පච්ච-සුද්දි

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    10418266_10152515851486934_5251907063285014675_n.jpg


    "මම බෞද්ධ, බුද්ධ ධර්මයට අගෞරව කරන්න හැදුවේ නෑ. ආයේ ලංකාවට එන්නේ නෑ." ආදී අරකයි මේකයි කියලා නයෝමි කොල්මන් නැමැති පච්ච සුද්දි කිව්වා. ඒ වෙනුවෙන් හොටු හූරන්න ජඩමාධ්‍ය සහ ෆේස්බුක් වාසී පොෂ් උදවිය සැදී පැහැදී සිටියා. (දැන් කොල්මන්ගේ ෆේස්බුක් යාළුවන්ගෙන් බාගෙකට වඩා අපේ රටේ පොෂ් පැළැන්තියේ අය.) ඊට පස්සේ ඇයව පිටුවහල් කිරීම ගැන අපේ රටේ ආණ්ඩුවට විරුද්ධව නඩු දාන්නත් කතා කළා. ඒත් වැඩිය කවුරුවත් මේ පින්තූරය දැක්කේ නෑ.

    කොල්මන් ඉඳගෙන ඉන්නේ සෙරෙප්පුත් දාගෙන අපි අපේ හදවතේ උපරිම තැනින් බුදුන් වහන්සේට ගෞරවය පිණිස මල් පහන් පුජා කරන මල් ආසනය උඩ...!.. එකත් බුදු රදුන්ට පිටු පා උන්වහන්සේව අනුකරණයට ලක් කරමින් සමච්චලයට මෙන් ඉන්නවා.. මේ පළි ගන්නේ කාගෙන්ද කියල හිතල බලන්න.

    තමන් පිරිසිදු බෞද්ධයෙක් කියල කියා ගන්න කොල්මන්, කුරුසයක් උලුක් කර ගත්ත ක්‍රිස්තියානි පාස්ටර් කෙනෙක් එක්ක කරේ අත දාන් හිටන් ඉන්න හැටි බලන්න. තව පින්තූර දැක්කත් අපි ඒවා පළ කරන්නේ නෑ මොකද ඒවා ඇයට බොහොම පුද්ගලික මට්ටමේ ඒවා නිසා. ඇය ඉටු කළේ කාගේ කොන්ත්‍රාත්තුවද කියලා පේනවානෙ.

    ආණ්ඩුවෙන් කළේ අපේ සිංහල බෞද්ධ සංස්කෘතියට අපහාස කරන විදේශිකයෙක්ව පිටුවහල් කිරීම පමණයි. ඒක ඕනෑම රටකින් තම රටට හෝ සංස්කෘතියට අපහාස කරන අයට සිදුකරන දෙයක්. ඒක බටහිරයින්ට විතරක් නෙමෙයි අපේ රටේ පොෂ් පැළැන්තියටත් අවුලක් වෙලා.

    කොල්මන්ගේ බෙල්ල කැපුවේ, කස පහර දුන්නේ, ගල් ගැහුවේ නෑ. අපේ සිංහල බෞද්ධ දේශපාලඥයින් කොල්මන්ගේ හිසට මිලක් නියම කළේ නෑ. මේ ළඟදී ම්ලේච්ඡ ඇමරිකානු පොලීසියේ අය ඉන්දියානු තානාපති නිලධාරිණී Devyani Khobragade ව නිරුවත් කර අතවර කළා වගේ දෙයක් වුණේ නෑ. හැබැයි අවජාතිකවාදීන්ට අනුව සිංහල බෞද්ධයොයි තලිබාන් ලා.

    කොල්මන්ගේ අසික්කිත වැඩේට රිටන් එකක් හැටියට ජේසු තුමාට අපහාස කරලා පෝස්ටර් එකක් ගහන එක අපිට මහ වැඩක් නෙමෙයි. ඒත් අපි එහෙම කරන්නේ නෑ. මොකද කියනවානම් සුද්දන්ට වඩා සිංහල බෞද්ධ අපි ශිෂ්ට සම්පන්න නිසයි.


    https://www.facebook.com/photo.php?....10150264663426934.380286.151742781933&type=1
     
    Last edited: