පංසිල්හි නැගෙන පොඩි ප්‍රශ්න කිහිපයක්...

MBoX

Member
Feb 5, 2011
366
18
0
පංසිල්හි නැගෙන පොඩි ප්‍රශ්න කිහිපයක්...

මේ මට නැගුණු ප්‍රශ්නයක්,

අදින්නා දානා වේරමණී සික්ඛා පදං සමාදියාමි.
මම අන් සතුදේ නොගනීමි.

ඇත්තටම මට සතුදෙයක් මේ ලෝකයේ තියෙනවා ද?
මම දන්න විදියට “මම“ වත් මට අයිති නෑ. නමුත් මෙම සිල් පදය සමාදන් විය යුත්තේ අයිති නැති “මමෙක්“ මගේ කරගනිමිනි. මෙම සිල් පදය සමාදන් වෙනකොටම මෙම සිල් පදය කැඩෙනවා නේ ද?

මෙම සිල් පදය සමාදන් වෙනකොටම මෙම සිල් පදය කැඩෙනකොට, එනම් නැති “මමෙක්“ මගේ කරගන්න කොට 4වෙනි සිල්පදය (මුසාවාදා වේරමණී සික්ඛා පදං සමාදියාමි[මම බොරු නොකියමි]) කඩල ඉවරයි නේද?

මේ වගේ කරන්න බැරි වැඩ බුදු කෙනෙක් දේශනාකරයි ද?

ඇත්තටම පංසිල් හින්දුන්ගෙන් බුදු දහමට එකතුවූ දෙයක් වෙන්න බැරිද ? මොකද සිදුහත් උපතට පෙරත් මායා දේවිය පෙහෙවස් සමාදන් වී සිටියා.:frown:



 

sdgunathilaka

Junior member
  • Jul 4, 2010
    72
    2
    8
    Tawa poddak kalpana karala teeranaya karanawada? loku pawak oya kara ganta yanne........ ansathu dewal ganai anitthya dewal ganai tawa tikak hitanta...... oya loku sakayakin budu dahama gana balanne. mama wat mata ayiti naha kiyanne ei kiyala dannawada? plz......... ape nirmala budu dahama wanasana ayata ek wenta epa......... mehema oyawage kenukuta terum karanta amarui.mokada oyage aramuna mata hitaganta bari hanta.... oyage patte pansale hamuduru kenek gen ahanta etakota kiyala dei.....ok
     

    0_Inception

    Member
    Feb 12, 2011
    69
    2
    0
    මෙතනත් මේ ත්‍රෙඩ් එත දාලතියෙනවා දැක්ක නිසා ඉස්සෙල්ල comment එකම මෙතනත් දාන්නම්...:)
    පන්සිල් තියෙන්නේ පෘතග්ජන ගිහියන්ට බං ... ....

    :yes::yes::yes:
    ඔව් මචං, අපි වගේ “මම“ පිළිගන්න පෘතග්ජන ගිහියන්ට තමයි පන්සිල් තියෙන්නේ. මොකද, ඔලුව පෑදෙනකන්, හරක් වගේ හැසිරෙන අපිව පන්සිල් පද නමැති වැල් පටවල් වලින් බැදල තියන්න වෙනවා. නැත්තන් කොහේ දුවයි ද දන්නෑනේ :lol::lol::lol:.

    නිවන් දැක්ක හෝ නිවන් දැකීමේ හැකියාව ඇති පුද්ගලයන්ට නං ඔය කිසිම සීලයක් ගන්න ඕනවෙන්නේ නෑ. මොකද ඒ ප්‍රඥා වන්තයින් නොකලයුතු කිසිම ක්‍රියාවක් නොකරන නිසා.
     
    • Like
    Reactions: laknath123

    panapana

    Member
    Mar 2, 2011
    511
    6
    0
    මේ මට නැගුණු ප්‍රශ්නයක්,

    අදින්නා දානා වේරමණී සික්ඛා පදං සමාදියාමි.
    මම අන් සතුදේ නොගනීමි.

    ඇත්තටම මට සතුදෙයක් මේ ලෝකයේ තියෙනවා ද?
    මම දන්න විදියට “මම“ වත් මට අයිති නෑ. නමුත් මෙම සිල් පදය සමාදන් විය යුත්තේ අයිති නැති “මමෙක්“ මගේ කරගනිමිනි. මෙම සිල් පදය සමාදන් වෙනකොටම මෙම සිල් පදය කැඩෙනවා නේ ද?

    මෙම සිල් පදය සමාදන් වෙනකොටම මෙම සිල් පදය කැඩෙනකොට, එනම් නැති “මමෙක්“ මගේ කරගන්න කොට 4වෙනි සිල්පදය (මුසාවාදා වේරමණී සික්ඛා පදං සමාදියාමි[මම බොරු නොකියමි]) කඩල ඉවරයි නේද?

    මේ වගේ කරන්න බැරි වැඩ බුදු කෙනෙක් දේශනාකරයි ද?

    ඇත්තටම පංසිල් හින්දුන්ගෙන් බුදු දහමට එකතුවූ දෙයක් වෙන්න බැරිද ? මොකද සිදුහත් උපතට පෙරත් මායා දේවිය පෙහෙවස් සමාදන් වී සිටියා.:frown:



    machan me wage ewa danna epa
    pansil pada onama gihiyekuta lehesiyenma rakinna puluwan
    eka pansil padayak kadenna karunu keepayak sampurna wiya uthui
    eka pahadiliwa budu dahame deshana karala thiyenawa
    anith agam wala wage budu dahame boru wada na
    eka sththya dahamak


     

    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    මේ මට නැගුණු ප්‍රශ්නයක්,

    අදින්නා දානා වේරමණී සික්ඛා පදං සමාදියාමි.
    මම අන් සතුදේ නොගනීමි.

    ඇත්තටම මට සතුදෙයක් මේ ලෝකයේ තියෙනවා ද?
    මම දන්න විදියට “මම“ වත් මට අයිති නෑ. නමුත් මෙම සිල් පදය සමාදන් විය යුත්තේ අයිති නැති “මමෙක්“ මගේ කරගනිමිනි. මෙම සිල් පදය සමාදන් වෙනකොටම මෙම සිල් පදය කැඩෙනවා නේ ද?

    මෙම සිල් පදය සමාදන් වෙනකොටම මෙම සිල් පදය කැඩෙනකොට, එනම් නැති “මමෙක්“ මගේ කරගන්න කොට 4වෙනි සිල්පදය (මුසාවාදා වේරමණී සික්ඛා පදං සමාදියාමි[මම බොරු නොකියමි]) කඩල ඉවරයි නේද?

    මේ වගේ කරන්න බැරි වැඩ බුදු කෙනෙක් දේශනාකරයි ද?

    ඇත්තටම පංසිල් හින්දුන්ගෙන් බුදු දහමට එකතුවූ දෙයක් වෙන්න බැරිද ? මොකද සිදුහත් උපතට පෙරත් මායා දේවිය පෙහෙවස් සමාදන් වී සිටියා.:frown:




    නියම තර්කයක් :yes:
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    ලෝභ, ද්වේශ, මෝහ චෛතසික මුල්ව පහල වන සිත් සියල්ලම අකුසල් සිත්.

    මේ සිත් මුල්කරගෙන කරන සියලුම ක්‍රියා අකුසල් වෙනවා.

    අපගේ ලෝකයේ මේ දි මට අයත්ය, මේ දේ අයත් නැත වශයෙන් සම්මතයන් තියනවා.

    මේ සම්මතයට අනුව "මගේ නොවන" දෙයක් ගල් කිරීමේදී 'සොර සිත' පහල වෙනවා.

    මේක අකුසල සිතක්... මේක මුල් කරගෙන කරන "හොරකම" (සම්මත ) නැමැති ක්‍රියාව අකුසල කර්මයක් වෙනවා.

    දැන් යම් විදිහකින් ලෝකයේ මේ දි මට අයත්ය, මේ දේ අයත් නැත වශයෙන් සම්මතයන් නැත්නම් මේ ප්‍රශ්ණය එන්නේ නැහැ.

    එතකොට ඔබ කියන තර්කය වලංගු වෙන්නේ එවැනි මනඃකල්පිත ලෝකයකට (එහෙම නැත්නම් එවැනි සම්මතයන් නැති අරූප ලෝකය වැනි ලෝක වලට ) විතරයි.

    උතුරුකුරු දිවයින ගැන අහල තියනවද? බෞද්ධ සාහිත්‍යට අනුව ඒකේ නම් කවුරුවත් "හොරකම්" නොකරන්නේ ඒ ආකාරයේ සම්මතයක් නැති නිසා.

    මට මාවත් අයත් නැත කියල හිතාගෙන වෙන කෙනෙක් සතු දෙයක් ඉස්සුවට සොර සිත පහළ නොවී ඉන්නේ නැහැනේ..

    ඊළඟට පන්සිල් පාර-වෛදික යුගයේ පටන් තිබුනා. para-vedic කියන්නේ හින්දු නෙවේ.

    ආර්යයන් එන්න කලින් තිබුන යුගයට කියන්නේ
    para-vedic යුගය කියලා. ජෛන ආගම මේ යුගයට අයත්.

    ආර්ය සංස්කෘතිය (බහු දේව ) + පාර-වෛදික සංස්කෘතිය (ඒක දේව ) = වෛදික සංස්කෘතිය (බහු දේව ) ලෙස විකාශය වුනා.

    බුදු දහම ඇති වුනේ අර්ධ- වෛදික සංස්කෘතියකයි (ආර්ය සංස්කෘතිය පැතිර යමින් පවතින විට).

    හින්දු ආගම බුදු දහමට වඩා ලාබාලයි. වෛදික සංස්කෘතියේ තියන හිංසාවාදය හින්දු ආගමේ නැත්තේ අවිහිංසාවාදී බුදු දහම හා ජෛන ආගම් වල ආභාශය ලැබුන නිසා.
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මෙහෙම බැලුවොත් බුදු හාමුදුරුවෝ කියපු ඔක්කොම අදාල වෙන්නේ නැ...

    මට තේරෙන විදිහට බුදු දහම කියන්නේ... සරලව ස්වභාව ධර්මයාත් එක්ක සන්සන්දනය කරලා තේරුම් ගන්න ඕන විෂයක්.... සමහරු අහනවා "මම" කියලා කෙනෙක් නැද්ද... තව එක්කෙනෙක් කියනවා "මම" කියලා කෙනෙක් ඉන්නවා... කියලා... හැබැයි... ඕකෙන් කාටවත් ඇති වැඩක් නැ.

    සරලව හිතන්න...

    මෙලොව සැප... පරලොව සැප කියලා දෙකක් තියෙනවා. බුද්ධාගම කියන්නේ... මේ ජීවත් වෙන සමාජයේ පෘතග්ජන අපිටත්, පැවිදි අයටත් යා යුතු මාර්ගය පෙන්නලා දීපු දර්ශනයක්....

    තමන්ගේ කියලා දෙයක් නැත්නම්... ඉන්න ඉඩ කඩම්... ඔය පාවිච්චි කරන කම්පියුටර් එක කාට හරි දෙන්නේ නැත්තේ... හේතුව තමයි ඒක මගේ... මට ඕන නිසා.

    ඉතින් එහෙම තියෙන දේ.... වෙන කෙනෙක් උදුරලා ගන්න එක තමා..... සොරකමක් වෙන්නේ.

    මේක තර්ක කරලා... ඔප්පු කරන්න දෙයක් නැ. පන්සිල් කියන්නේ... උගත්.. නුගත් හැම කෙනෙක්ටම පැහැදිලි වෙන්න දේශනා කල දෙයක් මිසක්.... මාර්ග ඵල ලබපු, මහා තාර්කික දැනුමක් තියෙන අයට පිළිපදින්න දේශනා කරපු දෙයක් නෙවේ..

    හැම තිස්සෙම ප්‍රයෝගිකව.. දේශනා කරපු දේවල්.... ඇත්තද? නැද්ද කියලා හිතන්න... පොත් දුසිමක් කියවලා... ඒවාගේ තියෙන අන්තර්ගතය ගැන හිතන්නේ නැතිව.:)
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඉස්සෙල්ලම කියන්න ඕනි මේ වගේ ප්‍රශ්න අහන අයගෙ rep කපන්න එපා. මොකද තැලෙන්න තැලෙන්න යකඩෙ මුවහත් වෙනව වගේ මේ වගේ ප්‍රශ්න එනකොට තමයි නියම බෞද්ධයන්ට බුද්ධාගම ‍රැක ගන්න හැඟීමක් එන්නෙ. මේ වගේ ප්‍රශ්න එන තරමට හොදයි...

    දැන් ඔයාගෙ ප්‍රශ්නෙට උත්තරේ දෙන්නම්.

    ඔයා මේ තර්ක ඉදිරිපත් කරන්නෙ ඔයා හදාගත්ත මතයක ඉඳගෙන.බුද්ධ දර්ශනය කියන්නෙ මත තහවුරු කිරීමක් නෙවේ. බුදු කෙනෙක් ලෝකෙට පහල වෙලා කරන්නෙ ලෝකයේ තිබෙන ඇත්ත මනුස්සයාට පෙන්නල දෙන එක. ඊට පස්සෙ මනුස්සයාට තියෙන්නෙ ඒ පෙන්නල දුන්න මාර්ගයේ යන එක මිසක් ඒ මාර්ගයේ වැරදි හොයන එක නෙවේ.

    බුද්ධ දේශනාවෙ හැටියට අපිට ලෝක දෙකක් ගැන කියල දෙනවා. එකක් තමයි ලෞකික ලෝකය. අනික අපි ජිවත් වන ලොකෙන් එහා ලෝකය. ඒ කියන්නෙ අපේ මරනින් පස්සෙ ලෝකය.අපි මේ ජීවිතේ පවත්ව ගන්නෙ මම කියල සම්මතයක් ගොඩ නගාගෙන.ඔයාගෙ හිත තියෙන්නෙ ඔයගෙ ශරීරය ඇතුලෙ.ඔයා බාහිර ලෝකයට ඔයාව අදුන්වල දෙන්නෙ ඔය ශරීරය මුල් කරගෙන. ඇත්තටම ඔයා මම කියල කියන්නෙ ඔයාගෙ හිතට.
    (ඔයා මැරිලා බිම වැ‍ටුනොත් ඔයට මම කියල කියන්න බැහැ. මොකද එතකොට ඔයාගෙ ශරීරය ඇතුලෙ හිත නැති නිසා).
    අපි ලෝකෝත්තර පැත්ත ගැන හිතනකොට (ඒ කියන්නෙ මරනින් පස්සෙ ජීවිතය) තමයි. මම කියල දෙයක් නැහැ කියල කියන්නෙ. මොකද මැරුනට පස්සෙ ඔයාට ඕන ඕන දේ ඔයාට කරන්න බැහැ. ඊට පස්සෙ ඔයාට අයිති කිසිම දෙයක් නැහැ.
    ඒත් ඔයා ජීවත් වෙලා ඉන්නකම් ඔයට හිත තියෙනවා.ඔයා ඒ හිතට තමයි මම කියල කියන්නෙ.

    ඔයාට පන්සිල් පද කැඩෙන විදිහ කිව්වම තේරුම් ගන්න පුලුවන් වෙයි.

    1.ප්‍රාණඝාතයක් වීමට අවශ්‍ය කරුණු.
    1. මැරීමට ප්‍රාණියෙකු සිටීම.
    2. මරන්නේ ප්‍රාණියෙකු බව දැන සිටීම.
    3. මැරීමේ සිත.
    4. මැරීමට උපක්‍රමයක් යෙදීම.

    2.සොරකමක් වීමට අවශ්‍ය කරුණු.
    1. අන් සතු දෙයක් වීම.
    2. අන් සතු බව දැනීම.
    3. සොරාගැනීමේ සිත.
    4. උපක්‍රමයක් යෙදීම.
    5. තිබූ තැනින් ඉවත් කිරීම.
    3.කාමමිථ්‍යචරයක් වීමට අවශ්‍ය කරුණු.
    1. අන් සතු ස්ත්‍රියක් හෝ පුරුශයෙක් වීම.
    2. සේවනය කිරීමේ සිත.
    3. සේවනය කිරීම.
    4. එයින් සතු‍ටු වීම.

    4.මුසාවාදයක් වීමට අවශ්‍ය කරුණු.
    1. අසත්‍යක් වීම.
    2. අසත්‍යක් බව දැනීම.
    3. අනුන් රවටන සිත.
    4. අසන්නා එයින් ‍රැවටීම.

    5.සුරාමේරය සඳහා අවශ්‍ය කරුණු.
    1. මත් ද්‍රව්‍යයක් වීම.
    2. බිමේහි සිත තිබීම.
    3. පානය කිරීම.
    මේ 5 කියවද්දි පේනවා ඇති හැම සිල් පදයක්ම කැඩෙන්න සිත මුලවෙන්න ඕනි. ඔයාට හිතන්නැතුව මුකුත් කරන්න බැහැ. ඒක තම්යි බුද්ධ දේශනාවෙ තියෙන්නෙ "චේතනාහං භික්ඛවේ කම්මං වදාමි" කියලා.
    ඒ කියන්නෙ චේතනාව, එහෙම නැත්තම් සිත මුල් කරගෙන තමයි අකුසලයක් වෙන්නෙ කියලා.

    මම මුලින් කිව්ව වගේ අපි ඇත්තටම මම කියල කියන්න අපේ හිතට.ඒ නිසා ගිහියෙක් විදිහට සාමාන්‍ය වැඩ කරගෙන යන ගමන් අපේ හිත හදන්න තමයි බුදු හාමුදුරුවෝ ගිහියන්ට පන්සිල් දීල තියෙන්නෙ.
     
    • Like
    Reactions: kavindaprabhath

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අනිත් කාරනේ තමයි සහෝදරයා සිල් පද වල කොහේවත් මම කියන වචනෙ ගෑවිලා නැහැ.

    පාලියෙන්,
    අහං = මම
    මයං = අපි

    ඉතින් පන්සිල් වල කොහෙවත් මම කියන වචනේ ගෑවිලාවත් නැහැ.