පන්සලේදි හැසිරෙන්න ඕන කොහොමද?

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ඉතිං මේ "විනීතකම" කියන එක පන්සලට විතරක් සීමා වෙච්ච දෙයක් නෙමේ..
ඇත්ත ප්‍රශ්නේ තියෙන්නේ සමහරුන්ට පංසලේදිවත් අඩු ගානේ සංවරව ඉන්න බැරි එක
මගතොටේදි අපට විවිධ මිනිස්සු හම්බවෙනවා..
එක එක අය හැසිරෙන්නේ එක එක විදිහට වචන භාවිතය වෙනස් ඇත්ත..
කානිවල් එකක හරි පාර්ටියක හරි හැසි
රෙන විදිහට මග තොටේදි හැසිරිල බෑ
පංසල කියන්නේ වෙනස්ම ස්තානයක් විනීතව හැසිරෙන්න නිශ්ශබ්ද වෙන්න කියලා බෝර්ඩ් ගහන්න ඕන්නෑ පොඩ්ඩක් මොළයක් තියනවනං හිතන්න

අපි පංසලට යන්නේ හිත පොඩ්ඩක් සමාධිගත කර ගන්න බලං..
ඒ වෙලාවක කවුරු හරි ඇවිල්ලා ඒ වටපිටාව වෙනස් කරොත් මට නම් ඒ අවශ්‍ය දේ ලැබෙන්නෑ
හිතට ලොකු පීඩාවක් වගේ..
කෝප ගත්තේ නැති වුනත් මං නම් ඒවගේ තැන් වල වැඩිය ඉන්නෑ
අනික ඔවුන් ලොකු පවක් කරගන්නේ :nerd:

මැණික් දිළිසෙන්නේ කපලා ඔපමට්ටම් කරාම ;)
මනුස්සයයෙක් දිළිසෙන්නේ ඒ මනුස්සයගේ ගුණ යහපත්කම් නිසා :)
සංවර මනුස්සයෙක් දැක්කාම හිතට සුවයක් දැනෙනවා..
සංවර ස්වාමීන්වහන්සේ කෙනෙක් උදාහරනයට ගන්න උදේම දැක්කොත් දවසම ආලෝකමත් වෙනවා..
 
  • Like
Reactions: sudunone

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
මං දැකපු තව දෙයක් තමයි පුංචි බබාල හා සෙල්ලක්කාර වයසේ කුඩා ළමයින්ගේ ප්‍රශ්නය
අම්මලා ළමයින්ව පුංචි කාලෙ ඉදලම ආගමට දහමට හුරු කරන එක හොදයි ඒකේ ආයෙ තර්කයක් නෑ..
ඒත් සමහර ළමයි පංසල් ආවම පංසලම දෙවනත් කරනවා දගලනවා..ඒක ඒ ළමයින්ගේ වැරැද්ද නෙවේ පුංචි ළමයි කොහොමත් දුවන්න පනින්න දගලන්න කෑ ගහනන් ආසයි..දැනුන් තේරුම් තියන වැඩිහිටියෝ ඒ ළමයින්ට කියලා දුන්නනම් පංසලට එන්න කලින් ඉන්න ඕන විදිහ බහුතරයක් ළමයි අහනවා
(ඒත් සමහර ළමයි නොපිට ගැහුවත් හරි යන්නෑ) දෙමවුපියෝ ඒ වෙලාවට අකමැත්තෙන් වුනත් ළමයි අරං ඉවත් වෙනවා නම් අනික් සැදැහැවතුන්ට කරන ලොකු පිනක්..
චූටිම අතදරුවෝ සම්බන්දවත් ඉතිං මේකම තමයි,,අම්මලා ළමයින්ව නිදි කරලා ගේන්න ඕන ඇහැරිලා අඩන්න ගත්තොත් අනික් අයට කරදරයක් නොවී ඒ සථානයෙන් ඉවත් වෙනවනම් වටිනවා

රුවන්වැලිසෑය දළදාමැදුර වගේ ගොඩක් ශාන්තියක් තිබෙන පුදබිම් වල මේවගේ සිද්ධි වෙනවා..සැදැහැවතුන් අමාරුවෙන් වෙලාවක් හොයන් ඒ වගේ තැනකට ගියාම අපි නිසා ඒ අයට හිරිහැරයක් වෙනවනම් අපි කරන්නේ මහ පවක්..



 

sudunone

Member
May 23, 2009
3,781
121
0
ඒක ඇත්ත. පන්සලේදි හැසිරෙන විදිහ වැඩිහිටියන් දරුවන්ට කියල දෙන්න ඕනෙ. අනික පැය ගණනක් එක විදිහට ඉන්න සිදුවෙන භාවනා වැඩ සටහන්, ධර්ම දේශනා වගේ තැන් වලට එහෙම දිග වෙලාවක් ඉන්න අමාරු වයසෙ ළමයින් එක්ක එන්නෙ නැතුව ඉන්නවනම් හොඳයි.

පන්සලෙදි, විශේෂයෙන් භාවනා වැඩසටහන් පැවැත්වෙන ස්ථානවලදි වැඩිහිටියනුත් අනික් අයත් එක්ක කතාව සීමා කර ඉන්නවනම් හොඳයි. සමහරු භාවනා කරමින් සිටින අයටත් ඇනල කතා කරන්න පටන් ගන්නවා. එදිනෙදා ජීවිතයෙදී අපි හුඟක් හිස් වචන කතා කරන්න පුරුදු වෙලා තියෙන හින්ද අඩු ගානෙ පන්සලේදිවත් මේ පුරුද්දෙන් මිදෙන්න උත්සාහ ගන්නවනම් කොච්චර හොඳද?
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ඒක ඇත්ත. පන්සලේදි හැසිරෙන විදිහ වැඩිහිටියන් දරුවන්ට කියල දෙන්න ඕනෙ. අනික පැය ගණනක් එක විදිහට ඉන්න සිදුවෙන භාවනා වැඩ සටහන්, ධර්ම දේශනා වගේ තැන් වලට එහෙම දිග වෙලාවක් ඉන්න අමාරු වයසෙ ළමයින් එක්ක එන්නෙ නැතුව ඉන්නවනම් හොඳයි.
පුංචි උදාහරණයක් කියන්නම්
ජනාකීර්ණ කොළඹ නුවර පාරට යාබදව තිබුනත් ගැටඹේ විහාරස්තානය කියන්නේ අපි හැමදාමත් හිත සන්සුන් කර ගන්න යන නිසංසල තැනක්. ලොකු ලස්සන මළුවක් තියනවා..රෑට හරිම නිසංසලයි
අපි වගේම ගොඩක් අය හවසට ඇවිත් එතැනට වෙලා දවසේ කලබල කාරීත්වයෙන් මිදෙන්න පැයක් හමාරක් වාඩිවෙලා ඉදලා යන විහාරයක්
ඔය අතරට නුවරට යන වාහනත් නවත්තලා ගැටඹෙ වැද ගන්නවා..
දවසක් ඔහොම වාහනේකින් බැහැගත්තු තරුණ අම්මා කෙනෙක් පොඩි බබත් එක්ක පන්සල් මළුවෙ හිටියා.. පොඩි එකා නැගිටලා අඩන්න ගත්තා..
අම්මා කරේ පොඩි එකාව නළව නළව
නඩේ අනික් අය වැද පුදං ඉවර වෙනකං පන්සල් මළුව වටේම ඇවිද්ද එක..:rofl:
මේවා අපි කරේ තියාගන්න ඕන්නෑ..ඒත් කලිසං ඇදං වාහන වලින් බැස්සට මදී අනික් මිනිස්සුන්ට හිරි හැරයක් නොවෙන්න ජීවත් වෙන්නත් ඕන :oo: