පදක්කම් හපන්නේ ඇයි ?

Dark M

Well-known member
  • Mar 4, 2016
    656
    326
    63
    35
    Italy
    පදක්කම් හපන්නේ ඇයි ?

    Do-you-know-why-Olympic-champions-bite-their-medals-660x400.jpg


    ඔබ බොහෝ අවස්ථා වල දැක ඇති ඔලිම්පික් ක්‍රීඩා තරඟවලින් ජයග්‍රහණය කරන තරඟකරුවන් ඔවුනට හිමි පදක්කම් හපන බව. මේ සිදුවීම අපි නිතරම දකින නිසා එය එතරම් ගණනකට නොගත්තත් මේ පසුපස ඇති සැබෑ අර්ථය පිළිබඳව ඔබ මොහොතකටවත් සිතා බැලුවා ද ?

    මේ ආකාරයේ ක්‍රියාවක් මුලින්ම දැකගැනීමට හැකිවන්නේ 1992 වසරේ පැවති ඔලිම්පික් උළෙලේදී යි.

    6208805-196982-1471782127-650-ab22d16e2b-1472021704.jpg


    නමුත් මෙවැනි පුරුද්දක් ක්‍රිඩකයන් අතරට පැමිණියේ ඇයි ?
    ඇත්තටම මේ ප්‍රශ්නයට ඇත්තේ සරල පිළිතුරකි.

    ඒ ඡායාරූප ශිල්පින් ඔවුනට එසේ කිරීමට කියා පවසන නිසා ලු. තමන් දිනාගත් පදක්කම සමඟ නිකන් සිටගෙන සිටිනවාට වඩා මේ ආකාරයෙන් ඡායාරූප වලට පෙනීසිටීම ලස්සන යැයි ඔවුන් සලකන්නේ තමන්ගේ ජයග්‍රහණයේ රස හොඳින්ම දැනෙන බව පෙන්වනාක් වැනිය.


    6208655-13FEB-Mo-Farah-Olympic-Gold-Medal-1471782210-650-80db274846-1472021704.jpg


    මිනිසුන් අතීතය සිටම රත්‍රන් වල ප්‍රමිතිය මැනීමට එය සපා බැලීමට පුරුදු වී සිටි බව දැනගන්නට ලැබෙනවා. ඒ එය මෘදු ලෝහයක් වූ නිසායි. නමුත් වර්තමානයේ තිබෙන ඔලිම්පික් පදක්කම් වල 93% ක් ම අන්තර්ගත වන්නේ රිදී ලොහය යි.

    6208955-NEYMAR-GOLD-1471783330-650-c899d1400b-1472021704.jpg


    නමුත් මේ ක්‍රියාව ඔබේ දත් වලට නම් එතරම් හොඳ නැති බව මතක තබාගත යුතුයි.

    පදක්කම් හපන අය අතර ඒ වෙනුවට එයට හාදුවක් දෙමින් ආදරය හා ගෞරවය පුදකරන අය ද නැතුවා ම නොවෙයි.

    6208605-Julia-Lipnitskaia-Olympic-2014-Routine-1471779894-650-962060b367-1472021704.jpg

    ලස්සන නංගි කෙනෙක් නේද?

    බම්ප්, කොමෙන්ට් සහ රේප් තුනම අගයනවා යලුවනේ...
     

    mbltch

    Active member
  • May 1, 2012
    478
    53
    28
    ඔය උරච්චි කරලා බලන්නේ බන් ඇත්තටම gold ද කියාල :D:D:D:D:D