සනී ලියෝන් විසින් පඹයෙක් වෙනුවට කුඹුරක හිඳිමින් වගාවන් ආරක්ෂා කළ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වේ.
සනී ලියෝන් යනු එක්තරා ආකාරයකින් තරුණ හදවත් වල උන්මාදනීය චරිතයකි. නිල් චිත්‍රපට කලාවේ යුගයක අංක එකේ නිළියව වැජඹුනු ඈ, මේ වන විට එය අතික්‍රමණය කරමින් බොලිවුඩය වෙත පා තබා ඇත.
ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයෙන් වාර්තා වී ඇති මෙම පුවත, වර්ෂ 2018 පමණ කාලයේදී වූ සිදුවීමක් උවද , එහි ඇති හාස්‍ය ජනක ස්වරූපය නිසා මේ දිනවල ඉන්දියාවේ මාධ්‍යවල අතිශයින් ජනප්‍රිය මාතෘකාවක් බවට පත්ව ඇත.
අන්කනපල්ලි චෙංචු රෙඩ්ඩි නම් වූ ගොවියා, සිය වගාවන්ට ගම්මුන්ගේ ඇස් වහ වැදීමෙන් වන හානීය වළක්වා ගැනීමට, “අඬන්න එපා, මට ඊර්ශ්‍යා කරන්න එපා” යනුවෙන් අදහස් වන වැකියක් මුද්‍රණය කළ, සනී ලියෝන්ගේ ජීවමාන ප්‍රමාණයේ බිකිණි පෝස්ටරයක් රැගෙන විත් තම වගාවේහි සිටුවා ඇත.
මෙම පෝස්ටරයේ ඡායාරූපයක් සමාජ මාධ්‍ය හරහා සංසරණය වීමත් සමග , එම සිදුවීමට අති විශාල ජනප්‍රියතාවයක් ලැබුණු අතර, මේ පිළිබඳව මාධ්‍ය කල විමසීමකදී ඒ පිළිබඳව අදහස් දක්වමින් අන්කනපල්ලි චෙංචු සඳහන් කර ඇත්තේ අතිශය හාස්‍ය ජනක කාරණාවකි.
ඔහු ප්‍රකාශ කරන අන්දමට මීට පෙර කන්නයේ ඔහුගේ අක්කර 10 ක් පමණ වූ වගා භූමියේ වගාවන් හොඳින් වැඩුණත් , ගම්මුන්ගෙන් හා ඔහුගේ වගා භූමිය අසලින් ගමන් ගන්නා මගියන්ගේ ඇස් වහ වැදීම නිසා ඵලදාව අඩු වී ඇත, එයට ප්‍රතිකර්මයක් ලෙස ඇස් වහ දුරු කිරීම සඳහා ඔහු විසින් මෙළෙස සනී ලියෝන්ගේ පොස්ටරයක් එල්ලා ඇත.
ඔහු කියනා පරිදි , මෙවර ඔහුගේ උපක්‍රමය සාර්ථකව ඇති අතර, දැන් ගම්මුන්ගේ හා මගියන්ගේ අවධානය ඔහුගේ වගාවට නොව සම්පූර්ණයෙන්ම සනී ලියෝන්ගේ පොස්ටරයට යොමුවන නිසා ඔහුගේ වගාවේ අස්වැන්න ආරක්ෂා වී ඇත.
විවිධ විශ්වාස ඇදහිලි මත පදනම්ව හිඳ ඉතා කුඩා සිදුවීමකටත් යාතූ කර්ම, සෙත් ශාන්ති වල පිහිට අයදින ඉන්දියාවේ හිඳිමින්, ඒවායේ පිහිට නොපතා කාලයට ගැළපෙන විසඳුමක් සොයා ගැනීමට සමත් වූ එම ගොවියා ස්මාර්ට් පුද්ගලයෙක් බව කිය යුතුමය.