පන්සල් ආ සුපුන් සද

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පන්සල් ආ සුපුන් සද

    සිහිල් සෙවන සැදි දහම් මැදුරු බිම...
    සොදුරු සැදෑ කල එකළු වෙමින්....
    අදුර බිදින පුන් සදත් දෙවෙනි වන..
    සුපුන් සදක් පන්සලට ඇවිත්......
    සුපුන් සදක් පන්සලට ඇවිත්......

    සුදු පිරුවට ඇද සන්සුන් ගමනින්...
    සක්මන් කරනා මළුව පුරා......
    පිදු කෙරුවද අත රැදි මල් බැතියෙන්....
    හෙට දින සුපසන් පැතුම් පතා......

    ඉවත බලා හෙලනා එක සුසුමක..
    ඔතරම් මොනවද සගවන්නේ......
    නෙතගින් රූරා ගලනා කදුලක....
    නොකියූ දුක සැගවී ඉන්නේ......

    කවුරුත් දන්නැති කදුළු කථාවක...
    සොදුරු මතකයක ඔබ ඉන්නේ....
    නාවත් ඔහු යලි තවමත් ඔය හිත...
    ඔහු ගැනමයි තව විමසන්නේ....

    නිහඩව හිදිනා මොහොතක් පාසා
    වැලපෙන හිත අසරණ වේ නම්....
    කදුළක උනුසුම දැනෙනා ඔය හිත..
    සනසන්නට මා සූදානම්......

    තෙල් මල් පුදමින් මේ වැලි මළුවෙන්..
    ඉවතට ඇදෙනා නිවස කරා......
    නිදුකින් ඉනුමැන හැමදා සතුටින්...
    දෙව් දියනියනේ පතමි මෙදා.......


     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සිහිල් සෙවන සැදි දහම් මැදුරු බිම...
    සොදුරු සැදෑ කල එකළු වෙමින්....
    අදුර බිදින පුන් සදත් දෙවෙනි වන..
    සුපුන් සදක් පන්සලට ඇවිත්......
    සුපුන් සදක් පන්සලට ඇවිත්......

    :love::love::love::love:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    නිහඩව හිදිනා මොහොතක් පාසා
    වැලපෙන හිත අසරණ වේ නම්....
    කදුළක උනුසුම දැනෙනා ඔය හිත..
    සනසන්නට මා සූදානම්......

    පොල් පැලේ කයි වගේ.....:rofl::rofl:

    තවත් ලස්සන නිර්මාණයක් ...නියමයි මල්ලි:yes::yes::love::D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නිහඩව හිදිනා මොහොතක් පාසා
    වැලපෙන හිත අසරණ වේ නම්....
    කදුළක උනුසුම දැනෙනා ඔය හිත..
    සනසන්නට මා සූදානම්......

    පොල් පැලේ කයි වගේ.....:rofl::rofl:

    තවත් ලස්සන නිර්මාණයක් ...නියමයි මල්ලි:yes::yes::love::D
    :nerd::frown: