පන්දුව හිසේ වැදී ජීවිතයෙන් සමුගත් ක‍්‍රි

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
පන්දුව හිසේ වැදී ජීවිතයෙන් සමුගත් ක‍්‍රි

පන්දුව හිසේ වැදී ජීවිතයෙන් සමුගත් ක‍්‍රිකට් තරුව

1c024cacd8.jpg

කි‍්‍රකට් යනු අපූරු චමත්කාරයක්ද ආස්වාදයක්ද ගෙන දෙන කී‍්‍රඩාවක් එනිසාම එහි ඇති භයංකාර බැව් හෝ අන්තරාදායක බව ගැන සිහි ගැන්වෙන්නේ නැත. නමුත් කි‍්‍රකට් යනු ලොව ඇති කී‍්‍රඩා අතරින් අන්තරාදායී කී‍්‍රඩාවක් වන්නේය. ඒ භයංකාර කී‍්‍රඩාවේ නියත බව සනාත කරවමින් කි‍්‍රකට් කී‍්‍රඩාව පසුගියදා තවත් තුරුණු කී‍්‍රඩකයකුගේ ජීවිතය බිලිගත්තේය. මේ කණගාටුදායක පුවත නිසා සමස්ත කි‍්‍රකට් ලෝකයම කැළඹී තිබේ. මෙතරම් තාක්‍ෂණය දියුණු වූ යුගයකදීත් මෙලෙසින් වටිනා තුරුණු ජිවිතයක් අහිමි වූවේ ඇයි? කි‍්‍රකට් කී‍්‍රඩාව බිලිගත් මේ කී‍්‍රඩකයා කවුද?

ඔහු ඕස්ටේ‍්‍රලියානු ජාතික පිලිප් ජොඑල් හියුස්ය. නමුත් බොහෝ දෙනා ඔහු අමතන්නේ පිල් හියුස් නමිනි. පිල් උපන්නේ 1988 නොවැම්බර් 30 වැනිදා නිව් සවුත්වේල්ස් - ප‍්‍රාන්තයේ කුඩා ගම්මානයක් වන මැක්ස්විලිහිදීය. ඒ ග්‍රෙග් සහ ඉතාලි ජාතික කාන්තාවක වන වර්ජිනියා යුවළගේ දරුවකු ලෙසිනි. පිල්ගේ පියා ග්‍රෙග් කෙසෙල් වගාවේ නිරතවූ ගොවියෙකි. පිල් කුඩා කළ සිටම කී‍්‍රඩාවට දක්‍ෂ වූ නිසාම වයස අවුරුදු දහය සපිරීමටත් පෙර තම ගමේ පැවති තරගයකට කී‍්‍රඩා කිරීමට වරම් ලබා ගත්තේය. පසුව 12න් පහළ කණ්ඩායමට ඇතුළත් වූ පිල් දක්‍ෂයකු වූ නිසාම වයස 17 වෙද්දි සිඞ්නි නුවරට සේන්දු වූයේය. එතැන් සිට දිනෙන් දින තව තවත් දක්‍ෂතා වර්ධනය කරගත් ඔහු හට වැඩිකල් නොගොස්ම ප‍්‍රාන්ත කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව ලැබිණි. එම ප‍්‍රාන්තයේ තරුවක් වූ පිල් රටේම තරුවක් වූයේ 2009 දී දකුණු අපි‍්‍රකාවට එරෙහිව පැවැති ටෙස්ට් තරග මාලාව සඳහා ඕස්ටේ‍්‍රලියාව නියෝජනයට වරම් ලබාගැනීමෙනි. පිතිකරණයට මෙන්ම දකුණතින් දඟ පන්දු යැවීමට ද දක්‍ෂ වූ හේ අතිරේක කඩුලූ රකින්නකු ලෙස ද කටයුතු කළේය. යොවුන් කි‍්‍රකට් ලෝලීන් පිල් ආමන්ත‍්‍රණය කළේ හියුසි යන ආදරණීය නාමයෙනි. කඩවසම් නළුවෙකු මෙන් වූ පෙනුමින් යුතු වූ නිසාම හියුසි හට පෙම් බැඳි තරුණියන්ද බොහෝ වූහ. මෙම 30 වැනිදා එනම් අද දින එළැඹෙනතෙක් හියුසි පෙරුම් පුරමින් සිටියේය. ඒ 26 වැනි උපන් දින වෙනුවෙන් තම මිතුරු - මිතුරියන් සඳහා විශේෂ දෙයක් කිරීම වෙනුවෙනි. නමුත් දෛවය ඊට හරස් වූවේය.


cricket26s-2-web.jpg

දේශීය ප‍්‍රධාන පෙළේ තරගමාලාවක් වන පෙෆීල්ඞ් ෂිඞ්ඩා තරග මාලාව සඳහා පසුගියදා පිල් තම කණ්ඩායම වෙනුවෙන් සිඞ්නිහිදී තරගයකට සහභාගි වෙමින් සිටියේය. අර්ධ ශතකයක් ඉක්මවා කණ්ඩායම වෙනුවෙන් සාර්ථක පිතිහරඹයක නියැලී සිටි පිල්හට ප‍්‍රතිවාදී නිව්සවුත්වේල්ස් පිලේ පන්දු යවන්නා වූ ෂෝන් ඇබොට් කෙටි පන්දුවක් යොමු කළේය. හිස් ආවරණ සහිතව කී‍්‍රඩා කරමින් සිටිය ද පිල්ගේ පිත්ත පරයා ඒ පන්දුව කෙළින්ම පිල්ගේ හිසෙහි පතිත විණි. දේහධාරී පිල් කෙසෙල් කඳක් මෙන් බිම ඇද වැටුණි. කී‍්‍රඩකයෝ සියලූ දෙනාම ඔහු වටකර ගත්තෝය. හියුසි ආ යූ. ඕ. කේ. හියුසි, හියුසි යනුවෙන් කණ්ඩායමේ සගයින් කෑ ගසන්නට වූහ. එහෙත් ආදරණීය හියුසිගේ මුවින් වචනයකුදු පිට නොවීය. මුහුණ සහ පපු පෙදෙස ලෙයින් නැහැවී තිබිණි. සිහිසුන්ව සිටි හියුසි හට ප‍්‍රතිකාර ලබාදීම සඳහා ප‍්‍රධානීහු වහ වහා උත්සුක වූහ. තත්ත්වය බැ?රුම් බව තේරුම් ගත් නිසාම හෙළිකොප්ටර් යානයක් ගෙන්වා හියුසිව සිඞ්නිහි ප‍්‍රධාන රෝහලක් වෙත යොමු කරවන ලදී. සිහිසුන්ව පසු වූ හියුසි හට එහිදී විශේෂඥ වෛද්‍ය සහාය ලැබිණි සැත්කමකට ද භාජනය කෙරිණි. එහෙත් ඒ කිසිවකින් පලක් වූයේ නැත. දින දෙකක් සිහි නොලබාම සිටි පිලිප් හියුසි මේ ලොව හැර ජිවිත ගමනින් සදහටම සමුගෙන යන්නට ගියේය.

”මේක මොන තරම් නම් පුදුමයක්ද?”

”මේක සිහිනයක්ද?, දෙයියනේ මේක විශ්වාස කරන්න පුළුවන්ද”

ආදරණීය හියුසිට ආදරය කරන බොහෝ දෙනා මුමුණන්නට, කොඳුරන්නට වූහ.

එලෙසින් අද ආදරණීය හියුසි ගැන දුක්වන්නේ ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් ලෝලීහු පමණක් නොවේ. එංගලන්තයේ මිඞ්ල්සෙක්ස්, හැම්ප්ෂයර්, වුස්ටර්ඵයර්, ඇඩිලේඞ් ස්ට‍්‍රයිකර්ස් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම්වල සහ ප‍්‍රාන්තවල කී‍්‍රඩකයෝ මෙන්ම කී‍්‍රඩා ලෝලීහුද ඒ අතර වෙති. පිලිප් හියුස් ගෙවී ගිය කාලයේදී තම රටට පමණක් නොව එම විදේශීය ප‍්‍රාන්ත කණ්ඩායම්ද නියෝජනය කිරීම ඊට හේතුවය.

(වයි.යූ. ඩිඞ්න් ඩු දැට්?) ඇයි ඔබ එය නොකළේ යැයි ඇය හැඬුමින් පසුවන්නීය. ඒ හියුසිට ආදරය කරන තරුණියකි. ඇත්තටම හියුසි නොකළේ කුමක්ද? හෙල්මටය නොපැළඳීමද? නැත. ඔහු ඒ මොහොතේ හෙල්මටය පැළඳ සිටියේය. නමුත් එහි මුහුණු ආරක්‍ෂිත දැල අතර වූ හිඩැසින් ගොස් පන්දුව පතිත වී ඇත්තේ පිලිප්ගේ හිසෙහි කොටසකය. පන්දුවේ මෙම පතිතවීම කෙතරම්ද යත් ඔහුගේ මොළයට අධික ලෙස ලේ වහනය වි තිබිණැයි සිඞ්නිහි වින්සන්ට් රෝහලේ ප‍්‍රධානීහු පවසා තිබේ. දැන් සියල්ල සිදුවී හමාරය. එදා පන්දු යැවූ ෂෙවින් ඇබොට් වනයකුද කතා කර ගත නොහැකි වූ තරමට හැඟුම්බරව වික්ෂිප්තව සිටී.


503138-b72660dc-74f8-11e4-a12d-e5a17384de24.jpg


”දෙයියනේ ඇයි මෙහෙම දෙයක් වුණේ. මම මෙය හිතා මතා කළ දෙයක් නොවේ” ඔහු උමතු වූවකු මෙන් විටෙක මුමුණන්නේය. මරණයේ වේදනාව අද අත් විඳින්නේ පිලිප් හියුස් නොවේ. ෂෙජන් ඇබොට් මෙන්ම ආදරණීය හියුසිට ආදරය කළ බොහෝ දෙනාය.

මෙහිදී ඕනෑම කි‍්‍රකට් කී‍්‍රඩකයකු පිල්ගේ මරණින් ගත යුතු පාඩම වන්නේ කි‍්‍රකට් කී‍්‍රඩාවේදී හොඳම දේ පමණක් කිරීමට වගබලා ගැනීමය. පිතිකරුවකු හතරේ පහරක්, හයේ පහරක් එල්ල කළ විගස පන්දු යවන්නෙකු ඊළඟට කෙටි පන්දුවක් යොමු කිරීම තවදුරටත් උචිත ද යන්න මෙතැන් සිටවත් වේග පන්දු යවන්නන් කල්පනා කළ යුතු දෙයම වන්නේය. ආදරණීය හියුසි ඔබට සුබ ගමන්.


sandun-gamage.jpg
 

rajith123

Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    නමුත් එහි මුහුණු ආරක්‍ෂිත දැල අතර වූ හිඩැසින් ගොස් පන්දුව පතිත වී ඇත්තේ පිලිප්ගේ හිසෙහි කොටසකය.

    muta pissu. bole wadune belle. helmet eka assen gihin neme