පට්ට ඩ්‍රෝන් එකක්..
ඩ්‍රෝන යානා නැතිනම් කොඩ්රකොප්ටර් මේ වන විට අපේ රටෙත් සුලභව තියෙනවා. වෘත්තීමය ඡායාරූපය ශිල්පීන් වගේම විනෝදාස්වාදය සඳහාත් අපේ රටේ උදවිය ඩ්‍රෝන යානා භාවිතා කරනවා. ඇත්තටම ඩ්‍රෝන් එකක් කියල කියන්නෙත් කෙනෙකුට පහල වෙච්චි මරු අයිඩියාවක්. ඒ ඩ්‍රෝනයට DSLR හෝ ගෝ ප්‍රෝ කැමරාවක් ඈඳීමත් මරුම අයිඩියාවක්. මේ හරහා Arial View Cinematography කියන නවතම සංකල්පය බිහිවෙලා තියනවා. ඒත් අද කතා කරන්නේ අලුත් සංකල්පයක් මත ගොඩනැගුනු ඩ්‍රෝන යානයක් ගැනයි.
මේ ඉන්නෙ ලිලී (Lily). නව සංකල්පයක් සහිතව ඩ්‍රෝන යානාවක්. සාමාන්‍ය ඩ්‍රෝනයක් වගේ ඉහල යෑම හැකියාව වගේම එයට අමුනපු කැමරාවෙන් ඡායාරූප වගේම වීඩියෝ ගන්නත් ලිලීට පුලුවන්.
කැමරාවක් සවිකල සාමාන්‍ය ඩ්‍රෝන් යානාවක සහ ලිලී අතර පවතින වෙනස මොකක්ද එතකොට ?
ලිලී පරිශීලකයා සමඟ සම්බන්ධවෙනවා කුඩා ට්‍රැකින් උපකරණයකින්. පරිශීලකයාට තිබෙන්නේ අවශ්‍ය පෙර සැකසුම් කිරීමෙන් පසු ලිලී ගුවන් ගත කිරීමටයි. එම ගුවන්ගත කිරීම අතේ තබාගන හෝ විසි කර දැමීම මඟින් කල හැකැයි.ඉන් අනතුරුව පෙර සැකසුම් අනුව ලිලී පරිශීලකයා සමඟම පැමිණෙනවා. මෙම පෙර සැකසුම් මඟින් පරිශීලකයා පසු පසින්, පැත්තෙන් , ඉදිරියෙන් හෝ කවයක් ආකාරයකට ඩ්‍රෝන යානය ගමන් කරමින් ඡායාරූප ගැනීම හෝ වීඩියෝ කිරීම සිදුවෙනවා.
මෙම නිෂ්පාදනය තවමත් විවෘත වෙළඳපොලට නිකුත් වී නැහැ. පෙර ඇණවුම් මඟින් 2016 පෙබරවාරි මස සිට අවශ්‍ය පාරිභෝගිකයන්ට ලිලී ලබාගත හැකි බවයි අදාල සමාගම පවසන්නේ.
www.lily.camera (නිල වෙබ් අඩවිය) ට අනුව ඩ්‍රෝන යානයේ තාක්ෂණික තොරතුරු පහත පරිදියි.
ඕනෑම ඉලෙක්ට්‍රොනික් උපකරණයක ආවේණික දෝශ සහ ගැටලු පැවතීමේ හැකියාවක් පවතිනවා. නව සංකල්පයක් සහිතව බිහිවෙන උපකරණයක පලවෙනි පරම්පරාව බොහෝ විට අඩුපාඩු සහිතවයි වෙළඳ පොලට පැමිණෙන්නේ එය ලිලී කැමරා ඩ්‍රෝනය සම්බන්ධයෙන්ද සත්‍යයක්.
ඉස්සුවේ මෙතනින්....
ඩ්‍රෝන යානා නැතිනම් කොඩ්රකොප්ටර් මේ වන විට අපේ රටෙත් සුලභව තියෙනවා. වෘත්තීමය ඡායාරූපය ශිල්පීන් වගේම විනෝදාස්වාදය සඳහාත් අපේ රටේ උදවිය ඩ්‍රෝන යානා භාවිතා කරනවා. ඇත්තටම ඩ්‍රෝන් එකක් කියල කියන්නෙත් කෙනෙකුට පහල වෙච්චි මරු අයිඩියාවක්. ඒ ඩ්‍රෝනයට DSLR හෝ ගෝ ප්‍රෝ කැමරාවක් ඈඳීමත් මරුම අයිඩියාවක්. මේ හරහා Arial View Cinematography කියන නවතම සංකල්පය බිහිවෙලා තියනවා. ඒත් අද කතා කරන්නේ අලුත් සංකල්පයක් මත ගොඩනැගුනු ඩ්‍රෝන යානයක් ගැනයි.
මේ ඉන්නෙ ලිලී (Lily). නව සංකල්පයක් සහිතව ඩ්‍රෝන යානාවක්. සාමාන්‍ය ඩ්‍රෝනයක් වගේ ඉහල යෑම හැකියාව වගේම එයට අමුනපු කැමරාවෙන් ඡායාරූප වගේම වීඩියෝ ගන්නත් ලිලීට පුලුවන්.
කැමරාවක් සවිකල සාමාන්‍ය ඩ්‍රෝන් යානාවක සහ ලිලී අතර පවතින වෙනස මොකක්ද එතකොට ?
ලිලී පරිශීලකයා සමඟ සම්බන්ධවෙනවා කුඩා ට්‍රැකින් උපකරණයකින්. පරිශීලකයාට තිබෙන්නේ අවශ්‍ය පෙර සැකසුම් කිරීමෙන් පසු ලිලී ගුවන් ගත කිරීමටයි. එම ගුවන්ගත කිරීම අතේ තබාගන හෝ විසි කර දැමීම මඟින් කල හැකැයි.ඉන් අනතුරුව පෙර සැකසුම් අනුව ලිලී පරිශීලකයා සමඟම පැමිණෙනවා. මෙම පෙර සැකසුම් මඟින් පරිශීලකයා පසු පසින්, පැත්තෙන් , ඉදිරියෙන් හෝ කවයක් ආකාරයකට ඩ්‍රෝන යානය ගමන් කරමින් ඡායාරූප ගැනීම හෝ වීඩියෝ කිරීම සිදුවෙනවා.
මෙම නිෂ්පාදනය තවමත් විවෘත වෙළඳපොලට නිකුත් වී නැහැ. පෙර ඇණවුම් මඟින් 2016 පෙබරවාරි මස සිට අවශ්‍ය පාරිභෝගිකයන්ට ලිලී ලබාගත හැකි බවයි අදාල සමාගම පවසන්නේ.www.lily.camera (නිල වෙබ් අඩවිය) ට අනුව ඩ්‍රෝන යානයේ තාක්ෂණික තොරතුරු පහත පරිදියි.
- නොගැලවිය හැකි ලිතියම් අයන් බැටරියකින් ඩ්‍රෝන යානය සහ බලගැන්වේ.
- ගුවන් කාලය මිනිත්තු 20 කි.
- ජල ප්රතිරෝධීවේ.
- ගුවන් ගත කල හැකි උපරිම උස අඩි 50කි.
- 12 MP කැමරාවක් සහිතයි.
- 4GB අභ්‍යන්තර මතකයකින් සමන්විත වන අතර බාහිර මෙමරි පත් භාවිතා කිරීම සඳහා මෙමරි ස්ලොට් එකක් පවතී.
- ට්‍රැකර් උපකරණය වරක් ආරෝපණය කිරීමෙන් පසු පැය 4ක් භාවිතා කල හැකි අතර එයද ලිතියම් අයන් බැටරියකින් බල ගැන්වේ.
- ට්‍රැකින් උපකරණය ජල ප්‍රතිරෝධී වන අතර ජලය ඇතුලු නොවන බහාලනයක්ද එය සමඟ සැපයේ.
ඕනෑම ඉලෙක්ට්‍රොනික් උපකරණයක ආවේණික දෝශ සහ ගැටලු පැවතීමේ හැකියාවක් පවතිනවා. නව සංකල්පයක් සහිතව බිහිවෙන උපකරණයක පලවෙනි පරම්පරාව බොහෝ විට අඩුපාඩු සහිතවයි වෙළඳ පොලට පැමිණෙන්නේ එය ලිලී කැමරා ඩ්‍රෝනය සම්බන්ධයෙන්ද සත්‍යයක්.
- ලිලීගේ විශාලම අඩුපාඩුව නම් එයට බාධක මඟහැර යෑමේ හැකියාවක් නොමැතිවීමයි.එය ස්වයංක්‍රීයව පාලනය වන මෙබඳු උපකරණයක අනිවාර්ය අංගයක් විය යුතු බවයි මරු අයිඩියාස් හි අපේ මතය.මේ හේතුව නිසා පරිශීලකයා අනුගමනය කරමින් පැමිණෙන ඩ්‍රෝන යානය ගසක් බඳු බාධකයක ගැටීමේ අවදානමක් පැන නගිනවා.
- ඩ්‍රෝන යානය බලගැන්වෙන්නේ නොගැලවිය හැකි ලිතියම් අයන් බැටරියකින්. ලිතියම් අයන් බැටරි වල ආයු කාලය මනින්නේ ආරෝපණය කල හැකි වාර ගණනින්. ඉන් අනතුරුව බැටරිය ඉවත් කර වෙනත් බැටරියක් යෙදීමට සිදුවෙනවා. නමුත් ලිලී හි බැටරිය නොගැලවිය හැකි නිසා බැටරියේ ආයුකාලය අවසන් වූ පසු කෙබඳු ආකාරකට නව බැටරියක් යෙදිය යුතුද යන්න නිෂ්පාදකයන් සඳහන් කර නැහැ.
- පෙනෙන ආකාරයට නම් මෙම යානය බිමට ගොඩ බෑමට හැකිවන පරිදි පාදයන්ගෙන් යුතුව නිම කර නැහැ. සියලු පෙරහුරු සැසිවල නිෂ්පාදකයන් යානය ගොඩ බෑම සිදුකරන්නේ අත මතටයි. ඩ්‍රෝන යානයක් අත මතට ගොඩ බෑම ඥාණාන්විත ක්‍රියාවක් නෙවෙයි. මොකද එහි ඇති වේගයෙන් කරකැවෙන තල ශරීරයේ වැදුනහොත් දරුණු තුවාල සිදුවිය හැකි නිසා.
- මෙය තවමත් විවෘත වෙලඳපොලට නිකුත් වී නැහැ. නිෂ්පාදකයන් සහ අමතර කීපදෙනෙක් හැරෙන්නට අන් අය මෙම යානය භාවිතා කර නැතිනිසා එහි ගුණාත්මක භාවය කෙබඳුද යන්න තීරණය කිරීම අපහසුයි.
ඉස්සුවේ මෙතනින්....