පිටකොටුව ඕල්කට් මාවත හා ඒ අවට සියලූම මාර්ගවල ද කොටුව ප‍්‍රදේශයේද ඇතුළුව කොළඹ සියලූම ප‍්‍රධාන මාවත්වල පදික වෙළදාම් සදහා වෙළදුන්ට යළි අවසර ලබාදුන් බව නගරාධිපති ඒ.ජේ.එම් මුසම්මිල් මහතා පවසයි.
පසුගිය රජය විසින් නගරයේ පදික වෙළදාම තහනම් කර එම වෙළදුන්ට වෙළද සංකීර්ණ තනා දුන්නද ඔවුන් ඒවා සියල්ලම වෙනත් පුද්ගලයින්ට විකුණා ඇති බවද පවසන නගරාධිපතිවරයා කලින් කලට සිය දේශපාලන උවමනා එපාකම් ඉටුකර ගැනීමට සදහා ඇතැම් දේශපාලඥයින් පදික වෙළදුන් අතකොළු බවට පත්කර ගැනීමේ ක‍්‍රමය මේ සමගම ඉවත් වනු ඇතැයිද කියා සිටියේය.
***************************************
කොළඹ නගරයේ පදික වෙළදාමට ඉඩ දීම නැති ප‍්‍රශ්ණ ඇති කරන්නක් යයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ඔහු පවසනක්කේ පදික වෙළෙන්දන් සදහා අක්කර 09 ක ඉඩමක් පුරා අලංකාර නගරයක් ඉදිකිරීමට තමන් සැලසුම් සකස් කර තිබුණු බවයි.
‘පදික වෙළෙන්දන් සදහා අක්කර 09 ක ඉඩමක ලස්සන නගරයක් ඉදිකරන්න මම සැලසුම් කරගෙන හිටියා.ඒ වගේ දේවල් තමයි කෙරෙන්න ඕනෑ. එහෙම නැතිව ආපසු පදික වේදිකාවල කඩ දාන්න ගියාම එතන ප‍්‍රශ්න කීපයක් ඇති වෙනවා.එකක් තමයි පදික වේදිකාවල මිනිස්සුන්ට යන්න බැරි වුණාම ඒ අය යන්නේ පාරේ.ඊටපස්සේ වාහන හිරවෙලා මාර්ග තදබදයක් ඇති වෙනවා.ඒ වගේම කඩ අයිතිකාරයන්ගෙන් ලොකු ප‍්‍රශ්න තියෙනවා.ඒ හින්දා තමයි අපි මේක නැවැත්තුවේ.නගරාධිපතිවරයා මෙවර අරගෙන තියෙන්නේ දේශපාලනය ගැන හිතලා ගත්තු තීරණයක් මිස රට ගැන හිතලා ගත්තු තීරණයක් නොවේ’යයිද ඔහු සදහන් කරයි.

