පබාගේ-මව-කියයි

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පබාගේ-මව-කියයි

    "මගේ දුව උපේක්ෂා දේශපාලනයට විකුණනවා" යන සිරස්තලය යටතේ තමන්ගේ ඡායාරූපයක් යොදා රාජ්‍ය මාධ්‍යයක් වූ දිනමිණ පුවත්පත අසත්‍ය පුවතක් නිර්මාණය කර ඇති බව පබා හෙවත් උපේක්ෂා ස්වර්ණමාලීගේ මෑණියන් වූ නිර්මලීද සිල්වා මහත්මිය පැවසුවාය. ඇය මේ බව පැවසුවේ අද (11) පොදු අපේක්ෂක මාධ්‍ය ඒකකයේ පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිර්මලී මහත්මිය මෙසේ ද පැවසුවාය.
    "දිගින් දිගටම මට දුරකතන ඇමතුම් ආව. ඒක ලොකු වදයක් වුණේ. ඒ හැමෝම ඇහුවේ උපේක්ෂාව බලහත්කාරයෙන්ද ජෙනරාල්ගේ මැතිවරණයට සහය ගන්නේ කියල. මේක හරිම වදයක් වුණා. අන්තිමේදී මම කිව්වා "මට එකම බයයි තියෙන්නේ, ඒ මගේ දුවගේ ජීවිතයට කරදරයක් වෙයිද කියල විතරයි" කියල. පස්සෙ ඊයේ (10) මෝටර් බයිසිකලයකින් ආපු තරුණයින් දෙදෙනෙක් මගේ හැඳුනුම්පත ඉල්ලගෙන ගියා. පස්සෙ අද උදේ තමයි නැවත මට ඒක ලැබුණේ.

    පස්සෙ මම දැක්ක දිනමිණ පත්තරේ මේ විදිහේ ප්‍රවෘත්තියක් දාල තියෙනව. මම කියනව මේක හරිම වැරදි වැඩක්. මම ඒ විදිහේ ප්‍රකාශයක් කළේ නැහැ."


    paba01.jpg