..පන්සිය පණස් ජාතක පොත..Download....

ishan1111

Active member
  • May 20, 2013
    716
    176
    43
    33
    Colombo
    ..පන්සිය පණස් ජාතක පොත..Download....

    ..පන්සිය පණස් ජාතක පොත..

    සිතුවම්ද සහිත
    compress_pansiya_panas_Jathaka.jpg


    පණ්ඩිත වේරගොඩ අමරමොලි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ
    ජාතක අටුවාව සිංහලයට නගමින් ලියැවුණු මහා ධර්ම ශාස්ත්‍රීය, සාහිත්‍ය ග්‍රන්ථය නම් ‘පන්සිය පනස් ජාතක පොත’ යි. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද්දා වූ පූර්ව බෝසත් උත්පත්ති කථා වන බැවින් උත්පත්ති යන අර්ථයෙන් මේ කථා ‘ජාතක’ නම් වේ. මේ, සිංහල පන්සිය පනස් ජාතක පොත ලියැවී ඇත්තේ කුරුණෑගල සමයේ ය. ඒ වනවිට සාමාන්‍ය ජනතාව ජාතකට්ඨකථාවේ ආ ජාතක පුවත් යම් පමණකින් දැන සිටි බව නිසැක ය.
    මන්ද යත් පැරණි ගී කාව්‍ය තුනට ම පදනම් වී තිබුණේ ජාතක කථා ය. ඒ හැරුණු විට අමාවතුර, බුත්සරණ ආදී කෘතිවල පටන් ථූපවංශය දක්වා ම ගද්‍ය සාහිත්‍ය ග්‍රන්ථවල ජාතක කථා සැකෙවින් අන්තර්ගත ව තිබිණි. එහෙත් ජාතක කථාවලිය සම්පූර්ණයෙන් කියවා අසා දැනගැනීමට හැකි වූයේ මෙසේ මේ ජාතක පොත ලියැවීමත් සමඟ ය.
    මේ ජාතක කථාවලියෙන් බුදුරජාණන් වහන්සේගේ පූර්ව බෝසත් චරිත ප්‍රකාශ වන ආකාරය පරිදි බෝසතුන් වහන්සේ පස් වරක් බ්‍රහ්ම ආත්ම භාවයෙහි ද විසි එක් වරක් ශක්‍ර දේවේන්ද්‍රයා ලෙසින් ද දාහතර වරක් දිව්‍යාත්ම භාවවල දතිස් එක් වරක් වෘක්ෂ දේව ආත්මවල ද උත්පත්ති ලබා මනුෂ්‍ය ආත්මභාවයෙහි 354 වාරයක් උත්පත්ති ලබා ඇත්තාහ. මහීෂ, සූකර, සස, බණ්ඩුක, කින්නර යන යෝනිවල උත්පත්ති ලබා ඇත්තේ එක් වාරය බැගින් පමණි. අනෙකුත් ආත්ම භාව සිවුපා, පක්ෂි සහ උරග යෝනිවල උත්පත්ති ලබා තිබේ.

    මෙන්න Download ලින්ක් එක

    උපුටා ගැනීම dhammikaweb site එකෙන්