වුරුදු 200ක් පැරණි යයි සැළකෙන පන්නිපිටියේ හයිලෙවල් පාර අයිනේ පිහිටි බෝධීන් වහන්සේ කපා ඉවත් කිරීමට ප්‍රාදේශීය ලේකම් අවසර දී ඇත්තේ මාර්ග සංවර්දන අධිකාරිය කල ඉල්ලීමකට අනුවය ,ඒ අනුව අද උදෑසන එය ඉවත් කිරීමට සැලසුම් කිරීමත් සමගම ඒ අසලට රැස්වී සිටි භික්ෂුන් වහන්සේ කිහිප නමක් සහ ගිහියන් කිහිපදෙනෙකු විසින් දිගින් දිගටම කල විරෝධතාවය හේතුවෙන් ඒ අසලට පැමිණි පොලිස් නිලධාරීන් විසින් ප්‍රාදේශීය ලේකම් ගෙන්වීමට කටයුතු කලා.එහෙත් ඇය කියා සිටියේද මාර්ග සන්වර්ධන නිලදාරීන් කල ඉල්ලීමකට අනුව අදාල අනුමැතිය ලබා දුන් බවයි ,එහෙත් ඔවුන් මෙම ස්ථානයට පැමිණ සිටියේ නැ.විරෝධතා කරුවන් තවමත් බෝධීන් වහන්සේ ලග උද්ඝෝෂණයේ නියැලෙන අතර හයිලෙවල් මාර්ගයේ ගමන ගමනයට බාධා ඇති වී තිබෙනවා.