පමා වී ආ වසන්තය

cow de boy

Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    පමා වී ආ වසන්තය

    මං
    හිතලෙන්
    බැට කකා ඉන්නකොට
    මහ රැ
    තට්ට
    තනියම

    ඔයා
    දුම් දමන
    උණුම උණු
    කොපි කෝප්පයක් හදාගෙන
    බලා හිටි බව
    මං දන්නේ පස්සේ

    එතකොට

    හොදටෝම
    ඇල්වෙන්න
    නිවිලා

    #පමාවීආවසන්තය #ඉන්දිකගුණවර්ධන
     
    Last edited:

    blue_in_rio

    Well-known member
  • thava thiye bn ekin eka dannam, mara lassanai

    අමරදේව මාස්ටර්ගේ සිංදුවකුත් තියෙනවා මචන්, මේ වගේ තේරුමක් තියෙන :):)


    වසන්තයේ මල් පොකුරු නෙළා
    ඔබ මා දෝතට ගෙනෙන තුරා
    මඟ බලමින් මා සිටියා
    සොඳුරු වසන්තේ ගෙවෙන තුරා
    සොඳුරු වසන්තේ ගෙවෙන තුරා

    අහස පොළොව ගිනියම් අව්වේ
    ගහකොළ මැලැවෙන ගිම්හානේ//
    අවසානේ ඔබ ආවා

    ඔබ අතැ වූ මල් එකිනෙක පරවී
    සුළඟේ විසිරෙනු මා දුටුවා
    සුළඟේ විසිරෙන ඒ මල් අතරින්
    ඔබගේ රුව මා දුටුවා - :love::love:



    මහගම සේකරයන්ගේ පද වැලක් මේක, බලපන් කොච්චර ලස්සන තේරුමක් තියෙනවද කියලා.මේ කියන කොල්ලා, තමන්ගේ තරුණ කාලේ ගෙවිලා මැදිවියට පත් වෙනකම්ම කෙල්ල ගැන තියෙන බලාපොරොත්තුව අත් ඇරලා නෑ.අන්තිමට කෙල්ල කැමති වෙද්දි, දෙන්නගෙම සුන්දර බව නැති වෙලා.කෙල්ල වයසට ගිහින්.ඒක ලස්සනට කියනවා, ගිනියම් අවුවේ, ගිම්හානේ, අතින් අරන් එන මල් පොකුරෙත් එක එක මල් පරවෙලා වැටෙන විදියෙන්.ඒත් බලපන්, අන්තිමට කියන එක,


    ඔබ අතැ වූ මල් එකිනෙක පරවී
    සුළඟේ විසිරෙනු මා දුටුවා
    සුළඟේ විසිරෙන ඒ මල් අතරින්
    ඔබගේ රුව මා දුටුවා

    කොච්චර වයසට ගියත්, ඒ වියපත් රූපේ අතරින් කොල්ලා, දැන් නම් වියපත් පුද්ගලයා දකින්නේ, තමන් ආදරේ කරපු කාලේ හිටපු කෙල්ලගේ රූපෙමයි.ඒ කාලේ තරම් රූපේ සුන්දර නොවුනත්, ආදරයේ සුන්දරත්වය ඔහු දකිනවා.ඇත්තටම ආදරේ කරන එකෙකුට, කෙල්ලෙක් වෙනුවෙන් ඕනා තරම් කල් බලන් ඉන්න පුලුවන්.ඒත් කෙල්ලොන්ගේ පැත්තෙන් නම් ඒක එහෙමද කියලා ප්‍රශ්නයක් තියෙනවා. :(:(
     
    Last edited:

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    මේකේ මොකක් හරි කුප්ප මීනින්ග් එකක් තියෙනවා කියලා හිතෙන්නෙ මට විතරද බොලව්:baffled::baffled::baffled:
     

    abds119

    Active member
  • Jun 9, 2010
    601
    146
    43
    Galle


    ඔබ අතැ වූ මල් එකිනෙක පරවී
    සුළඟේ විසිරෙනු මා දුටුවා
    සුළඟේ විසිරෙන ඒ මල් අතරින්
    ඔබගේ රුව මා දුටුවා


    :love::love::love: