පණපිටින් මරණ කකුළුවෝ 😲😲😲

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මස් මාළු කන එක වෙනම කතාවක්. බෞද්ධයො හැටියට, ඕනෑම සත්වයෙකුගෙ පණක් නසන එකේ ප්‍රතිඵල ඒවා කරන අයට කවදා හෝ දවසක ලැබෙයි කියල පිලිගන්නවා. සමහරවිට බර වාහන වලට යට වෙලා ඔළු කුඩු වෙන්නෙ සංසාරයේ මේ වගේ වැඩ කරපු අය වෙන්න ඇති.

    පව් කරලා ඇති ඕන තරම් උබ, මම, අපි ඔක්කොම. විපාක දෙන්න අවස්ථාව සැලසිච්ච ගමන් අනිවාරෙන් හැමෝටම විපාක දෙනවා. පව්, පින් හිලව් කරන්නවත්, ඉවර කරන්නවත් බැහැ. අඩුම සෝවාන් ආර්ය ශ්‍රාවකයෙක් වත් වුනොත් සතර අපායේ නොවැටී ඉන්න පුලුවන් පිරිනිවෙන තාක්. ඉතින් නොපමා වෙන්න.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    Kakuluwo Demala Kiyala Hithagena Da Mehema Karanne Unta?
    Mey Video Eka Dakkama Uthure Ahinsaka Demala Minissu Mathak Una... 😥😥

    Mey Mage Podu Adahasa... 🤓
    8QMfCW7.gif
    සහරාන්ල මරපු සිංහල දෙමළ මිනිස්සු මතක් උනේ නැද්ද? :lol:
     
    • Like
    • Haha
    Reactions: Lessar and NRTG

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,815
    9,953
    113
    පව් කරලා ඇති ඕන තරම් උබ, මම, අපි ඔක්කොම. විපාක දෙන්න අවස්ථාව සැලසිච්ච ගමන් අනිවාරෙන් හැමෝටම විපාක දෙනවා. පව්, පින් හිලව් කරන්නවත්, ඉවර කරන්නවත් බැහැ. අඩුම සෝවාන් ආර්ය ශ්‍රාවකයෙක් වත් වුනොත් සතර අපායේ නොවැටී ඉන්න පුලුවන් පිරිනිවෙන තාක්. ඉතින් නොපමා වෙන්න.
    එතකොට බන් දඩයම් යුගයේ එහෙම හිටපු උන් ඔක්කොම අපායෙනේ. මටත් නිතරම මස් මාළු කනකොට guilty feeling එකක් එනවා ඒත් ඒවා නැතුව කන්නත් බෑ බන්.
     
    • Like
    Reactions: NRTG

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,071
    3,900
    113
    පවු පින් නම් ඉතින් හිතාගෙන ඉන්න විදිහට තමයි. හාමුදුරුවෝ කියන ඒවා ඉහලින් පිලි අරන්, සිදුහත් කුමාරය ඇවිදිද්දී නෙලුම් මල් පිපුනා කියන ඒවා විශ්වාස කරන අයට පවු පින් තියනවා, ඒ ගොල්ලන්ට කරුමේ තියනවා. දෙයියෝ අදහන අයටත් තියනවා, ඒ අයට දෙයියෝ දඬුවම් කරනවා. උපතින් ලබාපු කතාව අනුව (ආගම අනුව) කට්ටිය අදහගෙන යනවා. ඔය අතරේ වැරැද්ද වැරද්දක් විදිහට තමන් ම තේරුම් අරන් හොඳ නරක මොනවද කියල තීරණය කරලා ජීවත් වෙන අයත් ඉන්නවා.
    කොහොම උනත් සතෙක් මරණ එක ඒ සතාට වේදනාවක් නිසා එහෙම නොකරනවා නම් හොඳයි. මැරුවා කියලා අමුතු කරුමයක් දඬුවමක් නම් හම්බවෙනවා කියන එක බොරුවක්. තව කෙනෙකුට වේදනාවක් නොදී ඉන්න හිතනවා නම් ඒක නම් අගය කල යුතුයි.
     
    • Wow
    Reactions: NRTG

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    එතකොට බන් දඩයම් යුගයේ එහෙම හිටපු උන් ඔක්කොම අපායෙනේ. මටත් නිතරම මස් මාළු කනකොට guilty feeling එකක් එනවා ඒත් ඒවා නැතුව කන්නත් බෑ බන්.

    ඔව්. සතර අපාය සත්වයගේ මහ ගෙදර වගේ කියලා දේශනා කරලා තියෙන්නේ ඒ නිසා. බුද්ධ ශාසනය පවතින කාලෙක මනුස්සයෙක් වෙලා උබලා ඉපදිලා තියෙන්නෙත් පින් කන්දක් නිසා තමයි. මේ අවස්ථාව මගහැර ගන්නවා කියන්නේ ආයේ කෙලවරක් හොයන්න හම්බෙන්නැ.
     
    • Haha
    • Like
    Reactions: strsraj and NRTG

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,815
    9,953
    113
    ඔව්. සතර අපාය සත්වයගේ මහ ගෙදර වගේ කියලා දේශනා කරලා තියෙන්නේ ඒ නිසා. බුද්ධ ශාසනය පවතින කාලෙක මනුස්සයෙක් වෙලා උබලා ඉපදිලා තියෙන්නෙත් පින් කන්දක් නිසා තමයි. මේ අවස්ථාව මගහැර ගන්නවා කියන්නේ ආයේ කෙලවරක් හොයන්න හම්බෙන්නැ.
    ඉතින් බන් සත්ත්ව ආහාරත් ශරීරයට ඕනෙනෙ. ඒකට මොකද කරන්න ඕනෙ?
     
    • Like
    Reactions: NRTG

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඉතින් බන් සත්ත්ව ආහාරත් ශරීරයට ඕනෙනෙ. ඒකට මොකද කරන්න ඕනෙ?

    කෑම ඕනේ එකක් කාපන්. (මරලා කන්නැතුව)
    කෑම කන්නේ ශරීරය පවත්වගන්න, එච්චරයි.

    ඕන මගුලක් කාලා, ධර්ම මාර්ගය පිලිපැදලා මාර්ගඵල ලබපන්.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,890
    28,797
    113
    පවු පින් නම් ඉතින් හිතාගෙන ඉන්න විදිහට තමයි. හාමුදුරුවෝ කියන ඒවා ඉහලින් පිලි අරන්, සිදුහත් කුමාරය ඇවිදිද්දී නෙලුම් මල් පිපුනා කියන ඒවා විශ්වාස කරන අයට පවු පින් තියනවා, ඒ ගොල්ලන්ට කරුමේ තියනවා. දෙයියෝ අදහන අයටත් තියනවා, ඒ අයට දෙයියෝ දඬුවම් කරනවා. උපතින් ලබාපු කතාව අනුව (ආගම අනුව) කට්ටිය අදහගෙන යනවා. ඔය අතරේ වැරැද්ද වැරද්දක් විදිහට තමන් ම තේරුම් අරන් හොඳ නරක මොනවද කියල තීරණය කරලා ජීවත් වෙන අයත් ඉන්නවා.
    කොහොම උනත් සතෙක් මරණ එක ඒ සතාට වේදනාවක් නිසා එහෙම නොකරනවා නම් හොඳයි. මැරුවා කියලා අමුතු කරුමයක් දඬුවමක් නම් හම්බවෙනවා කියන එක බොරුවක්. තව කෙනෙකුට වේදනාවක් නොදී ඉන්න හිතනවා නම් ඒක නම් අගය කල යුතුයි.
    matath mehema tamai dan hithenne

    honda narakanan subjective deyak..
     
    • Like
    Reactions: NRTG

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    ඕකුන්ගේ කන්න ඇති ලබ්බක් නෑ
    කටු කඩලා හති වැටෙනවා

    මුහු දුක කුළුවෝ රහ නෑ
    කල පුක කුළුවෝ රහයි
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    Me mokadda danne naha eth Kakuluwo, lobster wage saththu marunahama dahena ikmanata sawuththu wena hindalu ewlema maranne. Chef kenek kiwwe. habai un marana widi thiyenawa mehema nemei.:sorry:
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    ඕනම සතෙක් කන්න ඕන නම් පන පිටින් තමයි මරන්න ඕන
    fish beef chicken pork වගේ තමයි ඕනම සතෙක් රසයි කද්දී
    කකුළුවා පව් හරක අවුලක් නැ, මුවා පව් කුකුළා අවුලක් නෑ කියන උන් තඩි පච කාරයො. කනවනම් ඕනම සතෙක් පව් කියලා නොකා බොරුව දාන්න එපා ඒ මසට කැමති නෑ කොලස්තරොල් ඒ වගේ සීන් වලට එපා කියුවා නම් ලෝජීක් මේවා පකේ ලෝජික්. හාල් මැස්සෙක් වත් නොකා බිත්ත්‍රයක් වත් කටේ නොතිය උම්බලකඩ රස දන්නේවත් නෑ කියන්න කවුද ඉන්නේ ඔක්කොම ගජ බොරු කාරයො.
    Oka newei ethana thiyenne. Kale ahisakawa inna sathek maragena kana ekai, marannama farm ekaka saththu hadala un marana ekai 2k kiyala mn hithanne.
     
    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    585
    905
    93
    කාන්තාරයේ
    Oka newei ethana thiyenne. Kale ahisakawa inna sathek maragena kana ekai, marannama farm ekaka saththu hadala un marana ekai 2k kiyala mn hithanne.
    දෙකේ කිසිම වෙනසක් නෑ දෙකම පන තියන සත්තු ඇයි උඹට ඒක තේරෙන්නේ නැත්තේ. දෙගොල්ලොන්ටම තියෙන්නේ එකම මර බිය එකම වේදනාව. හරියටම අපි පූසා මියෙක් ඇල්ලුවා ම සතුටු වෙනවා කෙනෙක් ඇල්ලුවම දුක් වෙනවා. කුරුල්ලෙක් ඇල්ලිවම පුසාට ගහනවා අපි කුකුල්ලු මරලා ඌට කන්න දෙනවා ඔක්කොම එකයි බම් දුක් වෙලා වැඩක් නෑ දුක් වෙනවා කියන්නේ ඔක්කොම එකයි වෙනසක් නෑ ඒකයි මන් කියන්නේ
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,192
    947
    113

    "පණපිටින් මරණ කකුළුවෝ"

    පණ නැතිවත් මරනවද?​

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    කලපු කකුලුවෝ කන්න දසුනි සෙනෙත්මගෙ. පවු නෑ
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    හොදි විතරක් කෑවොත් පව් නැද්ද
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    දෙකේ කිසිම වෙනසක් නෑ දෙකම පන තියන සත්තු ඇයි උඹට ඒක තේරෙන්නේ නැත්තේ. දෙගොල්ලොන්ටම තියෙන්නේ එකම මර බිය එකම වේදනාව. හරියටම අපි පූසා මියෙක් ඇල්ලුවා ම සතුටු වෙනවා කෙනෙක් ඇල්ලුවම දුක් වෙනවා. කුරුල්ලෙක් ඇල්ලිවම පුසාට ගහනවා අපි කුකුල්ලු මරලා ඌට කන්න දෙනවා ඔක්කොම එකයි බම් දුක් වෙලා වැඩක් නෑ දුක් වෙනවා කියන්නේ ඔක්කොම එකයි වෙනසක් නෑ ඒකයි මන් කියන්නේ

    වෙනස්කම් සාපේක්ෂව ගොඩක් තියෙනවා. සංඣාව අනුව/ දෘස්ටිය අනුව..

    සතෙක්, *කෙනෙක්* වෙන කෙනෙක්ට ඔය ප්‍රශ්න, තියරි, ලොජික් ඔක්කොම ඇප්ලයි කරගෙන, 'මේක මෙහෙමයි..' කියලා මොකක්හරි නිගමනේකට එන්න පුලුවන්.

    සමහරවිට පූසාට කුරුල්ලා කෑමක් විතරන් වෙන්න පුලුවන්. එයාට ඔය ලොජික්, දැනුම තේරුම් ගැනීමේ හැකියාව අඩුයි. බඩගිනි වුනහම කෑමකන එක එයා කරන්නේ.

    චිකන් කන රහතන් වහන්සේට,
    පෙනීම, දැනීම දැනීම් මාත්‍රයෙන් අවසන් වෙනවා. වස්තු/ පුද්ගල සංඣාවක්/ දෘස්ටියක් එතන නැහැ.

    සංඣාව ගොඩනැගෙන්නේ ඇතුලෙන් මිසක් බාහිරින් නෙමෙයි. බාහිරයි, ඇතුලයි පැනවෙන්නෙත් මොකකහරි තියෙනවා.. කියන සංඣාව සහ ඒ මත දුවන දෘස්ටි නිසා.