පතමි නොගැටෙන ලෙසට 💔

Ameesha2

Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo


    පතමි නොගැටෙන ලෙසට කිසි දින

    සොඳුරු ඔබේ මුව කමල මා දෙනෙතේ



    අසමි යලි එය සැබෑ පැතුමද

    සැඟව වැලපෙන බිඳුනු සඳ ඔය

    තුරුණු සිත් මඩලේ



    උයන තරුණයි

    ගඟද තරුණයි

    ඈත කඳු වැටි පෙලද තරුණයි



    ගතින් නොවුනත්

    සිතින් මහළුව

    ඇයිද සකිසඳ

    තවම ලොව තරුණයි



    උයන අඳුරුද

    ගඟට රිදුනිද

    ඈත කඳු වැටි පෙලට දැනුනිද



    සිතින් විඳවන

    සිතුම් අතහැර

    වඩිනු සකිසඳ

    තවම මම නුඹගෙයි



    ගායනය : කරුණාරත්න දිවුල්ගනේ සමග ලක්ෂනා ලක්මිණී

    පද රචනය : යසනාත් ධම්මික බණ්ඩාර

    සංගීතය : අරුණ ගුණවර්ධන