පට්ට එලාම් ඔරලෝසුවක්.....

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    පට්ට එලාම් ඔරලෝසුවක්.....

    පට්ට එලාම් ඔරලෝසුවක්.....:P

    14(109).jpg


    කම්මැලියන්ට හිසරදයක් වන තාලයේ ‘එලාම්‘ ඔරලෝසුවක් නිපදවීමට බ්‍රිතාන්‍යය සමාගමක් සමත්ව ඇත.
    රැයේ නින්දට යන්නා සකස් කළ වේලාවට පසුදින උදයේ එලාම් නාදය නිකුත් කරන මේ ඔරලෝසුව අනතුරුව කාමරය පුරා රවුම් ගැසීමටද පටන් ගනී:baffled:.මේ කන්කරච්චලයෙන් බේරීමට නම් කම්මැලිකමට ඇදේ ගුලිවී නොසිට බිමට පැන ඔරලෝසුව අල්ලා එය ක්‍රියාවිරහිත කළ යුතුය:rofl:.නොඑසේනම් එය දිගින් දිගටම කාමරයේ රවුම් ගසමින් එලාම් නාදය නිකුත් කරමින් සිටිනු ඇත:shocked:.
    පොළව මට්ටමෙන් උස් ස්ථානයක සිට බිමට වැටුණද මේ ඔරලෝසුවට කිසිදු හානියක් සිදු නොවන බව නිර්මාපකයින් කියයි.ඔවුන් එසේ සදහන් කරන්නේ බොහෝ පුද්ගලයින් සිය එලාම් ඔරලෝසු ඇද ආසන්නයේ කනප්පුවක් වැනි පොළව මට්ටමේ සිට උස් ස්ථානයක තැබීමට පුරුදුව ඇති හෙයිනි.එලාම් නාදය නිකුත් කරගෙනම එවන් උස් ස්ථානයක සිට වුවද ‘බිමට පැනීමට‘ මේ ඔරලොසුව සමත් බව ඔවුන් කියයි:cool:.
    මේ ‘පැනීම්‘ හා ‘රවුම් ගැසීම්‘ වලට උදවු වන්නේ ඔරලෝසුවට සවිකර ඇති රෝදය. ඒවා එලාම් නාදය නිකුත් වීමත් සමග ක්‍රියාත්මක වන ඇටවුමකට සම්බන්ධ කර ඇත.
    මෙම නිර්මානයට ඉතා හොද ප්‍රතිචාර ලැඛෙමින් පවතින බව සමාගම් ආරංචි මාර්ග සදහන් කරයි.

    15(108).jpg




    ඔන්න මට හොදයි කියල හිතුන නිසා ඔයාලත් එක්ක SHARE කරගත්ත ....:yes: