පත්තෑයෙක් කාලා මැරිලා..😨😨😥

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,143
    46,845
    113
    මාස දෙකක් වයසැති පුංචි සිතුම්

    මූන්දලම දේවාල හන්දිය ප‍්‍රදේශයේ නිවසක නිදියහනේ සිටි බිළිඳෙකුට පත්තෑයකු දෂ්ට කිරීමෙන් ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි පල්ලම පොලිසිය පවසයි.
    මෙලෙස අවාසනාවන්ත අන්දමින් මියගොස් ඇත්තේ මූන්දලම, අගුණවිල, දේවාල හන්දියේ පදිංචිව සිටි මිරිසගේ සිතුම් දිලූම් සචිත‍්‍ර නමැති මාස 2 යි දින 20 ක් වයසැති බිළිඳෙකි.

    මරණයට පත් බිළිඳා සිය මව සහ වැඩිමහල් සහෝදරියන් දෙදෙනා සමග එකම ඇඳේ නිදාසිට තිබේ. මව අලූයම අවදි වී බැලීමේදී සිය බිළිඳාගේ නිහඬතාව හේතුවෙන් දරුවා ව පරීක්‍ෂා කර ඇත. එහිදී දරුවාගේ වම් අතේ මහපටැඟිල්ලේ සිට උරහිස දක්වාත්, පිට පුරාත් සතකු සූරා ඇති අයුරු දක්නට තිබී ඇත. දරුවාගේ ශරීරයද සීතල වී තිබූ බැවින් එම දෙමාපියන් වහාම බිළිඳාව මූන්දලම රෝහලට ගෙන යනු ලැබූහ.

    එහිදී බිළිඳාව පරීක්‍ෂා කර ඇති වෛiවරුන් බිළිඳා මියගොස් ඇති බව දෙමාපියන්ට පවසා තිබේ.අනතුරුව බිළිඳාගේ පියා නිවසට පැමිණ බිළිඳා නිදා සිටි ඇඳ පරීක්‍ෂා කර බැලීමේදී එහි තරමක් විශාල පත්තෑයකු සිටියදී හමුවී තිබේ.

    මියගිය බිළිඳාට දෙපසින් ඔහුගේ වැඩිමල් සොයුරියන් දෙදෙනා ඇඳේ නිදා සිට ඇතත්, එම වැඩිමහල් සොයුරියන් දෙදෙනාගෙන් කිසිවකුටත් එම පත්තෑයා දෂ්ට කර නැතැයි හෙළිවූ බවද පොලිසිය කියයි.
    මියගිය බිළිඳාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය හලාවත රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වික‍්‍රමාරච්චි මහතා විසින් සිදු කරනු ලැබීය.

    මේ පිළිබඳව පල්ලම පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ගාමිණී සිරිවර්ධන මහතාගේ උපදෙස් මත පොලිස් කොස්තාපල් ප‍්‍රදීප් (79661* වැඩිදුර පරීක්‍ෂණ සිදු කරති.

    https://www.gossiplankanews.lk/නිදි-යහනේදීම-මරු-තුරුලට-ග/
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    පත්තෑයො / ගරුඩො එච්චර විස නෑ, මිනිහෙක්/සතෙක් මරන්න තරන් විශ ප්‍රමානයක් ඇත්තෙත් නෑ
    මොකක් හරි ඇලර්ජි රියැක්ශන් එකක් එන්න ඇති, එහෙම අයට කෙලවෙනව
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,587
    113
    මාස 2 ළමයව වෙනම පොඩි ඇඳක නිදි කරවන්න එපැයි. ඒතරම් වත් ආර්ථිකයක්වත් නැතිව මොකට ළමයි හදනවද මන්දා. මහ උන්ගේ තියෙන විසේට පෙඩි දරුවෝ වන්දි ගෙවන්න ඕනේ. අපේ දෙමව්පියෝ බුදු වෙන්න ඕනේ මදුරුවෙක්වත් කන්න නොදී අපිව හැදුවට.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    පත්තෑයො / ගරුඩො එච්චර විස නෑ, මිනිහෙක්/සතෙක් මරන්න තරන් විශ ප්‍රමානයක් ඇත්තෙත් නෑ
    මොකක් හරි ඇලර්ජි රියැක්ශන් එකක් එන්න ඇති, එහෙම අයට කෙලවෙනව
    මරන්න බෑ ඒත් පොඩි ලමයෙක්ට දරාගන්න අමාරුයි බන්. ගෝනුස්සත් ඔහොම තමයි. නමුත් දන්න විදිඅයට පත්තෑයා ටිකක් විසයි. දුප්පත්කම සහ අපිලිවෙල තමයි.
     

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    මාස 2 ළමයව වෙනම පොඩි ඇඳක නිදි කරවන්න එපැයි. ඒතරම් වත් ආර්ථිකයක්වත් නැතිව මොකට ළමයි හදනවද මන්දා. මහ උන්ගේ තියෙන විසේට පෙඩි දරුවෝ වන්දි ගෙවන්න ඕනේ. අපේ දෙමව්පියෝ බුදු වෙන්න ඕනේ මදුරුවෙක්වත් කන්න නොදී අපිව හැදුවට.
    😂😂😂
     

    Similar threads