පබ්ලික් ටොයිලට් එක
ඔන්න දවසක් එක මනුස්සයෙක් පබ්ලික් ටොයිලට් එකකට ගියාලු පොඩි චූ බරක් හැදිලා. මිනිහා ඇතුලට ගියාම ඒක අතුලේ එක දිගට ටොයිලට් කියුබිකල් තියෙනවලු 5ක් 6ක් විතර. පොරත් ඒකෙන් එකක් ඇතුලට ගිහින් නිදහසේ ආපු වැඩේ කරන්න පටන් ගත්තලු.
ඔහොම වැඩේ කරගෙන ඉන්නකොට එහා පැත්තෙ කියුබිකල් එකෙන් කටහඬක් ඇහෙනවලු ” හලෝ යාලුවා කොහොමද ඉතින් කියල”
මේ මනුස්සයට නිකන් පුරුදු නැති අමුතු හැඟීමක් ආවලු. ඇයි ඉතින් ටොයිලට් එකකදි එහෙම කවුරුවත් අදුරන්නෙ නැතුව කතා කරන්නෙ නැහැ නෙ.
ඒත් පොර අහපු දේට උත්තර දෙන එක හොඳ පුරුද්දක් නේ කියලා හිතලා ” අවුලක් නැහැ හොඳින් ඉන්නවා. ඇහුවට ස්තූතියි” කිව්වලු.
ඔන්න තව ටික වෙලාවකින් ආයෙත් එහා පැත්තෙන් ඒ කටහඬ ඇහෙනවලු, ආහ් එහෙමද? උඹ මොකටද ඉතින් මෙහෙ ආවෙ කියල,
... මෙ මනුස්සයට හිතුනලු ඒක හතරබීරි ප්රශ්නයක් නෙ මෙතෙන්ට එන්නෙ ඉතින් අහවල් දෙයක් කරන්ටද?
ඒත් කමක් නැහැ කියල උත්තර දුන්නලු මෙහෙම, පොඩි චූ බරක් හැදිල චූ පාරක් දාන්න අවා බං කියල.
ඔන්න එතකොට 3 වෙනි පාරටත් ඒ කටහඬ ඇහෙනවලු
” මචං පොඩ්ඩක් හිටපන් මං උඹට තව පොඩ්ඩකින් කෝල් කරන්නම්, මේ එහා පැත්තෙ කව්දෝ පරයෙක් මම උඹෙන් අහන හැම එකකටම උත්තර දීගෙන ඉන්නව ”