පුවෙ පිටිපස්සෙ මිදුලට ගියා.. මිදුලෙ තිබ්බා ලොකු වතුර බාල්දියක්..
    මුදලාලි ගිරවව බෙල්ලෙන් අල්ලලා එබුවා ඒ වතුර බාල්දියෙ..
    විනාඩියක් විතර ගිරවව එහෙම තියලා බය කරපු මුදලාලි ගිරවව ආයෙත් උඩට අරගෙන තර්ජනය කරා..
    “උඹ ආයෙත් අර නෝනට ඔහොම නැහැදිච්ච කතා කියල තිබ්බොත් මම උඹව මේ බාල්දියෙ ගිල්ලවල මරනවා..!“
    මුදලාලි ආයෙත් මේ ගිරවවම අරන් සාප්පුව ඇතුලට ගියා..
    “ඔන්න නෝනා.. දැන් මේ ගිරවගෙන් අහන්නකො ඕන දෙයක්.. ඌ යස අපූරුවට උත්තර දෙයි..“ කියලා මුදලාලි කිව්වා.
    ඔන්න අහගන්නකො ගිරවගෙයි නෝනගෙයි කතා බහ..
    නෝනා - “මම රෑ වෙලා පිරිමි කෙනෙක් එක්ක ගෙදර ආවොත්.. ඔයා ඒ කෙනාට කතා කරන්නේ මොනව කියලද..?“
    ගිරවා - “මම එයාට නෝනගෙ මහත්තයා කියනව“
    නෝනා - “හොදයි... මම පිරිමි දෙන්නෙක් එක්ක ආවොත්..?“
    ගිරවා - “මම එතකොට කියනව ඒ නෝනගෙ මහත්තයයි මස්සිනයි කියල“
    නෝනා - “බොහොම හොදයි.. එතකොට මං තුන් දෙනෙක් එක්ක ආවොත්..?“
    ගිරවා - “මම එතකොට කියනව නෝනගෙ මහත්තයයි, මස්සිනයි, සහෝදරයයි කියල..“
    නෝනා - “බොහෝම හොදයි.. බොහොම හොදයි.. එතකොට මං හතර දෙනෙක් එක්ක ආවොත්...?“
    ගිරවා නෝනට උත්තරයක් නොදී සාප්පුවෙ මුදලාලි දිහාට හැරිල කතා කළා..
    “මේ ඕයි.. මාව අර සාප්පුව පිටිපස්සෙ තියෙන බාල්දියෙ ගිල්ලවල මරනව.. මං කලින්ම කිව්වනෙ මට මේ ගෑනිව පේන විදිහ..!“


    (උස්සපු එකක්)
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    avatar476443_17.gif
    avatar476443_17.gif
    avatar476443_17.gif