පටන් අරන් ඉවර නොකරපු වැඩ.

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    උඹලගෙ මොනාද පටන් අරන් ඉවර නොකරපු වැඩ තියෙන්නෙ?

    මම මේ අවුරුද්ද ඉවර වෙන වෙලාවෙ කල්පනා කරේ කොච්චර දේවල් කරන්න පටන් අරන් කරලා නැද්ද කියලා. සමහර එව්වා නම් දැන් කරලත් වැඩක් නෑ වගේ. සමහර එව්වා නම් හිතෙන්වා මේ ලබන්නාවූ අවුරුද්දෙවත් කරා නම් හරි කියලා.

    ඔයිට අමතරව මම එකකුත් හදාගෙන හිටියා දේවල් 100ක් විතර. ගූගල් ඩ්‍රයිව් එකට කෙළ උනාට පස්සෙ එව්වා මතකවත් නෑ.

    මට මතක් වෙන ලිස්ට් එක.

    1. මාස්ටර්ස් එකක් කරන්න ගත්තා.
    2. පයිතන් කෝර්ස් එකක් කරන්න ගත්තා.
    3. තව පටන් අරන් බාගෙට කියවපු පොත් 5ක් විතර තියෙනවා.
    4. පොත් 10ක විතර ලිස්ට් එකක් තියෙනවා කියවන්න කියලා ඩවුන්ලෝඩ් කරලා තියාගත්තු.
    5. මැරතන් එකක් දුවන්න පුරුදු උනා. දිව්වෙ නෑ.
    6. වෙබ්සයිට් එකක් පටන් ගන්න හොස්ටින්ග් ගත්තා කරේ නෑ.

    සුභ අලුත් අවුරුද්දක් වේවා!
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,062
    113
    34
    Kalutara
    සුභ අලුත් අවුරුද්දක් වේවා

    ඇයි මාස්ටර් එක නතර කරේ.
    ------ Post added on Apr 13, 2024 at 12:04 PM
    ථාම අවුරුදු ලැබුවෙ නෑ ඩෝ, අපෝ මහ ලොකු හෙළයා නැකත දන්නෙත් නෑ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    ථාම අවුරුදු ලැබුවෙ නෑ ඩෝ, අපෝ මහ ලොකු හෙළයා නැකත දන්නෙත් නෑ.
    සොරි 🥹🥹

    nathara kare na.

    thama iwara kare na.
    එල එල ඉවර කරගමු ඒක ඉස්සරහට වටී ඕක.
    ------ Post added on Apr 13, 2024 at 12:27 PM
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    ථාම අවුරුදු ලැබුවෙ නෑ ඩෝ, අපෝ මහ ලොකු හෙළයා නැකත දන්නෙත් නෑ.
    කීයටද බන් තියෙන්නේ? රෑද
    කලින් අවුරුදු වල නම් අර නෙස්ටොමෝල්ට් app එකෙන් බැලුවේ; දැන් ඒක නෑනේ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,062
    113
    34
    Kalutara
    කීයටද බන් තියෙන්නේ? රෑද
    කලින් අවුරුදු වල නම් අර නෙස්ටොමෝල්ට් app එකෙන් බැලුවේ; දැන් ඒක නෑනේ
    ළිතක් නැද්ද ගෙදර?
    රෑ 9.05ට
    දවල් 2.41ට නොනගතේ ලබන්නෙ
     
    • Love
    Reactions: Ryan08

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ථාම අවුරුදු ලැබුවෙ නෑ ඩෝ, අපෝ මහ ලොකු හෙළයා නැකත දන්නෙත් නෑ.

    අවුරුදු කීයටද බං ලබන්නේ??? අවුරුද්දට කෝල් කරන්න ඕන හෙන සෙට් එකක් ඉන්නවා ඒ නිසා හරියට දැනගන්න ඕන
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,062
    113
    34
    Kalutara
    අවුරුදු කීයටද බං ලබන්නේ??? අවුරුද්දට කෝල් කරන්න ඕන හෙන සෙට් එකක් ඉන්නවා ඒ නිසා හරියට දැනගන්න ඕන
    අද රෑ 9.05ට ලු
     
    • Love
    Reactions: Ryan08

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ඉඩම් ගත්ත project වගයක් කරන්න.

    මව හා පියා කිව්ව විදියට වෙලාවට නැකතට පිරුවට ඇඳලා දිශා බලලා fullම අඩුකුලේ විදියට මුල් ගල් තිබ්බා. (ඒ ඉඩම් වල කරන්න හිටපු දේවල් ඒතනින්ම ඉවරයි තාම හිර වෙලා)

    අලුත් පාස්පෝට් එකකට apply කරන්න කියලා ලියකියවිලි ගත්තා, expire වෙන්න තව අවුරුදු එකයි මාස 6ක් තිබ්බට ආපහු යන්න කලින් එක කරගන්න ඕනි.

    පරණ audio set-up එකක් තිබිලා හම්බුනා එක restore කරන්න කියලා හිටියා, එක කරගන්න බැරි උනා.


    හරියට හිතලා බැලුවම දූපතට ආපු දවසේ ඉඳලා කරගත්ත දෙයක් නෑ නිකං සල්ලි වියදම් වෙලා / කාලේ ගිහිල්ලා විතරයි තියෙන්නේ.