පංච මහා ගණිකාවෝ

bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    පංච මහා ගණිකාවෝ

    ගණිකා වෘත්තිය යනු ලොව පැරණිම රස්‌සාව ලෙස සමාජයේ කතාවක්‌ පවතී. මෙය කොහෙන් කොහොම ජනගත වූවාද මෙහි මූලාශ්‍රය කුමක්‌ද යන්න මා නොදන්නා නිසා ඒ ගැන බොහෝ අයගෙන් විමසූ අතර බහුතරයක්‌ දෙනා කියා සිටියේ අපත් ඒ කතාව අසා ඇති මුත් එහි මූලාශ්‍රය නොදන්නා බවයි.

    විශේෂයෙන්ම අප මහා ඇදුරු සුනිල් ආරියරත්න මහතාත් සමාජ විද්‍යාව සහ ජනශ්‍රැතිය යන විෂයයන්ගෙන් කෙල පැමිණි ආචාර්ය ප්‍රනීත් අබයසුන්දර මහතාණන් යන දෙපලම ඉතා නිහතමානීව කියා සිටියේ තමුන්ද එම කතාවේ ආරම්භය ගැන නොදන්නා බවයි. තවත් පඬිවරුන් රැසක්‌ මා සමග ඔවුන්ගේ අදහස්‌ බෙදාගත් අතර ඉන් සමහර බකපන්ඩිතයන් කියා සිටියේ බුදුන්ගේ දවසේ අම්බපාලි වැනි ගණිකාවන් සහ යේසුස්‌ ක්‍රිස්‌තුස්‌ කාලයේ මරියා වැනි අනාචාර ස්‌ත්‍රීන් සිටි නිසා මෙය සමාජ ගත වූ බවයි. ඒ ඔවුන් දන්නා තරම නිසා කෝප නොවූවත් යේසුස්‌ සහ බුදුන් ඉපදෙන්නට බොහෝ පෙර සිට ලොව පැවත ආ බව පමණක්‌ මතක්‌ කර අප රටේ පවතින ගණිකා සංස්‌කෘතිය ගැන මඳක්‌ ලියනු පිණිස මම පරිගණකය අසල වාඩි වුණෙමි.

    සමාජ විද්‍යාඥයින් විශ්ලේෂකයින් විමර්ශකයින් කෙලෙස කොහොම වර්ගීකරණය කළත් වසර විසි පහකට අධික කාලයක්‌ සමාජ විමර්ශන සහ සමාජ විශෝධන කටයුතුවල මුහුණට මුහුණ ලා වැඩ කරන මා ගණිකා වෘත්තිය පිළිබඳ වර්ගීකරණය කරන්නේ එය ප්‍රධාන වශයෙන් කොටස්‌ පහකට බෙදා වෙන් කර පෙන්වා දිය හැකි බවයි. ඒ ගැන කතා කරන්නට පෙර අපි ගණිකාව යනු කවුරුදැයි මඳක්‌ විමසමු.

    පැහැදිලි සිංහලෙන් කිවහොත් ගණිකාව වෛශ්‍යාව අභිසරුලිය හෝ පුරඟන යනු මුදලට හෝ එවන් භෞතික වාසියකට තම සිරුර කාමුක ලිංගික කටයුතු සඳහා තවත් අයෙකුට අලෙවි කරන හෝ පරිහරණය කරන්නට දෙන ස්‌ත්‍රියයි. වත්මන් සමාජයේ වෙසෙන මානව හිතවාදීන් විශේෂයෙන්ම එන් ජී ඕ සංස්‌කෘතියෙන් භෞතීස්‌ම වූවෝ ගණිකාවන්ට එසේ නොකියා වාණිජමය ලිංගික ශ්‍රමිකාවියන් (ජදපපැරජස්‌ක seං අදරනැරි) කියා මඳක්‌ උසස්‌ පන්නයේ නමක්‌ යොදා ගනී. මෙයද නරකම නැත.

    ඔවුන් ගණිකාවට එසේ කියද්දී සමාජ බාසාවෙන් බඩුව, පාර, දබේ, ගොනා, ජිල, මස, වේසාවි යනාදී නම් වලින් කතා කරයි.

    ඉංගීS්‍රසියෙන් චරදිඑසඑමඑeල ඒරඑල අයදරු යන වදන වලින් කියවෙන්නේද මෙම ගනිකාවයි.

    මා කළින් කී පරිදි මගේ මතයට අනුව ලංකාවේ ගණිකාවන් වර්ග පහකි. ඉන් පළමුවැන්න මහ මග හෝ නගරයක තම වපරිසය තුළ පමණක්‌ සැරිසරණ අඳුරු මුල්ලක බස්‌ නැවතුමක හෝ පදික වේදිකාවේ කලුවර කොනක බිම එලන ලද කාඩ්බෝර්ඩ් කෑල්ලක්‌ මත හෝ අඳුරු බිත්තියකට පිටදී හිටගෙන සංසර්ගයේ යෙදෙන්නට තම සේවාලාභියාට පහසුකම් සපයන අඩු මුදලකට විකිණෙන වීදි ගණිකාවයි. මැය අති භයානක සතෙකි. බොහෝ විට උත්සාහ කරන්නේ කස්‌ටමර් රවටා ඔහුගේ ඉණ ඉහ අතගා ගැනීමයි. ඔහු බීමතින් සිටින්නෙක්‌ නම් කියන්නට ඇත්තේ අබ සරණයි කියායි. රති කෙලිය අවසාන වන්නටත් පෙර ඔහුගේ මුදල් පසුම්බිය රන් ආභරණ පමණක්‌ නොව කලිසම පවා අහිමි වීමේ ප්‍රවනතාවය ඉතා ඉහළය. මෙයට හේතුව මෙවන් වීදි ගණිකාව පසුපස තවත් තැරුව්කරුවෙකු හෙවත් පිම්පියෙකු සිටීමයි. ඔහු සියල්ල ඉතා හොඳින් නිරීක්‍ෂණය කරමින් සිටින අතර ගැහැනිය. සේවාලාභියාගෙන් නිසි මුදල අය කර ගෙන එය හැට්‌ටයට අස්‌සේ තන්ගල්ලේ බැංකුවේ ඩබල් බෝල ලාච්චුවේ ඔබාගෙන ඉන්පසු කොන්දේසි ඉදිරිපත් කොට ඇඳිවත බුරුල් කර සේවාලාභියාට කාර්ය කරගැනීමට පහසුකම් සපයන්නට සූදානම් වන වීටම තැරැව්කරු කරන්නේ දුවපං මහත්තයෝ ඔන්න පොලිසියෙන් එනෝ කියා බොරු සිද්ධියක්‌ මවා පෑම හෝ පිහියක්‌ හෝ සෙල්ලම් පිස්‌තෝලයක්‌ පෙන්වා තෝ මගේ නංගී දූෂණය කරන්න ආපු බල්ලා මම තෝව තියන්නෙ නැහැ කියා බය කර සුද්දයක්‌ දැමීමයි.

    මෙසේ නොකර තමන් අය කරන මුදලට සැහෙන සේවයක්‌ ලබාදී තම සේවාලාභියා සනසන අවංක වීදි ගණිකාවන්ද අප රටේ අනන්තවත් සිටින අතර ඔවුන් කියන්නේ අනේ මහත්තයෝ සමහර අය ඉන්න අසහනේ සහ අසරණ කම දැක්‌කම අපි කොහොමද උන්ට අසාධාරණයක්‌ කරන්නේ අනික අපිව හොයං මහ රෑට එන්නේ එක්‌කෝ ජීවිතේ කිසිම සතුටක්‌ බලාපොරොත්තුවක්‌ නැති බේබදු නාකියෝ එහෙමත් නැත්නම් හමුදාවට බැඳිල ජීවිතේම කඳවුරු වලට දිය කර ගත්ත අසහනයෙන් පෙලෙන ලෙඩ්ඩු කියායි. කෙසේ වෙතත් රාත්‍රී කාලයේ කොටුව ස්‌ටේෂම ඉදිරිපිට බස්‌ නැවතුම අසල සහ අඳුරු හරස්‌ පාරවල් වල වීදි වල රස්‌සාව කරන ගණිකාවන් මෙන්ම ඔවුන්ගේ රනර්ලා හෙවත් තැරුව්කරුවන් අතරින් සියයට අනූ නමයක්‌ම අධික ලෙස හෙරොයින් මත්කුඩට ඇබ්බැහිවූවන් බව වගකීමෙන් කියන්නට කැමැත්තෙමි.

    මහත්තයෝ අපි මේ ජරා වැඩ කරල සල්ලි හොයන්නේ කන්න බොන්න නෙමෙයි කුඩු ටිකක්‌ බීලා ඇඟේ පතේ අමාරු ඇරගන්නයි.

    කොළඹ පිටකොටුවේ පමණක්‌ නොව නුගේගොඩ, මහරගම, රත්නපුර, කතරගම, මාතර, ගාල්ල, කලුතර, මොරටුව, පිළියන්දල, බම්බලපිටිය, ගම්පහ, මීගමුව, කුරුණෑගල, මහනුවර, අනුරාධපුර, දඹුල්ල, පොලොන්නරුව, යාපනය ආදී සෑම නගරයකම මෙකී වීදි ගණිකාවෝ වෙසෙති.

    මා දකින දෙවැනි කොටස වන්නේ ජංගම සේවා සපයන ගණිකාවයි. දහවල් වරුවේ නිවසේ ගත කරන ඇය රාත්‍රී කාලයේ නගරය වෙත පැමිණ කලඑළි බහින්නේ ගාණක්‌ සොයා ගනු පිණිසයි. බොහෝ විට ඇය බස්‌ නැවතුමක සිටගෙන සිටී. සල්ලාලයෙක්‌ හෝ සේවය අවශ්‍ය අයෙක්‌ ඇය ඉදිරියේ වාහනය නතර කළ විට ඇය කිසි චකිතයක්‌ නැතිව වාහනයට නගින්නේ ඇයට රැක ගන්නට ඇත්තේ තම ජීවිතයත් දිරා ගිය අත්බැගයත් දුරාවර්ණ කුඩයත් පමණක්‌ නිසාය. පොලීසියේ ඇස්‌ වසා තම සේවය ලබා දිය හැකි නගරයේ බොහෝ තැන් ඈ අතැඹුලක්‌ සේ දනී. පාළු පාරක්‌ විශාල ගස්‌ පිරුණු අඳුරු මාවතක්‌ සෙනඟ නොගැවසෙන පටු පාරක්‌ පාළු ක්‍රීඩා පිට්‌ටනියක්‌ විශාල තාප්පයක්‌ හෝ ගොඩනැඟිල්ලක්‌ සහිත අඳුරු ස්‌ථානයක්‌ වෙත ගොස්‌ වාහනය නවතන ලෙස උපදෙස්‌ දෙන ඇය වාහනය තුළදීම සියලු අවශ්‍යතා සපයා දී සේවාදායකයා තෘප්තිමත් කරයි.

    මෙයට මද කලකට පෙර වරක්‌ මා සීතල වැහි බර අඳුරු රැයක ඈත ගමනක්‌ ගොස්‌ පුරහල පාරෙන් ගෙදර බලා යනවිට නෙලුම් පොකුණ ඉදිරිපිට බස්‌ නැවතුමේ වයසක කාන්තාවක්‌ වැස්‌සට නොතෙමෙන ලෙස කුඩයකට මුවාවී සිටිනවා දැක ඇයට උපකාරයක්‌ වශයෙන් මා යන මගම ඇයද යන්නේ නම් දා ගෙන යනු පිණිස වාහනය ඇය අසල නවතා අම්මා කොහොට යන්නද ඉන්නේ කියා ඇසූ විට ඇය ඇසක්‌ ගසා ඔයා යන තැනකට බබා කියා වාහනයට ගොඩ වූ අයුරු මට තාම මතකය.

    එතැන සිට නුගේගොඩ දක්‌වා ඇය සමග කතා කර කර විත් රාත්‍රී හෝටලයකින් කෑම වේලක්‌ද ලබා දී ඇයව හන්දියේ බස්‌සවා මා ණිවසට නිරුපද්‍රිතව නිවසට පැමිණි අතර ඇගෙන් ජංගම ගනිකාවන් ගැන බොහෝ දේ අසා දැන ගැනීමට අවස්‌ථාව උදාකර ගතිමි. ඇගේ මතයට අනුව කොළඹ නගරයේ මෙවැනි කාන්තාවන් සිය ගණනක්‌ වාහන තුළට නැග සේවා සැපයීමට කැපවී සිටී ඉන් බහුතරයක්‌ම ඈත ගම් වලින් සවසට නගරයට එන අයයි. දැනුදු ඉඳහිට මා රාත්‍රීයේ නගරය මැදින් එන විට එම ස්‌ත්‍රිය බස්‌ නැවතුම්පලක සිටිනවා මට දකින්නට ලැබේ. කොල්ලුපිටිය සිට රත්මලාන දක්‌වා ගාලුපාර, ඩික්‌මන් පාර, තිඹිරිගස්‌යාය, හැව්ලොක්‌ ටවුම, කිරුලපන, නුගේගොඩ පමණක්‌ නොව මීගමු පාර, බත්තරමුල්ල පාර, නුවර පාර ආදී ස්‌ථානවලද මෙකී ජංගම වාහන ගණිකාවන් අද ඉතා සුලබය. චීනයෙන් තායිලන්තයෙන් යුක්‌රේනයෙන් සහ රුසියාවෙන් මෙහි පැමිණ වීසා බලපත්‍ර නැතිව ජීවත් වන තරුණියන් කිප දෙනෙක්‌ද මෙසේ ජංගම වෛශ්‍යා වෘත්තියේ යෙදෙන අයුරු මට දැක ගන්නට ලැබී ඇති අතර ඔවුන්ගේ රජාකාරී කලාපය වන්නේ කොල්ලුපිටිය සහ බම්බලපිටිය අතර ගාලුපාර තීරයයි.

    තෙවන කණ්‌ඩායම වන්නේ හෝටල් කාමරවලට පමණක්‌ යන මැද පන්තියේ ගණිකාවෝය. ඔවුන් හරි රැස්‌පට්‌ය. ආවට ගියාට හැමෝ එක්‌කම කතා කරන්නේ නැත. නියම ඔෆීෂියල් ලෙවල්ය. තම සේවය අවශ්‍ය නම් ඇය කියන හෝටලයේ කාමරයක්‌ වෙන් කර ඇයව එහි රැගෙන යා යුතුය. ගණන නියම කරන්නේ ඇයයි. මැය සමඟ බොරු කරන්නට නොහැක. සමූහ දූෂණ පෝලිං ක්‍රම ආදියට කිසි ඉඩක්‌ නැත. මෙවැනි අයගේ සේවය ලබාගත හැක්‌කේ දන්නා අඳුනනකම් ඇති අය හරහාය. එසේත් නැත්නම් දුරකතනයෙන් බුක්‌ කිරීමෙනි. මා දන්නා එක්‌ පෞද්ගලික ආරක්‍ෂක නිලධාරියෙක්‌ (සිකියුරිටි ගාඩ් කෙනෙක්‌) සිටී. ඔහු වැඩිපුරම කරන්නේ රාත්‍රී මුරයයි. ඒ රටම දන්නා කොළඹ හතේ එක්‌තරා ආණ්‌ඩුවේ බෙහෙත් පාමසියක්‌ මුරකිරීමයි. එයට අමතරව ඔහු තව රස්‌සාවක්‌ කරයි. ඒ පිම්පිකම නොහොත් කාන්තාවන් සපයන තැරුව්කාරකමයි. මේ මිනිසා සතුව ඡායාරූප ඇල්බමයක්‌ ඇත. එහි ඇත්තේ නානා විධ කාන්තාවන්ගේ රූපයි. දැන ඇඳුනුම් කම මත මොහු සොයා එන සේවා ලාභියා ඇල්බමයෙන් තමාට කැමති කාන්තාව පෙන්නා අත්තිකාරමක්‌ දුන් විට ඔහු ඇගේ දුරකතන අංකය ඔහුට ලබා දෙයි ඉතිරිය ඇය කියන පරිදි සිද්ධවෙයි.

    මෙම කණ්‌ඩායමට වැටෙන ස්‌ත්‍රීන් තවත් අන්දමකින් කාණ්‌ඩ දෙකකට බෙදා පෙන්විය හැක. ඒ පූර්ණ කාලීන සේවා සපයන්නියන් සහ අර්ධ කාලීන සේවා සපයන්නියන් (මෙකක එසපැ aබා ය්කෙ එසපැ) වශයෙනි. පූර්ණ කාලීන සේවිකාවන් දවසේ සතියේ මාසයේ අවුරුද්දේ ඕනෑම අවස්‌ථාවක තම සේවය සැපයීමට සූදානම්ව සිටී. අර්ධ කාලීන අය කරන්නේ සමහර විට මාසයකට කීප වතාවකි. නැත්නම් සතියට දේවතාවකි. හෝකන්දර අමාලි සහ මහරගම රුවනි මා දන්නා එවන් අර්ධ කාලීන ගණිකාවන් දෙදෙනෙකි. අමාලිගේ සැමියා අංශභාග රෝගයෙන් ඔත්පලව සිටී. ඔහුට අවශ්‍ය බෙහෙත් සඳහා ලොකු මුදලක්‌ වැය කිරීමට ඕනෑ නිසා ඇය දන්නා අඳුනන කම් මත සතියකට දෙවතාවක්‌ නගරයට පැමිණ කාටත් හොරා ගණිකා වෘත්තියේ යෙදෙයි. ඇය පවසන අන්දමට ඇය යහන් ගත වන්නේ හොඳින්ම දන්නා වැදගත් මහත්තුරු එක්‌ක පමණකි. අනෙක්‌ කරුණ ඇය දිනකට සේවය සපයන්නේ උපරිම වශයෙන් පුද්ගලයන් තිදෙනෙකුට පමණි. මෙසේ ඇය සතියකට රුපියල් අටදාහක්‌ උපයා ගන්නා බව ඇය පවසයි.

    රුවනි සහ ඇගේ සැමියා කුඩා ඇඟලුම් කර්මාන්තයක්‌ කරගෙන යයි. තම ව්‍යාපාරයේ මද වැටීමක්‌ වුණ නිසා ඔවුන් ලඟ ගාණක්‌ බැංකුවලට සහ පුද්ගලයන් කීප දෙනෙකුට ණය වී සිටී. ඒ ණය පියවීම පිණිස රුවනි කරන්නේ කාටත් හොරෙන් සතියකට එක්‌ දිනක්‌ දන්නා අඳුනන කන්ටැක්‌ස්‌ මත ගණිකා වෘත්තියේ නියෑලීමයි.

    මං මෙහෙම කරනව කියල සමන්ත (ඇගේ සැමියා) හීනෙකින් වත් හිතන්නෙ නැහැ එයාගෙ හාට්‌ එකේ හිලක්‌ තියෙනවා. මං කියල තියෙන්නෙ දැන් කැනඩාවේ ඉන්න මගෙ ඉස්‌කෝලෙ යාළුවෙක්‌ගේ ලෙඩ වෙච්ච අම්මව සතියකට පාරක්‌ ඒ ගෙදෙට්‌ට ගිහින් බලනව කියල. ඒකට මට මගෙ යාළුව සල්ලි එවනව. එහෙම කියලයි මං සතියකට සැරයක්‌ ගෙදරින් පනින්නෙ. අර්ධකාලීනව හෝ ඔවුන් දෙදෙනා තෝරාගත් රස්‌සාව අසම්මත අසීලාචාර වෘත්තියක්‌ වුවද දෙදෙනා තම රැකියාව පිණිස නිවසින් එළියට බහිද්දී මේ ගණිකාවන් කියා කාටවත් කිව නොහැක. රුවිනි හරියට සංගීත ගුරුවරියක්‌ මෙනි. අමාලි අඳින්නේ පළඳින්නේ ගුවන් සේවිකාවක්‌ සේය. මේවා කියවද්දී සමහරුන්ට හිතෙනවා ඇත්තේ අනේ අපි නොදන්නවාට තව කීsදෙනෙක්‌ මෙහෙම කොරනවා ඇද්ද කියා විය යුතුය.

    හතරවන කණ්‌ඩායමට අයත් වන්නේ වෛශ්‍යාගාරයක හෙවත් ගණිකා මඩමක නේවාසිකව රැඳී සිටිමින් ලිංගික සේවය සපයන අයයි. ඔවුන්ට ලැබෙන්නේ මාසික හෝ සති අන්ත වැටුපක්‌ සහ සන්තෝසම් (ටිප්) මුදල් පමණි. නිතර නිතර පොලිසියෙන් පැන කුදලාගෙන යද්දී බොහෝ කරදරවලට මුහුණ පාන්නට වෙයි. මේ අයව පාලනය කරන්නටත් මුදල් ගණුදෙනු කරන්නටත් සැර පරුෂ පාලිකාවක්‌ සිටී. ඇයට කියන්නේ මැඩම් කියායි. මෙවැනි තැන් වල සේවය කරන කාන්තාවන්ට තෝරා බේරා සංසර්ගයේ යෙදිය නොහැක. තමා වෙත එන ඕනෑම අයෙකුට සේවය සැපයීම මොවුනගේ රාජකාරියයි.

    පස්‌වන කණ්‌ඩායම වන්නේ ගෘහස්‌ථ ගණිකාවයි. මෙවැනි අය අද එතරම් සුලබ නැත. නමුත් ඈත ගම්වල අතරින් පතර දකින්නට ලැබේ. සේවය අවශ්‍ය කෙනා කෙළින්ම නිවසට ගොස්‌ ඇය සමඟ කතා බහ කොට තම අවශ්‍යතාවය ඉටු කර ගනී. සමහරවිට සැමියාම මේ සඳහා පහසුකම් සපයයි.

    ගම්පහ පැත්තේ විශාල පොල් වත්තක්‌ බලාගන්නා මුරකරුගේ බිරිඳ වන සුමනා සොයා සේවාලාභීන් එම නිවසටම පැමිණෙයි. ඇගේ සැමියා හොර අරක්‌කු විකුණන නිසා එම නිවස තුළ ව්‍යාපාර දෙකක්‌ම සිදුවෙයි.

    පිළියන්දල කාන්ති සේවාලාභීන් සොයා නගරයට යන්නේ නැත. ඇයත් ඇය සමග නිවසේ වෙසෙන මිතුරියන් දෙදෙනාත් සොයා සේවාලාභීන් ඇගේ නිවසට පැමිණෙයි. ඒ කස්‌ටමර්ලාගෙන් බහුතරයක්‌ පොලිස්‌ නිලධාරීන් හෝ හමුදා කොල්ලන් බව කාන්ති පවසන්නේ අභිමානයෙනි. ඊට අමතරව බුද්ධි අංශයේ අයියලාද එහෙ රිංගන බවත් කාන්තිගේ ආරක්‍ෂකයා එම අංශයේ අයෙක්‌ බවටත් ගමේ මතයක්‌ පවතී.

    අප කුඩා කාලයේ මාලක්‌කා සහ කැතරින් කියා ගැහැනුන් දෙදෙනෙක්‌ අප ගමේ (කිරුළපන පූර්වාරාම මාවතේ) වාසය කළ අතර නිතර මත්පැන් බොන හැමෝම එක්‌ක පාරේ දබර කර ගන්නා මාලක්‌කාත් ඉතා රූමත් දිග කෙස්‌ වැටියක්‌ තිබූ නිතර චීත්තය සහ හැට්‌ටය අඳින කැතරින් යන අයත් ගෘහස්‌ථ ගණිකාවන් බව මා දැන ගත්තේ බොහෝ කලක්‌ ගිය පසුයි.

    වරක්‌ කුඩා මට කැතරින් ඉතා හොඳට ඉදුනු අඹ උරයක්‌ දී චූටි මහත්තයා මේවා නෝනාටයි මහත්තයටයිත් දීල අයියල අක්‌කල එක්‌ක බෙදාගෙන කන්න කියූ අයුරු මගේ සිහියට එයි. අපේ අම්මා මට කීවේ කැතරින්ට මිනිස්‌සු බැන්නට එයා පොඩිකාලේ හොඳට හිටි හොඳ වලව්වක හැදුනු ගැහැනියක්‌ බවයි. අදත් කැතරින් ඉතා වයස්‌ගතව මොරටුව පැත්තේ ජීවත්වන බව මට දැනගන්නට ලැබුණි.

    ගෘහස්‌ථ ගණිකාවන් නගරබද වත් ජීවත් වෙයි. ඒ බොහෝ විට ඇනෙක්‌සියක මහල් නිවසක හෝ එපාර්ට්‌මන්ට්‌ එකකයි. ඔවුන් තම සේවය සැපයීම සඳහා අධික මුදලක්‌ අය කරයි. ඇයගේ නිවසේ සේවාලාභියා සඳහා සියලු පහසුකම් ඇත. මා දන්නා නීටා සහ අයන්ති යන කොළඹ වෙසෙන ගෘහස්‌ථ ගණිකාවන් දෙදෙනාට ඉතා සුඛෝපබෝගී මෝටර් රථ සහ රූපලාවන්‍යාගාර පවා ඇත.

    මා මෙසේ අද ලිපිය තුළින් ගණිකාවන් ගැන ලියන්නේ ඔවුන් කරන දේ සාධාරණීය කර ඔවුන්ට මල් මිටක්‌ පුදන්නටවත් ඔවුන් අපහාසයට අවමානයට හෝ වරදට පත් කර ගල් ගසා මරන්නටවත් නොව අද සමාජයේ ඇති යථාර්ථය පාඨකයාට එළිදරව් කිරීමටයි.

    දිනක්‌ එක්‌තරා ස්‌ත්‍රියක්‌ අනාචාරයේ යෙදෙනවා අතටම අසුවීමෙන් පසු ඇයට විනිශ්චයක්‌ දී දඬුවමක්‌ නියම කරගන්නා පිණිස ඇයව එක්‌තරා තරුණ ගුරුවරයෙක්‌ වෙතට රැගෙනවිත් තිබුණි. එම සමාජයේ නීතිය අනුව දෙන දඬුවම නම් අනාචාරයේ යෙදුන ගැහැනියගේ ප්‍රාණය නිරුද්ධ වන තුරු හිසට ගල් ගසා මරා දැමීමයි. මෙම විනිශ්චය එකී තරුණයාගේ මුවින් ලබා ගනු පිණිස සමූහයා ස්‌ත්‍රීයව ඔහු ඉදිරියට තල්ලු කළ ඔහු අසා ඇත්තේ මැය අනාචාරයේ යෙදුනේ තනියෙන්ද එසේ නොවේ නම් මැය සමඟ රතිකෙලියේ යෙදුනු අන් අය කෝ යන්නයි .

    මැයට ගල් ගසා මරන්නට අපට අන දුන මැනව කියා සෙනඟ තරුණයා ගෙන් ඉල්ලා සිටිද්දී ඔහු කීවේ හොඳයි නුඹලා අතරින් කිසිදා පවක්‌ නොකළ තැනැත්තා විසින් මැයට මුල්ම ගල ගැසිය යුතු බවයි.

    අපි කතාව අදට මෙතනින් නවත්වා ස්‌ත්‍රීන් සමග අනාචාරයේ හැසිරෙන, ගණිකාවන් සොයා ගොස්‌ සේවය ඉල්ලා හඬා වැටෙන සල්ලාල කස්‌ටමර්ලා ගැන වාණිජමය ලිංගික ශ්‍රමිකාවියන් හෙවත් අභිසාරිකාවන්ම ඔවුන්ගේ මුවින් කියන කතාවලට ලබන සතියේ ඇහුම්කන් දෙමු.

    මිත්‍ර ශ්‍රී කරුණානායක


    http://www.divaina.com/2015/08/02/feature02.html
     

    eladakolla

    Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    ඉංගීS්‍රසියෙන් චරදිඑසඑමඑeල ඒරඑල අයදරු යන වදන වලින් කියවෙන්නේද මෙම ගනිකාවයි
    ��
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,318
    20,706
    113
    Panadura
    11.gif
    REP ++
     
    • Like
    Reactions: bohokal

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    දාපු කමෙන්ට් එක මැකුව
    අනවශ්‍ය දේවල් වලට එලකිරියේ ඉන්න කොල්ලෝ පොලඹුවන ටයිප් එකේ කමෙන්ට් එකක්ද මන්දා කියලා හිතුණ නිසා මමම දාලා මමම මැකුවා
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කතාව නම් නියමයි බන් ගොඩක් දේවල් :D දැන්ගත්තා

    මුලින්ම උඩම උඹ කියලා තියනවා මචන් මරියා කියන නම පාවිච්චි කරලා ඒ
    යේසුගේ අම්මා බන්..උඹට ඕනි නම් හොයලා බලහන් උඹ
    නොදැනුවත්ව ලියුවා නම් මකලා හදපන් ආගමකට අගෞරව
    කිරීමක් වගෙයි පේන්නේ බන් නැත්තම් :yes:
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    කතාව නම් නියමයි බන් ගොඩක් දේවල් :D දැන්ගත්තා

    මුලින්ම උඩම උඹ කියලා තියනවා මචන් මරියා කියන නම පාවිච්චි කරලා ඒ
    යේසුගේ අම්මා බන්..උඹට ඕනි නම් හොයලා බලහන් උඹ
    නොදැනුවත්ව ලියුවා නම් මකලා හදපන් ආගමකට අගෞරව
    කිරීමක් වගෙයි පේන්නේ බන් නැත්තම් :yes:

    මුලින්ම කියන්න ඕනේ මචන් මේක මම ලියපු ලිපියක් නෙමේ .මෙතන මරියා කියලා සදහන් වෙන්නේ මරියතුමිය ගැන නෙවේ.මරියා මග්දෙලෙන ගැන.ජේසුතුමාගේ ලගින්ම හිටපු කෙනෙක් විදියට සදහන් වෙනවා.තව තැනක කියනවා ජෙසුතුමාගෙන් ළමයෙක් හිටියා කියලා .davinci code එක මතකනේ. .https://en.wikipedia.org/wiki/Mary_Magdalene
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මුලින්ම කියන්න ඕනේ මචන් මේක මම ලියපු ලිපියක් නෙමේ .මෙතන මරියා කියලා සදහන් වෙන්නේ මරියතුමිය ගැන නෙවේ.මරියා මග්දෙලෙන ගැන.ජේසුතුමාගේ ලගින්ම හිටපු කෙනෙක් විදියට සදහන් වෙනවා.තව තැනක කියනවා ජෙසුතුමාගෙන් ළමයෙක් හිටියා කියලා .davinci code එක මතකනේ. .https://en.wikipedia.org/wiki/Mary_Magdalene

    එහෙනම් එල මචන් මන් හිතුවේ අනිත් විදියට :yes:
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මුලින්ම කියන්න ඕනේ මචන් මේක මම ලියපු ලිපියක් නෙමේ .මෙතන මරියා කියලා සදහන් වෙන්නේ මරියතුමිය ගැන නෙවේ.මරියා මග්දෙලෙන ගැන.ජේසුතුමාගේ ලගින්ම හිටපු කෙනෙක් විදියට සදහන් වෙනවා.තව තැනක කියනවා ජෙසුතුමාගෙන් ළමයෙක් හිටියා කියලා .davinci code එක මතකනේ. .https://en.wikipedia.org/wiki/Mary_Magdalene

    yeah, that one was a whore alright...

    btw, prostitution cannot be worlds first profession..whoever rendered their services first, would have paid them with something..meaning, first ever profession was of people who went to prostituted first :P