පබිවතිත් යන්න ගියා
Rating: 7.0/7 (3 votes cast)
යුක්තිසහගත විකාර ජීවිතයක් ගත කරන ජීවියෙක් අපෙන් මෙහෙම ප්‍රශ්ණයක් අහනවා. ‛‛ උඔලට අජිත් කුමාරසිරි නම් ගායකයා එක්ක තියෙන්නේ පෞද්ගලික ප්‍රශ්ණයක් ද?’’
උත්තරය-නැහැ, අපි දැන් උත්තරය විදාරණය කරමු.
අජිත් කුමාරසිරිව අපි දන්නේ 1985 විතර ඈත කාලයක ඉදන්, එයා අපේ නාට්‍ය වල ගිටාර් වාදකයෙක් හැටියත් ක්‍රියා කරලා තියනවා. එයාට බටහිර සංගීතය සම්බන්ධයෙන් හොද න්‍යායික අවබෝධයක් තියෙන බවත් අපි පිළිගන්නවා. ඒ වගේම එයාට අව්‍යනම් ලස්සනට සිංදු කියන්නත් පුලුවන්. හරියට නවාට වගේ, එයා කැතට සිංදු කියන්නේ දැනුවත්වයි. joe cocker වගේ ගායකයෙක්ගේ සිංදු වලට ඇහුම්කන් දුන්නම එයාගේ ශෛල්‍යය වෙන තැන් වල තියෙන බව වැටහේවී http://www.youtube.com/watch?v=wvPzND59y50 ගායනය සහ කෑගැසීම singing and shouting අතර පරතරය දාර්ශණිකව සාකච්ඡා වෙච්ඡ දෙයක්. විශේෂයෙන් කෑගැසීම ආරම්භ වුනේ ඇමෙරිකාවේ කලු ජාතිකයෝ වානිජ මට්ටමින් රුප් ගීත නිර්මාණය කිරීමත් සමගමයි. ලංකාවේ අජිත් කුමාරසිරි ගීත කියනකොට කෑගහනව. ඒක ලංකාවට අලුත් අත්දැකීමක්. ඒක වැරැද්දක් නෙමේ.
අපිට අජිත් එක්ක තියෙන්නේ මියුසික් ප්‍රශ්ණයක් නෙමේ,දේශපාලන ප්‍රශ්ණයක්. අජිත්ගේ ගීත වල පද රචනා අනුව ඒවා වැටෙන්නේ විරෝධාකල්ප ශානරයටයි. අජිත්ගේ ගොඩක් ගීත විචාරාත්මක ගීත වලට වඩා සදාචාරාත්මක විවෙිචනයක් සහිත ගීතයි. වෙනත් විදිහකට කියන්නේ නම් අජිත්ගේ විවෙිචනය තියෙන්නේ සමාජ ක්‍රමය ගැන අලුත් විකල්ප යෝජනා කරන අයට මිස සමාජ ක්‍රමය පුපුරුවන අය ගැන නොවේ. උදාරණයක් විදිහට අජිත්ගේ එක්තරා විරෝධාකල්ප ආදර ගීතයක් වූ love and vote (http://www.youtube.com/watch?v=xCBO-yZXia0) හිදී වාර්ථා වන්නේ පෙම්වතකුගේ මතක වෙිදනාවයි. නමුත් ගැටලුව වන්නේ මේ සමාජයේ ජීවත් වන මිනිසුන්ගේ දුක්-අඳෝනා වලින් ඔවුන්ව ගලවා ගැනීමේ අජිත්ගේ මෙහෙයුම පවතින ක්රමයම ආරක්ෂා කිරීමක් නොවේද යන්නයි. උදාහරණයක් ලෙස 2004 දෙසැමිබර් වනතුරු අප හදා වඩා ගත් පබා නම් දේශපාලනික පෙමිවතියක් කුරුණෑගල ප්‍රදේශයේ(කොළඹ නොවේ) පදිංචි කසිප්පු ලාල් නම් මැරවරයෙකු විසින් පැහැර ගෙන ගියේය. එහිදී ඇයව පවතින සමාජ ක්‍රමයට කසිප්පු ලාල් විකූණන ලදි.
අප ඇයට කියාදුන් සමාජ දේශපාලනය ඇය ගණිකා වෘත්තියේ යොදවන ලදී. රැඩිකල් පෙම්වතුන් මෙන් අප නිහඩව බලා සිටියා මිස සදාචාරවාදීව ඇයව කසිප්පු ලාල්ගෙන් බෙිරා ගැනීමට ගියේ නැත. තම ගීතයේ දී අවුරුදු කුමරිය වී කොළඹට ගිය ඇය,අතින් අතට ගොස් විකිණී යන පෙමිවතිය ගැන ශෝඛාලාපයක් කියන අජිත්ම තම ප්‍රසංගයට කසිප්පු ලාල් පැමිණි විට බදා ගන්නේ දෝත බදලාය. ගීතයේ දී අවංක සහ සංවෙිදී වන මිනිසෙකුටම සැබෑ ලෝකයේදී පෙමිවතියක් දූෂණය කරණ තක්කඩියෙකු හදුනා ගැනීමට විඥාණයක් නැත. විරෝධාකල්ප කියමින් බෙරිහන් දෙන අජිත්ම තමන් බෙරිහන් දෙන පෙම්වතියව විනාශ කරන්නාව හදුනා ගන්නේ තමාගේම රසිකයෙක් ලෙසය. අජිත්ට අප විරුද්ධ වන්නේ මෙතැනින්ය.
තවද මේ වන විටත් අජිත් වටා සිටින සියලු තක්කඩීන් යනු පවතින සමාජ ක්‍රමය වෙනස් කරන්නට අවැසි උදවිය නොව මේ සමාජ ක්‍රමය හොදින්ම පවත්වාගෙන යන්නට මුක්කු ගසන කුක්කන්ය. එසේ නොවන සැබෑම විරෝධාකල්ප සහිත මිනිසුන් එක් අයෙකු හෝ අජිත් වටා සිටින බව ඔප්පු කර පෙන්වන්නේ නම් අප අපේ දේශපාලන නතරකර දමා සියදිවි නසා ගන්නා බවට පොරොන්දු වන්නෙමු. අප යමෙකු වෙනුවෙන් හඬ නගන්නේ නම් එහි විරුද්ධවාදියෙකු හමු වූ විට හොම්බ තලනවා මිස බදු ගන්නේ නැත. අප අජිත්ගේ ප්‍රසංග නරඔන්නට නොඑන්නේ මේ නිසාය. අජිත්ගේ විරෝධාකල්ප ගීත වලදීවි වේචකයන් වන්නේ ඔහුගේම රසිකයන් වීම ගැන ඔහුට අපුලක් නැත්තේ මන්දැයි අපි නොදන්නෙමු. නමුත් කසිප්පු ලාල් හමුවන පළමු මෙහොතේදීම අපි හොම්බ තලන්නේ අපේ පබාවතිය අරන් ගිය එක නිසා අපේ ග්රුස්ටික් අම්ල නොව විප්ලවාදී ජවය වැඩි වී ඇති නිසාය.
http://3mana.com