පන්දහසක් දාපු බැංකු පොත බැංකුවට දුන්නාම &#3515

creed1

Well-known member
  • Aug 19, 2007
    6,750
    1,597
    113
    Hakata-ku, Fukuoka
    පන්දහසක් දාපු බැංකු පොත බැංකුවට දුන්නාම &#3515


    උපුටා ගැනීම ලංකාදීප .

    ඇත්තටම බැංකු මෙහෙම කරනවද. නොදන්නා අයගේ දැනගැනීම පිණිස උපුටා ගන්නා ලදී.


    කඩිනමින් බැංකුව තුළට ඇතුළු වූ තරුණයෙකි. මුදල් තැන්පත් කරන පෝරමයක් අතටගත් හෙතෙම එය පුරවා, රුපියල් පන් දහසක් සමඟ භාර දුන්නේ කවුන්ටරයේ සිටි නිලධාරිනියටය. ලදුපත ලබාගත් ඔහු තම සාක්කුවෙන් බැංකු පොතක් ගෙන ”මිස් මේක මට අප්ඬේට් කරලා දෙන්න” යැයි පැවසීය. බැංකු පොත ගත් නිලධාරීනිය සුළු වේලාවකින් ”මේ පොත කාගේදැයි” විමසුවාය. මේක මගේ එකවුන්ට් බුක් එක” තරුණයාගේ පිළිතුර විය.


    ”සර් ඩිපොසිට් එක රුපියල් දෙසීයට අඩුනම් මාසෙකට රුපියල් දහය ගානේ කැපෙනවා. ඇය කීවාය ”මට තේරුණේ නැහැ” තරුණයා විමසීය. එවිට නිලධාරිනිය ”සර්ගේ පොතේ බැලන්ස් එක රුපියල් දෙසීයට අඩුනම් මාසෙකට රුපියල් දහය ගානේ අඩුවෙනවා” යැයි පවසා ”මේකේ තියෙන්නේ රුපියල් අසූ දෙකයිනේ” යැයි කීවාය.


    ” ඕකේ රුපියල් ලක්‍ෂ එකහමාරට වඩා තියෙන්න ඕනේ. දැනුත් රුපියල් පන්දාහක් දැම්මනේ” තරුණයා විශ්මයෙන් පැවසීය. ”ඒ උනාට මේකේ තියෙන්නේ රුපියල් අසූ දෙකයි” නිලධාරිනිය නැවත පැවසූවිට, ”එහෙම වෙන්නේ කොහොමද?” තරුණයා පුදුමයෙන් ඇසීය. ”ආ සර්, මෙන්න පොත බලන්න” ඇය බැංකු පොත ඔහුට දිගු කළාය. ”හත් වලාමයි” ඔහුට කියැවිණි. ඔහු ගෙනැවිත් තිබුණේ තම බිරිඳගේ බැංකු පොතය. ”වෙරි සොරි මිස්” යැයි පැවසූ හෙතෙම බැංකුවෙන් පිටතට පැමිණියේය.
    (ක‍්‍රිස්ටෝපර් සිපියන්)

    http://www.lankadeepa.lk/index.php/articles/300049



    චින්තක 2015-03-02 03:50:52
    මේක දැක්කම මටත් දෙයක් කියන්න මතක් වුනා. දැන් ලංකාවේ නම තියෙන බැංකුවක ශේෂය රු. 1500 වඩා අඩු වුනොත් මාසේට 75 ගානේ කපා ගන්නවා. ඒක පිලිබඳව ගනුදෙනුකාරයන්ව දැනුවත් කරන්නේ නෑ. මමත් 1500 තිබුණ ගිණුමේ සල්ලි නැත්තේ ඇයි කියලා හොයලා බලද්දි තමයි එයාලා කිව්වේ. (නදී)



    දුම්මලසුරිය 2015-03-02 04:31:45
    දෙවියෝ සාක්කි, මේ විදියට ශේෂය අඩු ඌ විට සල්ලි කපා ගන්න බවක් දැනගන හිටියේ නැහැනේ. හොද වෙලාවට අර මනුස්සයා බිරිදගේ බැංකු පොත අරන් ඇවිත් තිබුනේ. එහෙම උනේ නැත්නම් අපි ඕක දැනගන්නේ කොහොමද? ස්තුතියි දෙවියෝ සාක්කි තීරයට. (නදී)


    සුජාන් 2015-03-02 04:56:14
    බැංකුවල සිදු වෙන දේවල් තාම රටේ ජනතාව හරියට දන්නේ නෑ. පවතින බැංකු ක්‍රමයට ජනතාව කිසිසේත්ම හිතකර ක්‍රමයක් නෙවෙයි. ලැබ ලැබීම ඇරෙන්න වෙන කිසිම ජනතාවාදී ප්‍රත්පත්තියක් මේ බැංකුවල නෑ. ජංගම ගිණුම් හිමියෝ විශේෂයෙන් මේ බැංකුවල තරම දන්නවා. (දිල්)
     
    Last edited:
    • Like
    Reactions: nVIDIA
    උබලා දන්නවද එච් එස් බී සී එකෙ කම්පෑනි එකවුන්ට්ස් වල ලක්ශ 50 රුපියලක් හරි අඩු වුනොත් මාසෙට රු 25,000/- කපනවා

    ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් එකෙ කම්පෑනි එකවුන්ට්ස් වල ලක්ශ 2.5 රුපියලක් හරි අඩු වුනොත් මාසෙට රු 2,500/- කපනවා

    පර්සනල් එකවුන්ට්ස් වල කීයක් කපනවද දන්නෙ නෑ
     

    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    මගේ එකවුන්ට් තියෙනවා රජයේ බැංකු දෙකක, පෞද්ගලික බැංකු තුනක. හැබැයි මට නං ඔහොම් දෙයක් වෙලා නෑ.

    කරන්ට් එකවුන්ට් එක තියෙන බැංකුවේ, ඒ බ්‍රාන්ච් එකේ අනිත් සේරම වගේ කස්ටමර්ස්ලා හොද හොද බිස්නස් කරන අය. ඉතිං මම එකවුන්ට් එක ඕපන් කරද්දී මැනේජර් එක්ක කතාකර කර හිටියා. එතකොට එයා කිව්වා,මේ බ්‍රාන්ච් එක සුපර්බ්‍රාන්ච් එකක් විදියට යන්නේ. ඒ නිසා හොදට ගනුදෙනු වෙන්න ඔනියි කියලා.

    හැබැයි මම සේරම එකවුන්ට් වල ඔන්ලයින් බෑන්කින් ඇක්ටිව් කරලා තියෙන්නේ. අන්න ඒවාට නං මාසෙකට ගානක් කැපෙනවා.

    හැබැයි එකවුන්ට් එකේ සල්ලි අඩු උනා කියලා,එකෙන් ගානක් කපන එකක් නං මට වෙලා නෑ දන්නා විදියට.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    යකෝ මගේ පොතේ තියෙන්නෙත් 82 , මුන් මේ ටික කපලා දායිද?

    :dull::dull::dull:
     

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    Hama bank ekakma adu wadi widiyata oka thiyanawa. (Minimum amount ekak). Nathnam bank account ekak open karanna salli ona na ne. Account ekak open karannaath minimum amount ekak thiyanawa ne.
     

    ASR

    Active member
  • Feb 21, 2007
    745
    248
    43
    මම ලංකා බැංකුවේ එකවුන්ට් එකක් ඔපන් කරා රු. 1000 ක් දාල. කාලෙකට පස්සේ අය සල්ලි දාන්න ගිහින් බලද්දි 750 තියෙන්නේ. ගෙරි බල්ලො මාසෙට 25 ගානෙ කපාගෙන. උන්ගෙ පාස්පොතේ ගහල තියෙන්නෙ 500 ට අඩු වුනොත් 25 ගානෙ කපනව කියල. මේ විදියට මුන් මාසෙකට සෑහෙන ගානක් හොයනව ඇති.
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,832
    2,404
    113
    හැම Bank එක්කම තියේ බන් Account එක්ක තියෙන්ඩ ඕනෙ Minimum Balance එකක් .ඒ ගාන Bank එකෙන් Bank එකටයි Account Type එකෙන් එකටයි Account Type වෙනස් වෙනවා .