පංච කල්ප නරකය

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    එහි උපත ලබන්නේ මනු ලොව සිටියදී විහාර භූමිවල කෙළ, සොටු, කැළි කසළ දා අපවිත්‍ර කළ අය යි. අද වුව ද වෙහෙර විහාර භූමිවල කුණු රොඩු, අපවිත්‍ර ද්‍රව්‍ය දානවා. බළලුන්, සුනඛයන් , කැඩුණු බුදු පිළිම දමනවා. එසේම විහාර භූමිය තුළදී අගෞරව වන පරිද්දෙන් පාවහන් දමාගෙන එහෙට මෙහෙට ඇවිදීම ආදී පාප කර්ම සිදු කළ අය උපත ලබන්නේ පංච කල්ප නරකයේ ය. එනම් කල්ප පහක් ම අපායේ දඬුවම් ලබයි. එය කෙතරම් දිගු කාලයක් ද? දීර්ඝ කාලයක් අප්‍රමාණ දුක් විඳින්න සිදු වෙනවා. ඒ නිසා බුද්ධ, ධම්ම, සංඝ රත්නත්‍රය වැඩ සිටින ප්‍රදේශවල ගෞරවය රකින්න, තුනුරුවන්ට ගෞරවය පුද කරන්න, තුනුරුවන්ගේ ගුණ පැවසීම අවශ්‍ය ය යි. එවිට මනුලොව, දෙව් ලොව උපත ලැබිය හැකි යි. කුමන දෙයකින්වත් අඩු පාඩුවක් වන්නේ නැහැ. තුනුරුවන්ට අගෞරව කළා නම්, වෙහෙර විහාරස්ථාන විනාශ කළා නම්, අපවිත්‍ර කළානම්, විහාර භූමිවල පාවහන් සඟල් දාගෙන ගියානම්, අන්න ඒ අය පංච කල්ප නරකයට වැටී අප්‍රමාණ දුක් විඳිමින් අති දීර්ඝ කාලයක් දුක් විඳින්න සිදු වෙනවා. ඉන් බේරීමට පුළුවන්කමක් නැහැ. ඒ කරපු පාපයට අනුකූලව විපාක දෙයි.
    May be an image of one or more people, cloud and text

    https://www.youtube.com/watch?v=6LpYYPBlWx8



    All reactions:
    1010
     
    • Like
    Reactions: NRTG