පට්ටම Movie එකක් -Self less (2015)

Harshalakshan

Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    පට්ටම Movie එකක් -Self less (2015)

    කවදාවත් බලල නැති අමුතුම පට්ටම Story එකක් තියන film එකක් ,,Drama Scifi Action,, බැලුවේ නැත්තම් Aniwa බලපන්බලල කොහ්මද කියහන්

    MV5BMTU0MTQzNzAxMl5BMl5BanBnXkFtZTgwNjg4MjcxNjE@._V1_SX640_SY720_.jpg
     
    • Like
    Reactions: JesonRulez

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    mokakda story eka

    ඩේමියන් කියන්නෙ දැන් ටිකක් මහළු වෙලා පිළිකා රෝගයෙන් පෙළෙන කෙනෙක්. ඒ විතරක් නෙවෙයි ලොකු සල්ලි කාරයෙක්. කොහොමහරි යම් ක්‍රමයකට මෙයාට “සිරුර මාරුව” කියන ක්‍රමය ගැන අහන්න ලැබෙනව. ඒක එයාට දැනගන්න ලැබෙන්නෙ කාර්ඩ් එකකින්. ඒක ලැබුණ විදිහ දැනගන්න වෙන්නෙ ෆිල්ම් එකේ මැදදි. කොහොමහරි සිරුර මාරුවේදී වෙන්නෙ කිසියම් හේතුවකට සිරුරක් මිය යමින් ඒ කියන්නෙ ජීවයකට තව දුරටත් ඉන්න බැරි තත්වෙට පත් වෙනව නම් ඒ ජීවයට වෙනත් සිරුරක් ලබා දීම. ඩේමියන් සිරුර මාරු කරගන්නව. ඒ ක්‍රියාවලිය කරන ඩොක්ටර් කියන්නෙ ඒ සිරුර පරීක්ෂණාගාරය තුලම නිර්මාණය කරපු එකක් කියල. ඒත් ඒක එහෙම නෙවෙයි. ඇත්තටම කලින් ජීවය තිබ්බ සිරුරක් තමයි ලැබෙන්නෙ. කොහොමහරි මෙයා සිරුර මාරු කරගෙන විනෝදෙන් ඉන්නකොට අතුරු ප්‍රතිඵල වලට දීපු බේත් බොන්න බැරි වෙනව. එතනින් තමයි කථාව නියමෙටම පටන් ගන්නෙ. මෙයාට මොන මොන දේවල් වලට මුහුණ දෙන්න වෙයිද? මුලින් ඩේමියන් ටිකක් නරක හාදයෙක් වගේ පෙනුනට මිනිහගෙ හිත හොඳයි. කලින් සිරුර අයිති කෙනා මොන වගේ කෙනෙක්ද? අන්තිම වෙනකං ආසාවෙන් බලන්න පුළුවන් ෆිල්ම් එකක්