පකේ ආණ්ඩුව internet වලටත් කෙලින්න වගේ හදන්නේ

chanaka

Well-known member
  • May 4, 2006
    3,214
    780
    113
    පකේ ආණ්ඩුව internet වලටත් කෙලින්න වගේ හදන්නේ

    ඔබේ අධිවේගී අන්තර්ජාල සම්බන්ධතාවයට 2016 දී කුමක් වෙයිද? :angry::angry:

    ලංකාවේ අධිවේගී අන්තර්ජාල සම්බන්ධතා වල අනාගතය පිලිබඳ ගැටළුකාරී තත්වයක් පැනනැගී ඇති බව වාර්තා වේ. මෙයට ප්‍රධානම හේතුව වන්නේ අඩු වියදමක් යටතේ වේගවත් හා ගුණාත්මක බවකින් යුත් අන්තර්ජාල සම්බන්ධතා පවත්වාගැනීම සඳහා විදුලි සංදේශන නියාමන කොමිසම විසින් පිහිටවූ NBI (National Broadband Initiative) නම් ඒකකය අත්හිටුවීමට විදුලි සංදේශන නියාමන කොමිසමේ නව අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරට පත්ව ඇති සුනිල් එස්. සිරිසේන මහතා විසින් තීරණය කිරීමය.

    NBI ඒකකය පිහිටවනු ලැබුවේ 2010 දී එවක ජනාධිපති ලේකම් මෙන්ම විදුලි සංදේශන නියාමන කොමිසමේ සභාපති වූ ලලිත් වීරතුංග මහතා විසිනි. 2010 න් පසු වේගවත් අන්තර්ජාල සබඳතා සාධාරණ මිලකට ලබාදීම සඳහා එම ඒකකය විසින් විශාල වැඩකොටසක් සිදුකරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස 2012 වසරේදී ලෝකයේම අඩු වියදමක් සහිත අනත්රජාල සබඳතා ලබාදෙන රට ලෙස ජාත්‍යන්තර විදුලි සංදේශන එකමුතුව විසින් ශ්‍රී ලංකාව නම්කොට තිබේ.

    මෙයට අමතරව අමෙරිකාවේ Akamai Technologies විසින් පැවැත්වූ සමීක්ෂණයකින් 2014 දී අධිවේගී අන්තර්ජාල ලබාදෙන (4 mbps වලට වඩා ඉහල වේගයක් සහිතව) හොඳම රටවල් 50 ට ශ්‍රී ලංකාව ඇතුලත්ව තිබුනේ 47 වන ස්ථානය හිමිකරගනිමිනි. එම ලැයිස්තුවේ 50 වන ස්ථානය ඔස්ට්‍රේලියාවට හිමිවී තිබූ අතර මැලේසියාව 72 වන ස්ථානයත්, චීනය 87 වන ස්ථානයත් ඉන්දියාව 99 වන ස්ථානයත් හිමිකරගෙන තිබුණි.

    NBI ඒකකය විසින් ලබාගත් මෙම ජයග්‍රහණ පිටුපස සිටියේ එහි ප්‍රධානියාව සිටි සනත් සිරිවර්ධන මහතායි. බිලියන ගණන් වැයවෙන ව්‍යාපෘති විශේෂඥ දැනුම මගින් රටට ඉතිරි කර දීමට ඔහු සමත්ව තිබුණි.

    නමුත් දෙසැම්බර් 31 වනදා සිට එම ධූරයෙන් ඔහුව ඉවත් කිරීමට විදුලි සංදේශන නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් සුනිල් එස්. සිරිසේන මහතා කටයුතුකොට තිබේ. ඔහුව එම තනතුරෙන් ඉවත්කොට විදුලි සංදේශන නියාමන ආයතනයේ වෙනත් පිරිස් යොදවා අධිවේගී අන්තර්ජාලය පිළිබඳව වෙනත් කමිටුවක් පිහිටුවීමට සූදානමක් පවතින බවද වාර්තා වේ.


    පකේ ආණ්ඩුව internet වලටත් කෙලින්න වගේ හදන්නේ
    high speed internet පාවිච්චි කරපු එවුන් ලෑස්තිවෙයන් FCID එකට හරි අලුතෙන් පත්වෙන කමිටුවට යන්න :D:D:rolleyes::rolleyes:
     
    • Like
    Reactions: lpwicrama

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    නිකන් ඉන්ටනෙට් ගන්ඩ බලන් චන්දෙ දුන්න බල්ලො නිසා අපිටත් නෙට් නැති වෙන්ඩ යන්නෙ,
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    ගූගල් එක්ක බැලුන් යවන්නත් සමහරු බලන් හිටිය නේද...
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ටිකක් පරණ news එකක් නේද? හැබැයි 2010 ඔය කමිටුව ආපු දවස් වල නම් තමා ලාබෙට 1gb දෙන එක නතර උනෙත්. ඒ වගේම slt unlimited වලට කෙලියේත් :rolleyes:
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මචන් දන්නේ නැති නිසා අහන්නේ. :confused: ඕක ආවට පස්සේ නේද Unlimited නැති කලේ SLT එකේ? :baffled:
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මචන් දන්නේ නැති නිසා අහන්නේ. :confused: ඕක ආවට පස්සේ නේද Unlimited නැති කලේ SLT එකේ? :baffled:

    :yes::yes: මට හිතුනේ ඕක මඩක් කියලා බන්. ඕක ගැන මෙට කලින් නූලක් වැටිලා තිබ්බ.