පක්ෂයේ වාර්ෂික කප්පම් ආදායම ස්විස් බැංකුවේ තැන්පත් කරන්න විජිත හේරත් ස්විට්සර්ලන්ඩ් ගිහින් – තැන්පතුව ඩොලර් මිලියන 5ත් පනියි!
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ප්‍රචාරක ලේකම් විජිත හේරත් පසුගිය දින ස්විට්සර්ලන්තයේ සංචාරයක නිරත වුනා.
මෙහිදි මෙය පක්ෂය ප්‍රවර්ධනය කිරීමේ සහ පුද්ගලික සංචාරයක් ලෙසින් ජනතා විමුක්ති පෙරමුණ හැඳින්වූවත් මෙම ගමනේ සැබෑ අරමුණ එම පක්ෂයේ අරමුදලක්, ජවිපෙ ගිණුම් හිමි ස්විස් බැංකුවක තැන්පත් කිරීමට බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.
පසුගිය දෙසැම්බර් මාසයේ ජනතා විමුක්ති පෙරමුණට බොහෝ පුද්ගලික සමාගම් වලින් විශාල මුදලක් හිමි වුනා. ඒ එම පක්ෂයේ වෘත්තීය සමිති සමග පුද්ගලික ආයතන සමග ඇති කර ගත් එකඟතාවයක් අනුවයි.
එහිදි ජවිපෙ විසින් මෙම ආයතන වල ඉදිරි වසරේ වැඩ වර්ජන නොකිරීමට එකඟ වන අතර, ඒ සඳහා පුද්ගලික සමාගම් වාර්ෂිකව එකඟ වූ මුදලක් ජවිපෙ වෙත ගෙවනවා.
මෙම මුදල රුපියල් කෝටි සිය ගණනක් වන අතර එම මුදල ජවිපෙ ගිණුමට එක්කරන්නේ නැහැ. මෙය එම පක්ෂයේ විශාලම ආදායමක් වනවා.
මෙම ආදායම ගිණුම් ගත නොකරන්නේ එය හිමි වූ ආකාරය හෙළිකිරීම ජවිපෙට අවාසිදායක වීම හේතුවෙනි. ඒ අනුව එම මුදල් කලු සල්ලි ලෙසින් මෙරටින් පිට කිරීමට ජවිපෙ කටයුතු කරනවා.
වසර ගණනාවක් තිස්සේ ජනතා විමුක්ති පෙරමුණේ මෙම කලු සල්ලි තැන්පත් කරන්නේ ස්විස් බැංකු වලය.
මේ අනුව ඇමෙරිකානු ඩොලර් මිලියන පහකට අධික බැංකු ගණුදෙනුවක් සිදු කිරීම සඳහා විජිත හේරත් පසුගියදා ස්විට්සර්ලන්තයට ගොස් තිබුනා.
විජිත හේරත් ස්විට්සර්ලන්තයේ සංචාරයක නිරත වූ අවස්තාවක ඡායාරූපයක් පහතින්,
