මේ දිනවල ශ්‍රී ලකාවේ දේශපාලනය තුළ වැඩිපුරම කථාබහට ලක්වන මාතෘකාවක් බවට පත්ව ඇත්තේ ඇවන්ගාඩ් ආයතනය පිලිබද සිද්ධියයි.
ඇවන්ගාඩ් ආයතනයේ සභාපති නිශ්ෂක සේනාධිපති මහතාගේ විදෙස් ගමන් බලපත්‍රය අධිකරණයෙන් නිදහස් කර ගැනීම සදහා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සම්බන්ධ බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසනායක මහතා චෝදනාවක් එල්ල කළා.
මෙය ජනමාධ්‍යන්හි විශේෂ අවධානයක් දිනාගත් ප්‍රවෘත්තියක් බවට පත්ව තිබෙනවා.
මෙවන් පසුබිමක පසුගිය දිනෙක මෙම සිද්ධිය පිලිබද කතාබහක් ජනාධිපති ලේකම් කාර්යාලය තුළ සිදුව තිබෙනවා.
එම අවස්ථාවට ජනාධිපති මෙත්‍රීපාල සිරිසේන,අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසි0හ,අමාත්‍යවරුන් වන විජේදාස රාජපක්ෂ,චම්පික රණවක,ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක යන මහත්වරුන් මීට එක්ව සිටි බව සදහන්.
එම අවස්ථාවේ අනුර දිසානායක මහතා විජේදාස රාජපක්ෂ මහතාගෙන් සමාව ඉල්ලා ඇතැයි වාර්තා වේ.
http://www.politics.lk/2015/03/05/anura-wijedaasa/