පන්සිල් සුරැකීමේ ආනිශංස " All Must Read "

Kushan_Sameera

Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    පන්සිල් සුරැකීමේ ආනිශංස " All Must Read "

    සත්ව ඝාතනයෙන් වැලකී සිටීමෙන් ලැබෙන ආනිශංස

    WcDP67p.gif

    • ආරෝහ පිරිනාහ සම්පත්තියෙන් යුක්ත වීම
    • ජව සම්පත්තියෙන් යුක්ත වීම
    • මනාව පිහිටන පියවර ඇත්තෙකු වීම
    • රන්වන්පාට සිරුරක් ඇත්තෙකු වීම
    • මුදු මොළොක් සිරුරක් ලැබීම
    • පිරිසිදු පැවතුම් ඇති ඇත්තෙකු වීම
    • සූර වීර ගති ඇත්තෙකු වීම
    • මහා බලවන්තයෙකු වීම
    • නොපැකිල කිවහැකි වචන ඇත්තෙකු වීම
    • කාටත් ප්‍රිය මනාප පුද්ගලයෙකු වීම
    • පහ කළ දොස් ඇත්තෙකු වීම
    • කෙනෙකුට බිදවිය නොහැකි පරිවාර සම්පත්තියක් ලැබීම
    • තැති නොගත් කෙනෙකු වීම
    • විනාශ නොකළ හැකි උතුමෙකු වීම
    • පර උපක්‍රමවලින් අකල් මරණයට පත් නොවීම
    • අනන්ත වූ පරිවාර සම්පත් ඇති බව
    • සුරූපී පුද්ගලයෙකු වීම
    • මනා සටහන් ඇත්තෙකු වීම
    • අල්ප ආබාධ ඇත්තෙකු වීම
    • ‍ශෝක නොකරන්නෙකු වීම
    • ප්‍රියයන්ගෙන් වෙන්වන්නට සිදු නොවීම
    • දීර්ඝායුෂ ලැබීම
    • මනාව පිහිටි අග පසග ඇත්තෙකු වීම

    අදත්තාදානයෙන් වැළකීමෙන් ලැබෙන ආනිශංස

    WcDP67p.gif

    • මහා ධනවතෙකු වීම
    • බොහෝ ධන ධාන්‍ය ලබන්නෙකු වීම
    • අනන්ත භෝග සම්පත් ඇත්තෙකු වීම
    • නූපන් වස්තු උපදවීමට පුණ්‍ය ශක්තිය ඇත්තෙකු වීම
    • ඇත්තා වූ භෝග රැකගැනීමේ වාසනාව
    • කැමති වස්තූන් වහා ලබන්නෙකු වීම
    • රාජ,සොර,ගිනි,ජල ආදියෙන් විනාශ කල නොහැකි වස්තුව ඇති වීම
    • සාධාරණ ධන වාසනා ඇත්තෙකු වීම
    • ලෝකයේ උත්තමයෙකු බවට පත්වීම
    • නැත යන වචනය දන්නෙකුවත් නොවීම
    • සැප විහරණ ඇත්තෙකු වීම

    කාමයෙහි වරදවා නොහැසිරීමෙන් ලැබෙන ආනිශංස

    WcDP67p.gif

    • සතුරන් නැත්තෙකු වීම
    • සියලු ජනතාවටම ප්‍රිය කරන්නෙකු වීම
    • ආහාර පානාදී සියල්ල අඩුවක් නැතිව ලැබීමේ භාග්‍ය ඇත්තෙකු වීම
    • සැපසේ නින්ද යාම
    • සැපසේ පිබිදීම
    • අපාය භය නැත්තෙකු වීම
    • නපුංසක,උභතෝ,ඛ්‍යඤ්ජනක තත්ව වලට පත් නොවීම
    • ක්‍රෝධය අඩු පුද්ගලයෙකු වීම
    • ඒ ඒ දෙය පරික්ෂෘ කොට කරන්නෙකු වීම
    • කර නොබාගත් කෙනෙකු වීම (කුදු නොවීම)
    • සැක බිය නිසා බිම බලාගෙන නොසිටින්නෙකු වීම
    • ඔවුනොවුන්ට ප්‍රිය මනාප අඹුසැමියන් ලැබීම
    • පිරිපුන් ඉදුරන් ඇති බව
    • පිරිපුන් ලක්ෂණ ඇති බව
    • සැක නැති පුද්ගලයෙකු වීම
    • මහන්සි නොවී ධනය ලැබීමේ භාග්‍ය ඇතිවීම
    • සැප විහරණ ඇත්තෙකු වීම
    • කිසි තැනක කුමකටවත් බිය නොවන්නෙකු වීම
    • ප්‍රියයන්ගෙන් වෙන් නොවන්නෙකු වීම

    මුසා බස් නොපැවසීමේ ආනිශංස

    WcDP67p.gif

    • අතිශයින් ප්‍රසන්න ඉදුරන් ඇත්තෙකු වීම
    • මනා මිහිරි කටහඩක් ඇත්තෙකු වීම
    • සමානව පිහිටි සුදු දත් දෙපලක් ඇත්තෙකු වීම
    • අශෝභන වූ මහත් ශරීර නොලබන්නෙකු වීම
    • අශෝභන වූ මිටි ශරීර නොලබන්නෙකු වීම
    • අශෝභන වූ උස ශරීර නොලබන්නෙකු වීම
    • සැප ස්පර්ශ ඇත්තෙකු වීම
    • දුගද නැති මල් සුවදැති මුඛයක් ඇත්තෙකු වීම
    • සුවච කීකරු පරිවාර ජනයා ඇති බව
    • විශ්වාස කළයුතු වචන ඇත්තෙකු වීම
    • නෙඵම් පෙත්තක් බුදු වූ මෘදු වූ රත්පැහැ දිවක් ලබන්නෙකු වීම
    • උඩගු නොවන බව
    • චපල අදහස්,ක්‍රියා නැත්තෙකු වීම

    මත්ද්‍රව්‍ය ගැනීමෙන් වැළකීමෙන් ලැබෙන ආනිශංස

    WcDP67p.gif

    • තුන් කල්හි කරන යම් කටයුත්තක් වේද එය වහා වැටහෙන බව
    • සෑම කල්හිම එලඹ සිටි සිහි ඇත්තෙකු වීම
    • උම්මත්තක නොවී ඉපදීම
    • ඥානවන්තයෙකු වීම
    • අලස නොවීම
    • නොහික්මුණු ක්‍රියා නොකිරීම
    • කෙළතොලු නොවීම
    • තරුණ මදයෙන් ආදී මත්වුණු ස්වභාවයක් නැති බව
    • අප්‍රමාදී විහරණ ඇත්තෙකු වීම
    • මෝහයෙන් මුලාවී කටයුතු කරන්නෙකු නොවීම
    • තැති ගැනීම් නැත්තෙකු වීම
    • එකට එක නොකිරීම
    • ඊර්ෂියා නොකරන බව
    • සත්‍ය වචන කතාකරන්නෙකු වීම
    • කේළාම්,පරුෂ,හිස්, වචන කථාකරන්නෙකු නොවීම
    • අලස බවින් තොරව කටයුතු කරන්නෙකු වීම
    • කළගුණ දන්නෙකු වීම
    • කළ උපකාරයට ප්‍රති උපකාර දක්වන්නෙකු වීම
    • මසුරු මල ධර්ම නැත්තෙකු වීම
    • ත්‍යාගවන්තයෙකු වීම
    • මහා සිල්වතෙකු වීම
    • ඍජු ගති පැවතුම් ඇත්තෙකු වීම
    • ක්‍රෝධ නොකරන සත්පුරුෂයෙකු වීම
    • පව් කිරීමට ලැජ්ජා ඇති ගුණවත් අයෙකු වීම
    • පව් කිරීමට බිය ඇත්තෙකු වීම
    • ඍජු අදහස් ඇත්තෙකු වීම
    • මහා ප්‍රඥාවන්තයෙකු වීම
    • මහා චිත්ත ශක්තියක් ඇති නුවණැත්තෙකු වීම
    • දාර්ශනික අදහස් ඇති පණ්ඩිතයෙකු වීම
    • අර්ථය අනර්ථය වැටහෙන හසල බුද්ධියක් ඇතිබව
    ov85rZO.gif

    තෙරුවන් සරණයි !!!
    උපුටාගැනිමකි
    ....
     

    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    වැඩිම ආනිශංස ලැබෙන්නේ 5 වෙනි ශික්ෂා පදය රැකීමෙන්.......:rolleyes:
    ස්තුතියි සහ පින් බෙදා ගත්ත්ටට මචන්...ජය වේවා~~~!!!:cool::cool::cool:

    You must spread some Reputation around before giving it to Kushan_Sameera again
     

    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    තෙරුවන් සරණ‍යි...
    11.gif

    වැඩිම ආනිශංස ලැබෙන්නේ 5 වෙනි ශික්ෂා පදය රැකීමෙන්.......:rolleyes:
    ස්තුතියි සහ පින් බෙදා ගත්ත්ටට මචන්...ජය වේවා~~~!!!:cool::cool::cool:

    You must spread some Reputation around before giving it to Kushan_Sameera again
    :yes:
    ගොඩක් වටිනවා යාළුවා බොහොම පින් ...තෙරුවන් සරණයි!!!

    ov85rZO.gif
    11.gif

    ''''''''''ගොඩක් වටිනවා''''''
    11.gif
     

    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    මෙවැනි වැදගත් දෙයක් එළකිරි වැනි Forum එකක බෙදා හදා ගැනීම අගය කළ යුතු ක්‍රියාවක්.. :yes:
     
    • Like
    Reactions: Kushan_Sameera

    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    මෙවැනි වැදගත් දෙයක් එළකිරි වැනි Forum එකක බෙදා හදා ගැනීම අගය කළ යුතු ක්‍රියාවක්.. :yes:
    11.gif
    + ස්තූතියි සහෝ....
    ela post ekak.
    11.gif
    +
    Watinawa saho
    You must spread some Reputation around before giving it to Kushan_Sameera again. :baffled:
    11.gif
    You must spread some Reputation around before giving it to Ridila™ again.

    කෑප්ටන් Jack Sparrow;16147264 said:
    Good Post (Y)
    11.gif
    +
    rep added
    11.gif
    +