Lakmal Darmarathna කූඹියෝ අධ්යක්ෂක කියන කතා 02
කූඹියෝ පිළිඹ්ද ඔබේ අවදානය එන්න එන්නම වැඩිවන නිසාම ඔබ බොහෝ දෙනා මමද රංග ශිල්පීනද අගය කරනු දැනෙයි.... එහෙත් කූඹියෝ යනු සාමූහික උත්සාහයකි. මම ඒ සාමූහිකයේ සාමාජිකයින් ඔබ හා බෙදා හදා ගනිමි.
![]()
"මේ සිටින්නේ කූඹියෝ නිශ්පාදක Asanka Dodantenne (අසංක දොඩන්තැන්න)ය. ඔබට රසවිඳින්නට යමක්ද මට නිර්මාණීය ඉඩක්ද හදා දුන් නිහඬ මිනිසා අසංකය. මිනිහෙකුට එච්චර ඉවසීමක් තිබේ යයි මම කිසිදා නොසිතුවෙමි. බජට් පැන්නේය ...
#අයියේ බජට් එක ටිකක් වැඩිවෙනවා.....
#හරි වැඩේ කරගෙන යන්න. දමිතට කියන්න මට කථා කරන්න කියලා. මොනම හේතුවකටවත් ෂූට් එක නවත්තන්න එපා..
---------------------------
එඩිට් කළ පසු...
#අයියේ මේක විකිණෙන පාටක් නෑ.. හෙන අඩු ගණන් වලට ඉල්ලන්නේ. මට රෑට නින්ද යන්නෙ නෑ...
#හලෝ විකාර කරන්නැතුව ඉවසලා ඉන්නවද වෙලාව එනකල්. මම දන්නවා මේක විකුණා ගන්න හැටි(මහ හඩින් සිනහවක්)
මගේ සහෝදර අධ්යක්ෂ වරුන්ට නිශ්පාදක වරුන් දෙන අමා සැපේ හැටියට අසංක දෙයියෙක් නොව දේවාලයකි. කූඹියෝ පිටුපස සිටි මහාම මිනිසා අසංකය. ඔබේ ගෞරවය මම අසංක සහෝදරයා සමඟ බෙදාගනිමි.....
-Lakmal Darmarathna (කූඹියෝ අධ්යක්ෂක)-

me ape main character eke sahodarayekda?![]()
oka film akakne bn oka patta man film aka beluwa

yakoo dan mekath coppakda ..![]()