පන්සලේ පල්ලියේ කෝවිලේ විදුලි බිල

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    පන්සලේ විදුලි බිල

    මේ දවස්වල මාතෘකාව

    රටේ සියලුම ආගමික ස්ථාන වලට එක්තරා ඒකක ප්‍රමාණයක් නොමිලේ දෙන්නේ
    පන්සලට, පල්ලියට, කෝවිලට මේ ඔක්කොටොම දෙනවා.

    පන්සලේ පල්ලියේ විදුලි ආලෝක පුජාවට මිනිස්සු සල්ලි දෙනවා, වෙලාවල් වෙන්කරගෙන දානයක් වශයෙන් මුදල් දෙනවා.

    එදා බුදුන් සිටි කාලයේ ලයිට් තිබ්බේ නැහැ. ජේසු ලයිට් දාගෙන හිටියේ නැහැ.
    හැබැයි බුදු හාමුදුරුවෝ පාන්දර 2 වෙනකල් බණ කිවුව. රාත්‍රී පහන් කාලයේ දෙවියන්ට බණ කිවුව

    අද කාලේ බණ කියන හාමුදුරුවෝ නැහැ, ඉන්නේ බණ විකුණන අය.
    බණට වඩින්නේ මුදල කියල, පිරිකර ගන්න ඕන කඩේ කියල, බිල පිරිකර එක්ක ඔතල දෙන්න කියල, පාරට පේන්න බැනර් එකක් දාන්න කියල.
    මෙන්න මේ මුදලාලි හාමුදුරුවෝ හන්ද තමයි සිවුර හැල්ලුවෙන්නේ
    මිනිස්සු දැනගන්න ඕන ඒ වගේ අයව ඇත් කරලා තියන්න
    සල්ලිවලට බණ කියන පිරිත් කියන අයව ගෙන්න නොගන්න ඉන්න

    පන්සලේ ලයිට් පිරිලා
    කාමර ඒසී
    විදුලි පංකා හැමතැනම
    කිසිම ඇහිල්ලක් හෙවිල්ලක් නැහැ පුළුවන් තරම් සෝභන විදිහට ඉන්නේ
    හැබැයි බණ කියන්නේ නැහැ
    දේශපාලන කථා විතරයි

    ලෞකික සැප අයින් කරලා සිවුර දාගන්නේ බුදුන් ගිය මග යන්න
    හැබැයි එකක්වත් පිලි පදින්නේ නැහැ
    පන්සලට පල්ලියට ගියාම වාහන කියක් තියෙනවද?


    සමහර මුස්ලිම් පල්ලි, ක්‍රිස්තියානි පල්ලිත් මෙහෙම තමයි. වැඩිය පෙන්නේ නැහැ මොකද එයාලගේ දේවල් අවුස්සන්න එයාලගේ මිනිස්සු එන්නේ නැති නිසා

    මිනිස්සු වෙනස් වෙන්න ඕන
    බන කියන්න සල්ලි ගෙවන්න එපා
    පිරිත් කියන්න සල්ලි ගෙවන්න එපා

    පන්සලට දානේ දෙන්න
    අවශ්‍ය කලමනා දෙන්න
    ලොකුත්තර සැප හෙවත් නිවන් ලබන්න විතරක් පාර හදන්න

    මොන ආගමටත් එකයි


    මිනිස්සු තොපි හැදියන්
    හැදියන්
    හැදියන් තොපි
    හැදියන්


     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    අනේ මන්ද බං මහ හයියෙන් පිරිත් දානවා පීකර් වලින් අවංකව පුදුම කරදරයක් ඒක ඒක තේරෙන්ඩ ඒ පීකරයක් ලඟ ජීවත් වෙන එකෙක්ට විතරයි ඈත ඉන්න උංනං කියනවා කොච්චර හොඳද කියලා
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මම නම් පන්සල් පල්ලි කෝවිල් වලට මොනාවත් දෙන එක නවත්තලා දැන් අවුරුදු ගානක් වෙනව. බොරුවට කල්ට් පෝසත් කරන්න ඕන නෑ නෙ.
    එහෙම සමාජේ ජීවත් වෙන්නේ කොහොමද බං ගමෙන් කොං වෙන්නැද්ද 🤔
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    පන්සලට පල්ලියට කෝවිලට දෙන්න එපා කියල නෙමේ කියන්නේ
    දන් දෙන්න ඕන

    හැබැයි අනවශ්‍ය විදිහට නෙමේ
    අවශ්‍ය දේ විතරක් දෙන්න

    දුන්න දේ තමයි තමන්ට ලැබෙන්නේ

    සල්ලි පොඩි ගහන, පන්සල් සල්ලි වලට ගන්න අයත් ඉන්නවා
    අන්න ඒ අය අඳුනගන්න
    පන්සල් වත්තේ එළවලු වවල ගමට බෙදන හාමුදුරුවොත් ඉන්නවා

    මිනිස්සු කරන්න ඕන හරි පන්සල අඳුනගෙන හරි විදිහට දන් දෙන එක

    හැදියන් කියන්නේ ඒකට
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,396
    1
    101,279
    113
    34
    Kalutara

    සමහර මුස්ලිම් පල්ලි, ක්‍රිස්තියානි පල්ලිත් මෙහෙම තමයි. වැඩිය පෙන්නේ නැහැ මොකද එයාලගේ දේවල් අවුස්සන්න එයාලගේ මිනිස්සු එන්නේ නැති නිසා

    උන්ගෙ මිනිස්සු ගිහින් එව්ව අදින එකේ තේරුමක් නෑනෙ බන්. මොකද ඒ කිසිම ආගමක අතෑරිමක් ගැන සඳහන් වෙන්නෙ නෑනෙ. ඉතින් උන් කොච්චර පොදි බැඳගෙන වාහන ගත්තත් ඒ ආගම්වල අනුගාමිකයින්ට ප්‍රශ්නයක් නෑ. උන්ට ගිහින් ඒක වැරදියි කියන්න බෑ.

    පන්සල් වල වෙන්නෙ ඕකෙ අනික් පැත්තනෙ. අත්හැරීම ගැන බන කිය කිය කරන්නෙ පොදි ගහගන්න එක. දේපල වලට හාමුදුරුවරු මරාගන්න එක. ඉතින් බුද්දාගමෙ අනුගාමිකයො එව්වා ගිහින් අවුස්සනව වැරදි නිසා.

    අනික කතෝලික ආගමක ෆාදර් කෙනෙක් ගෑනියෙක් තියාගෙන හිටියා කියල ප්‍රශ්නයක් නෑ. මොකද ෆාදර්ස්ලට කසාද බඳින්න තහනමක් නෑ. මුස්ලිම් ආගමේ මවුලවිලටත් එහෙම තමා. බුද්දාගමේ පැවිදි වුනාට පස්සෙ එහෙම කරන්න බැරි නිසා තමා මිනිස්සු එව්වා අවුස්සන්නෙ.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මම නම් පන්සල් පල්ලි කෝවිල් වලට මොනාවත් දෙන එක නවත්තලා දැන් අවුරුදු ගානක් වෙනව. බොරුවට කල්ට් පෝසත් කරන්න ඕන නෑ නෙ.
    ආනේ ඉස්සර උයා පල්ලි කෝවිල් වලටත් දුන්නද ?
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,286
    12,347
    113
    Ohio, USA
    මුස්ලිම් පල්ලියේ මව්ලවි තුමාලා හෝ කතෝලික පල්ලියේ ෆාදර්ලා මෙහෙම ලයිට් බිල වැඩියි කියාගෙන ඉස්සරහට ආවොත් කට්ටිය පිඹගෙන ගෙන එන්නේ... මෙන්න මෙහෙම...

     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,874
    113
    දෙනවා කිව්වට සිංහලුන් දෙන්නේ බාගෙට. දීපුවට මොකද උනේ කියලා රෑ එළි වෙනකං කල්පනාව. එක්කෝ නොදී ඉන්න නැත්තං දීල වන්හුන් හොයන් නැතුව ඉන්න.

    අන්තිමට තමන් පාවිච්චි කරලත් නෑ දානේ දීලත් නෑ.
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,368
    113
    ඔයා කියල තියෙන දේවල් හරියටම හරි. හැබැයි දැන් බහුතරයක් මිනිස්සුන්ට මේ ඇත්ත තේරිලා තියෙන්නෙ. ඒ කාලෙ වගේ මොනවකරත් චීවර්දාරීන්ට වැඳගෙන යන්නෙ නෑ දැන් මිනිස්සු. වැරැද්දක් දැක්කොත් කතා කරන ට්‍රෙන්ඩ් එකක් දැන් හැදිල තියෙනව.
    මෙතැන මෙහෙම ප්‍රශ්නයක් තියෙනව. ගොඩක් සල්ලිකාරයො ටැක්ස් වලින් බේරෙන්න වගේ දේවල් වලට පන්සල් එක්ක ඩීල් ගහනව මම දන්න විදියට. ඒවට ආධාර කරල ඒව පෙන්නල ටැක්ස් අඩු කරගන්නව. මේ නිසා තමයි ඔය ලොකු ලොකු සල්ලිකාරයො පන්සල් වලටම දෙන්නෙ මිටි ගනං. ඇත්තටම හාමුදුරුවො කෙනෙක්ගෙ වියදමට සල්ලි දීල, පන්සලට ඕන කරන සියලු දේවල් හදල දුන්න නම් ඒ ඇති. අනිත් එක මිනිස්සුම පුරුදු වෙන්න ඕන සියල්ල අත්හරින්න කියල පැවිදි ජීවිතේකට යන අය අධිසුඛෝපභෝගී ජීවිත ගතකරද්දි එහෙම අය කොන් කරල තියන්න. ප්‍රතික්ෂේප කරන්න. එතකොට කාලයත් එක්ක මේව හරියනව. මේ යන විදියට මිනිස්සුන්ගෙ විරෝධතා මැද මේක දිගටම ගියොත් වෙන්නෙ ඇත්තටම වැඩක් කරන, නිවැරදි විදියට ඉන්න හාමුදුරුවරුත් මිනිස්සුන්ට එපා වෙලා බුද්ධාගමටත් හානියක් වෙන එක.