ඇත්ත ප්‍රශ්නේ තියෙන්නේ සමහරුන්ට පංසලේදිවත් අඩු ගානේ සංවරව ඉන්න බැරි එකඉතිං මේ "විනීතකම" කියන එක පන්සලට විතරක් සීමා වෙච්ච දෙයක් නෙමේ..
මගතොටේදි අපට විවිධ මිනිස්සු හම්බවෙනවා..
එක එක අය හැසිරෙන්නේ එක එක විදිහට වචන භාවිතය වෙනස් ඇත්ත..
කානිවල් එකක හරි පාර්ටියක හරි හැසිරෙන විදිහට මග තොටේදි හැසිරිල බෑ
පංසල කියන්නේ වෙනස්ම ස්තානයක් විනීතව හැසිරෙන්න නිශ්ශබ්ද වෙන්න කියලා බෝර්ඩ් ගහන්න ඕන්නෑ පොඩ්ඩක් මොළයක් තියනවනං හිතන්න
අපි පංසලට යන්නේ හිත පොඩ්ඩක් සමාධිගත කර ගන්න බලං..
ඒ වෙලාවක කවුරු හරි ඇවිල්ලා ඒ වටපිටාව වෙනස් කරොත් මට නම් ඒ අවශ්‍ය දේ ලැබෙන්නෑ
හිතට ලොකු පීඩාවක් වගේ..
කෝප ගත්තේ නැති වුනත් මං නම් ඒවගේ තැන් වල වැඩිය ඉන්නෑ
අනික ඔවුන් ලොකු පවක් කරගන්නේ

මැණික් දිළිසෙන්නේ කපලා ඔපමට්ටම් කරාම

මනුස්සයයෙක් දිළිසෙන්නේ ඒ මනුස්සයගේ ගුණ යහපත්කම් නිසා

සංවර මනුස්සයෙක් දැක්කාම හිතට සුවයක් දැනෙනවා..
සංවර ස්වාමීන්වහන්සේ කෙනෙක් උදාහරනයට ගන්න උදේම දැක්කොත් දවසම ආලෝකමත් වෙනවා..

