පම්පෝරි ට්‍රම්ප්

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පම්පෝරි ට්‍රම්ප්

    ඉදිරි කාලය ඉතාමත් දුෂ්කර සහ වේදනාකාරී වනු ඇති බවත්, ඒ සඳහා සෑම ඇමරිකානුවෙක්ම සූදානම්ව සිටීම අවශ්‍යය බවත් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරනවා. ඊයේ (31) සවස් කාලයේ පැවති මාධ්‍ය හමුවකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

    එසේම එම හමුව පැවති අවස්ථාවේදී ඇමරිකානු ජනාධිපතිවරයාගේ මුහුණ බැරෑරුම් සහ දුක්මුසු ස්වභාවයක් දක්නට ලැබුණු බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර තිබුණේ.

    මේ අතර එම අවස්ථාවට සහභාගී වූ මාධ්‍යවේදීන් විසින් මුහුණු ආවරණ වල හිඟය ගැන ජනාධිපතිවරයාගෙන් විමසූ අවස්ථාවේදී ඔහු පවසා ඇත්තේ ඒ සඳහා විකල්පයක් ලෙස ස්කාෆ් භාවිතා කළ හැකි බවයි.එසේම වෛරසය සම්බන්දව දැනට පනවා ඇති නීති රීති අප්‍රේල් අවසානය දක්වා දික් කිරීමට ද ජනාධිපතිවරයා කටයුතු කර තිබෙනවා.

    තවද කොරෝනා වයිරසය හේතුවෙන් ඇමරිකාවේ මරණ 100 000ත් 200 000ත් අතර ප්‍රමාණයක් සිදුවනු ඇති බවට එරට විශේෂඥයන් අනුමාන කර ඇති අතර එම ගණනය කිරීම් වලට අනුව අප්‍රේල් මැද වනවිට දිනකට මරණ 2 000ක් පමණ සිදුවනු ඇති බවට අපේක්ෂා කෙරන බවයි සඳහන් වන්නේ.