පත්තු කොකා (New Update)

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,238
    5,071
    113
    Loading...
    15kOOZU.jpeg


    සිය සේවකයින්ට ප.හර දීම්, බිය වැද්දවීම් ඇතුළු චෝදනා රැසක් එල්ල වී ඇති 'මිස්ටර් කොත්තු' අවන්හල් ජාලයේ හිමිකරු පිළිබඳ තොරතුරක් සොයාගත නොහැකි බව වාර්තා වෙනවා.

    විරාජ් වික්‍රමරත්න නම් මොහු ඊයේ (27) සමාජ මාධ්‍යයේ පැතිර ගිය ආන්දෝලනාත්මක වීඩියෝ දර්ශනත් සමග පොලිසිය මොහු පිළිබඳ නීතිමය පියවර ගන්නා බව දන්වා සිටියා.

    එම අවස්ථාවේ සිට විරාජ් වික්‍රමරත්න සම්බන්ධ කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබෙනවා.

    ඔහුගේ පුද්ගලික දුරකථන අංකය ක්‍රියාවිරවිතව පවතින අතර කිසිඳු මිස්ටර් කොත්තු කාර් යාලීය දුරකථන අංකයකට කිසිවෙක් ප්‍රතිචාර දක්වන්නේද නැහැ.

    මේ අතර ඔහු සිය නිවසේද මේවනවිට නොමැති බවට වාර්තාවන අතර ඔහු සිටින ස්ථානයක් පිළිබඳ මෙතෙක් නිල වශයෙන් වාර්තා වී නැහැ.

    සාමාන්‍යයෙන් දිනපතා පළකිරීම් සිදුකරන ඔහුගේ පුද්ගලික ෆේස්බුක් පිටුව සහ Mr. Kottu ප්‍රධාන ෆේස්බුක් පිටුව තුළද ඊයේ දින සිට කිසිඳු පළකිරීමක් සිදුකර නොමැති වීමත් විශේෂත්වයක්.

    මේවන විට මිස්ටර් කොත්තු ආයතනය තුළ සේවය කළ සේවකයින් රැසක් සමාජ මාධ්‍යයේ සිය අත්දැකීම් පළ කරමින් එහි හිමිකරුට දැඩි වාග් ප්‍රහාර එල්ල කරන ආකාරයක්ද දක්නට ලැබෙනවා.

    Copied​

    Lol
    ------ Post added on Jun 29, 2026 at 5:43 PM
     
    Last edited:

    Similar threads