නාමල් ඇමතිතුමා නිසා මට පාරේ බැහැල යන්න බෑ – ක්‍රීඩිකාවකගෙන් චෝදනාවක්
August 9, 2021
0
in
ක්‍රීඩා පුවත්,
පුවත්
තමන් ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගීවුයේ තම පාවහන් යුගලය නිවසේ තබා යැයි ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ නඟන චෝදනාව සම්පූර්ණයෙන් අසත්‍යයක් යැයි මළල ක්‍රිඩිකා නිමාලි ලියනාරච්චි පවසයි.
“මම තරඟවලට පාවිච්චි කරන එකම සපත්තු කුට්ටම අරගෙන ගිහින් තමයි ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගී වුනේ. එහෙදි සිදුවුන දේ තමයි මම ජපානයෙදි වඩා හොඳ සපත්තු කුට්ටමක් මිලදී ගන්න උත්සාහ කලා. නමුත් අපි හිටියේ සංචාරක බුබුලක නිසා මට ඒක මිලදි ගන්න එලියට යන්න අවස්ථාව හිමිවුනේ නැ. ඒ නිසා මම ජාතික ඔලිම්පික් කමිටුවෙන් ඉල්ලිමක් කලා, මුදල් මම දෙන්නම්, මට අලුත් සපත්තු කුට්ටමක් ජපානයෙන් ගන්න උදව් කරන්න කියලා. අන්තිමේදි මම තරඟයට හිටියේ මම ගෙදරින් ගෙනිච්ච සපත්තු දෙක දාගෙන. නාමල් ඇමතිවරයා පාර්ලිමෙන්තුවෙදි කල ප්‍රකාශයෙන් මා අන්ත අසරණ වුනා. පාරේ බැහැල යන්න බෑ මිනිස්සු අහනවා මම රටේ මුදල් කාබාසිනියා කලා කියලා. ඇත්තටම මම රට වෙනුවෙන් පදක්කම් ගණනාවක් දිනාගෙන රටට ගෞරවයක් ගෙනාපු ක්‍රීඩිකාවක්.” මළලක්‍රිඩා අංශයෙන් මෙවර ඔලිම්පික් උළෙල නියෝජනය කල එකම ක්‍රීඩිකාව වන නිමාලි ලියනාරච්චි පවසයි.
“ඇමතිවරයා චෝදනා කරල තිබ්බා අපේ රටේ පුහුණුකරුවන් ක්‍රිඩකයන්ව පුහුණු කරන්නේ ජාතික මට්ටමේ තරඟ දිනන්න විතරයි කියලා. නමුත් මේ පුහුණුකරුවන්ගෙන් පුහුණුව ලබා ජාත්‍යන්තර තරඟවල ජයග්‍රහණ ලැබූ ක්‍රිඩක ක්‍රිඩිකාවන් රාශියක් ඉන්නවා.”
2017 වසරේ ඉන්දියාවේ පැවති ආසියානු මළලක්‍රිඩා ශූරතාවලියෙදි මීටර් 800 ඉසව්වෙන් රන්පදක්කම දිනු නිමාලි ලියනාරච්චි කණස්සල්ලෙන් පවසයි.