පකිස්තාන

signshop

Well-known member
  • May 30, 2011
    12,152
    8,845
    113
    Dubai
    පකිස්තාන ප්‍රහාරක යානාවලට ඉන්දියාවෙන් ප්‍රහාරයක්

    webjf-17-2016112thunder-fighter-aircraft759.jpg


    ඉන්දියාවේ දැඩි විරෝධය නිසා පාකිස්තානයෙන් ජේ.එෆ් 17 තන්ඩර් ප්‍රහාරක යානා මිලට ගැනීම දැනට අතහැර දමා ඇතැයි ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත කියයි.
    ශ්‍රී ලංකාවට ප්‍රහාරක යානා අවශ්‍ය නැතැයි ඉන්දියා රජය පවසයි. ශ්‍රී ලංකාවේ ආරක්ෂක අවශ්‍යතා අනුව ප්‍රහාරක යානා අනවශ්‍ය බවත් ඉන්දියා රජය පෙන්වා දී ඇතැයි එම පත්‍රය පවසයි. මෙම ගනුදෙනුවට ඉන්දියාවේ විරෝධය ලිපි ශීර්ෂයක් හෝ අත්සනක් නැති සුදු කොළයක ලිවූ සටහනකින් ශ්‍රී ලංකා රජයේ ඉහළටම දන්වා ඇතැයිද ජේ.එෆ් 17 තන්ඩර් ප්‍රහාරක යානාවල ඍණ තාක්ෂණ වාර්තාවක්ද ඉන්දියාවෙන් ඉදිරිපත් කර ඇතැයිද ඉන් පසුව ශ්‍රී ලංකාව ඇමරිකා ඩොලර් කෝටි 400 (රුපියල් කෝටි 57807) ගනුදෙනුව අතහැර ඇතැයිද එම පුවත්පත පවසයි.
    පකිස්තාන මාධ්‍ය කියා සිටියේ නවාෆ් ෂරීෆ් පාකිස්තාන අගමැති ශ්‍රී ලංකාවේ ගතකළ පසුගිය සතියේ එම ගිවිසුම අත්සන් කිරීමට නියමිතව සිටි බවයි.
    පාකිස්තාන රජයද ආර්ථික අහේනියකට මුහුණපා සිටියත් මෙම ගනුදෙනුව වෙනුවෙන් ණය ලබාදීමට එකඟ වී සිටි බවද එම පුවත්පත කියයි.
    ශ්‍රී ලංකා ගුවන්හමුදාව සතු ඊශ්‍රායලයේ කෆීර් හා රුසියාවේ මිග් 27 පරණ යානා වෙනුවට චීන ප්‍රහාරක යානා මිලට ගන්නැයි පාකිස්තානය ශ්‍රී ලංකාවට බලපෑම් කර ඇතැයිද ජේ.එෆ් 17 තන්ඩර් ප්‍රහාරක යානා 10ක් හෝ 12ක් පාකිස්තානයෙන් මිලට ගැනීමට නියමිතව සිටි බවද එක් යානයක මිල ඇමරිකා ඩොලර් කෝටි 3.5 (රුපියල් කෝටි 502) බවද ගුවන් හමුදාපති ගගන් බුලත්සිංහල ඇතුළු කණ්ඩායමක් ගිය නොවැම්බරයේදී පාකිස්තානයට ගොස් කම්රාහි පාකිස්තාන ගුවන් යානා නිෂ්පාදන සංකීර්ණයේදී එම යානා පරීක්ෂා කර බැලූ බවද එක්ස්ප්‍රස් පත්‍රය කියයි.
    පාකිස්තාන ගුවන් යානා නිෂ්පාදන සංකීර්ණය හා චීනයේ චෙන්ඩු ගුවන් යානා සමාගමේ කම්හල පිහිටියේ කම්රා පෙදෙසේය. ඉන්දියා ආරක්ෂක කටයුතු පිළිබඳ විශාරදයන් විශ්වාස කරනුයේ චීනයේ පෙරනිමි කොටස් එකලස් කර මෙම යානා නිෂ්පාදනය කරන බවයි.
    ඉන්දියාව කියනුයේ ජේ.එෆ් 17 ප්‍රහාරක යානයේ රුසියාවේ නිෂ්පාදිත ඇන්ජිම ලොව හොඳම ඇන්ජිම නොවන බවයි. චීනය පවා සිය ගුවන්යානා වලට එම ඇන්ජින් යොදා නොගන්නා බව ද එම පුවත්පත පවසයි. ඉන්දියාවේ නිෂ්පාදනය කරන ටෙජාස් ඇන්ජිම ඒ වෙනුවට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට විකිණීමට ඉන්දියාව සූදානමින් සිටි බවද කියති. පාකිස්තාන ගනුදෙනුව සිදුවුවහොත් එම යානා නඩත්තුව හා පුහුණුව සඳහා ශ්‍රී ලංකාවේ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට සිදුවන බවත් ඒ අනුව පාකිස්තාන චීන ආරක්ෂක හමුදා හා ශ්‍රී ලංකා හමුදාව අතර පුළුල් සබඳතා ඇතිවිය හැකි බවට ඉන්දියාව කනස්සල්ල පළ කර ඇතැයිද එම පත්‍රය කියයි.
    ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු චෙන්ඩු එෆ් 7 ප්‍රහාරක යානාද වයි 12 හා එම් ඒ 60 ප්‍රවාහන යානාද නඩත්තු හා සේවා වෙනුවෙන් ත්‍රිකුණාමලයේ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට පසුගිය රජය 2014 දී චීනය සමග කටයුතු කළ බවත් ඉන්දියාව ඊට තම කනස්සල්ල පළ කළ විට ශ්‍රී ලංකාවේ ගුවන් හමුදාවේ පුද්ගලයන් පමණක් එහි වැඩට යොදා ගන්නා බවත් එදා රජය පැවසූ බවත් ආණ්ඩු වෙනසින් පසුව එම සැලැස්ම අහෝසි වූ බවත් එම පුවත්පත කියයි.


    Lankadeepa

    ඉන්දියාවේ වේසි# පුතාලාට ඕන විදියට නටන්නේ ඇයි? යකෝ මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ටෙජාස් එකේ ඇන්ජිම ඉන්දියන් උන්වත් පාවිච්චි කරන්නෙ නෑ. ඒකත් එක්ක බලද්දි අර චීන ඇන්ජිම හොදයි....
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,529
    17,533
    113
    Auckland
    :lol: ඉතින් උන්ට බම්බු ගහගන්න කියල රිප්ල්යි එකක් යවන්නනෙ තිබ්බෙ
     

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    මාත් දැක්ක ඕක. හබැයි ගන්නේ නැති එක හොඳයි
    රුපියල් කෝටි 57807 ක් කියෙන්නේ සෙල්ලන්ද ? රනිල්ගේ කාලේ යුද්ධේ තියෙද්දී සාම ගිවිසුම් ගහලා, හමුදාවට බඳවා ගැනීම් නවත්තලා, ආයුධ මිලදී ගැනීම් නැවැත්තුවා.
    දැන් මේ යුද්ධේ ඉවර කරාට පස්සේ මොන එහෙකට ඔච්චර ගානක් වියදම් කරනවද ආයුධ වලට? ලංකාවට සල්ලි වැඩි වෙලා නෑනේ නේ

     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මුන්ට පිස්සු බන් මෙහෙ දාහක් ඒවා කරන්න තියෙද්දි fighter jets ගන්න හදනව :no: ඔය සල්ලි වලින් මාළු අල්ලන්න බෝට්ටු ටිකක් ගනිල්ලකෝ.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,529
    17,533
    113
    Auckland
    දැන්වත් වමට ගහගහ පවුල් නඩත්තු කර කර ඉන්න එක පැත්තක තියල රටක් විදියට වැඩ කරන්න පටන් ගත්ත නම් තමා හොද. මෙහෙම ගිහින් මේ ඉන්දියන් පරයො මේක කොහොමත් උන්ගෙ වෙලද වහලෙක් කරගන්නව. දැනටම ඉන්දියන් කුනු ගොඩවල්නෙ වැඩියෙන්ම මහ පාරවල් වලත් තියෙන්නෙ
    #hitan #bayyo :angry: