පදිරි වෙලා තියනවද......?

malinthalakmal

Active member
  • Dec 26, 2011
    128
    47
    28
    පදිරි වෙලා තියනවද......?


    පදිරි වීම මුලිකවම දෙයාකාරයකට වෙන බව මගේ මිතුරන් බොහෝවිට පවසයි...
    එනම අපි පදිරි වීම සහ අපිට පදිරි වීමයි....;)
    අපේ පෙර පින් වල ආනුභාවයෙන් හැම විටකම පාහේ අපි පදිරි වෙන අතර ඉද හිට එහෙමත් දිනක කොහේ හරි නන්නත්තාරේ ගිය අප්පුහාමි කෙනෙක් වගේ එකක් අපිට පදිරි වෙනවාය...
    ගිය සතියේ දිනක ඉන්ටව් එකක්කට ගිය අපේ අල්ලපු ගෙදර අයියා කඩ්ඩ වනා ගන්න බැරුව අම්බානට පදිරි උන බව හවස ගෙදර ඇවිත් ඌ කොල්ලන් සමග කී හැටි මට යන්තමට මතකය...රිසෙප්ශන් එකේ හිටංම අම්බානට කඩු පාරවල් කා ලේ ගලමින් මැනේජරයා අසලට ගිය හැටිත් ඌත් කිසිම හිතක් පපුවක් තැතුව තව තව දරුණු කඩු පාරවල් එල්ල කල හැටිත් අයියා පැවසුවේ හැඩූ කදුලිනි....
    කඩ්ඩ ගෑවිච්ච ගෑවිච්ච තැන්වල අම්බානකට පොඩ්ඩක් වැඩිවෙන්න අපි පදිරි වෙන බව අපි ඉන්තේරුවෙන්ම දන්නා නිසා අපි වැඩිය කඩු කිනිසි භාවිතයට මනාප නැත...
    මේ අස්සෙන් මට මතක් වෙන්නේ අපේ "බෙලෙක්ක ජෝතියා" ඩයලොග් අක්සියාටා එකේ ඉන්ටව් එකක්කට ගොහින් එතන ඉන්ටව් බෝඩ් එකම පදිර කෙරූ පුවතය...
    ඉන්ටව් එකට ජෝතියා සමග ගියේ මම තුමාය......
    උගේ ඉන්ටව් එක ඉවර වෙනකම් අම්බානට පැය ගානක් පාර අයිනේ පදිරි උනෙමි....:eek:
    අවසානයේ ඉර අවරට හැරෙන්න ඔන්න මෙන්න තියා මුහුන පුලුටු කර ගත් බෙලෙක්කයා ෆයිල් එකත් උස්සන් කෙලගෙන එනවා දුටුවෙමි....
    මොකක්ද මචන් සීන් එක....මම සේප් එකේ ඇසුවා මතකය....
    බලපන් බන්....අර ඇතුලේ ඉන්න ගෑනි මගෙන් ඇහුවනේ අම්මත් එක්ක එකට එක කියනවද කියලා....
    ඉතින් උබ මොකද කිව්වේ....
    මම ඔව් කිව්වා.....
    නොදෝමකින්...යකෝ...ඉන්ටව් එකක තෝ ගෙදර මරා ගත්තත් ඔහොම අහනකොට නෑ කියලා ගස් හිවලො කියන්නේ.....
    ඒවා මම දන්නේ නෑ...මම දුන්නා ඒ ගෑනිට ඇට්ටි හැලිලා පදිරි වෙන්න...ඒකිට වැඩැක් නෑ නේ ගෙදර ඒවා...බ්ලා...බ්ලා...
    බෙලෙක්ක ජෝතියා ඩයලොග් එකේ ඇන්ටිව ඉන්ටව් එකේ පදිරි කරාට පස්සේ මතක ඇති කාලෙක ආය ඌ ඉන්ටව් ගිය වගක් මට මතක නැත....
    ඉන්ටව් යෑම ඌට එච්චරටම පදිරි සිද්දියක් වී හමාරය....
    ඒ සිද්දි කොහොම වෙතත් මේ දවස් වල නැගලම යන සිද්දිය අර ඇන්ටිගේ පදිරි පෝන් කෝල් එක සහ නංගි බබා ගේ පදිරි සින්දුවය...
    වීඩියෝ පටය ගැන කතා කරන්න ගිහින් පදිරි වෙන්නට මට බැරිය......
    ඒ දරුවන්ට හම්බකරලා දෙන්න රට ගිය ගෑනියක්ගේ දුක පදිරි ජෝක් එකක් නොවන නිසාය.....
    ඒත් අර සූටි නංගිගේ ගායනාව නම් පට්ට පදිරිය පදිරිය.......කොච්චරට පදිරි කියනවා නම් අපේ ටොමියාට ඒ සින්දුව ඇහෙනකොට පදිරි වැඩිවේ යන්තමට කෙදිරි ද ගැවෙයි....
    කොහොමෙන් කොහොම වෙතත් අපේ අප්පච්චි නම් කියන්නේ රට දැන් ටික ටික පදිරි වේගෙන එනවා කියාය....
    අප්පචිලාගේ කතාවලට හොට දමා පදිරි වෙන්නට අකමැති නිසා පදිරි සටහන මේ හරියෙන් නවත්තන්නම්....යන්ට කලින් මතක් කරන්ට ඕනේ මේක......
    කොල්ලෙක් වශයෙන් පදිරි වීමේ කල්යිමැක්ස් එක කෙල්ලෙක්ට පදිරි වීම....ප්‍රබුද්ධ විදිහට කියනවා නම් විරහා වේදනාව.....
    කෙල්ලන්ට පදිරි උනාට කමක් නෑ.....:yes:
    වැටිච්ච වැටිච්ච තැන්වල කෙදිරි ගගා නොයිද පදිරි වෙච්ච තැන් අමතක කරලා ඉස්සරහට යමන්.....:yes::yes::yes::yes:
    නැත්ත ජීවිතේම පදිරි වෙලා යනකම් උබලා දන්නෙ නෑ....


    සටහන
    -වාසනාවන්ත-


    බ්ලොග් එක පැත්තෙත් ඇවිල්ලා යනවනම් මෙන්න පාර.......
    http://wasanawanthaya.blogspot.co.uk/
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113

    රිසෙප්ශන් එකේ හිටංම අම්බානට කඩු පාරවල් කා ලේ ගලමින් මැනේජරයා අසලට ගිය හැටිත් ඌත් කිසිම හිතක් පපුවක් තැතුව තව තව දරුණු කඩු පාරවල් එල්ල කල හැටිත් අයියා පැවසුවේ හැඩූ කදුලිනි....

    :lol::lol::lol::lol:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    අල්ලපු ගෙදර අයියා කඩ්ඩ වනා ගන්න බැරුව අම්බානට පදිරි උන බව හවස ගෙදර ඇවිත් ඌ කොල්ලන් සමග කී හැටි මට යන්තමට මතකය. :dull::dull::dull:
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    ඒක ඒකාට පදිරි වෙන්නෙ නැතුව, ලේඛන හැකියාව දියුණු කර ගනුව...!! :):)
    තොට ජය..!! :):)