පචවාහිනීය;11980961 said:පයාගල සිදුවූ සිදුවීමට මිනිසුන් නොයෙක් අර්ථ කතන දෙයි. නමුත් අප එහි සිදුවූ සත්‍ය තත්වය ඔබට මෙසේ පැහැදිලි කරමු.
අපගේ බෝධිසත්ව ගුණෝපේත විනය ගරුක, නීති ගරුක ඇමති මණ්ඩලයේ ඇමති වරයෙක්ගේ ඥාති පුත්‍රයෙක් වන මොහු තමන්ගේ වාහනයේ ඉතා විනය ගරුකව ධාවනය යේ යෙදී ඇත.හදිසියේම ඔහුව දුටු තරුණයන් දෙදෙනෙක් "අහෝ, බලව. අර පැමිණෙන්නේ ඔද තෙද ඇති, රටට බරක් නොවන ,රටට වැඩ දායි , මහා හස්ති රාජයෙක් වැනි ඇමති ඥාති පුත්‍රයෙක් නොවේද?
එවන් පුද්ගලයෙකු අතින් මැරුම් කෑවත් කමක් නැත." කියා එම වාහනය ඉදිරියට පැන දිවි නසාගත් හ.
මෙම සිද්ධිය නිසා මහත් කම්පනයට පත් වූ එම ඥාති පුත්‍රයා වාහනයෙන් බැස ඉතාමත් දුකට පත් වී සංවේග ගී ගායනා කර, අහසේ සිටින තිස්තුන් කෝටියක් දෙවි දේවතාවන්ට මෙසේ කන්නලව් කර ඇත.
"මා කිසි දිනෙක මත්පැන් කටේ ගා නැත.මාගේ මව් තුමියත් එසේමය.
අපේ රටේ සිටින්නේ දසරාජධර්මයෙන් පාලනය කරන මහේශාක්‍ය ශ්‍රී චක්‍රවර්ති මහ රාජෝත්තමයානන් වහන්සේ කෙනෙකි. ඒ වගේම අපගේ දුමින්ද ඇමති තුමා කිසි දිනෙක පිස්තෝලයක් ඇති අල්ලා නැත, ඔහු කිසි දිනෙක ගෑනියෙක් අතින් වත් අල්ලා නැත.
මා මේ කියූ කරුණු සත්‍ය නම් මේ අකාලේ මිය ගිය මේ තරුණයන් තිදෙනාගේ පණ යලි ලබා දෙව."
මෙයින් පසුව ඉතා අරුම පුදුම දෙයක් වූ බවට අපට දැන ගන්නට ලැබුණි. එම තරුණයින් තිදෙනා නැවත පණ ලැබුවෙය.මෙය දුටු ගම වාසින් ප්‍රීති ගෝෂා කරන්නට වූහ. ඔවුන් මෙම පුත්‍රයාගේ ශ්‍රේෂ්ඨ භාවය දැක සන්තෝෂ වූහ.
මේ අතර මෙතනට පැමිණි මෙය දුටු පින්වත් පොලිස් නිලධාරින් ද එය දැක සතුටුවි ඔහුගේ හිසේ පොල්තෙල් මිශ්‍ර දෙහි ගා ආශිර්වාද කර භක්ති ගීත ගායනා කල බව ආරංචි මාර්ග සඳහන් කරනවා.
මේ අතර මේ විශ්මය ජනක සිද්ධිය දැක සිංගප්පුරුවේ අග්‍රාමාත්‍ය තුමා මෙම ආශ්චර්යමත් රටේ සිටින මෙම පුත්‍රයාට එම රටට කැඳවා ඇත.


හදිසියේම ඔහුව දුටු තරුණයන් දෙදෙනෙක් "අහෝ, බලව. අර පැමිණෙන්නේ ඔද තෙද ඇති, රටට බරක් නොවන ,රටට වැඩ දායි , මහා හස්ති රාජයෙක් වැනි ඇමති ඥාති පුත්‍රයෙක් නොවේද?

අපේ රටේ සිටින්නේ දසරාජධර්මයෙන් පාලනය කරන මහේශාක්‍ය ශ්‍රී චක්‍රවර්ති මහ රාජෝත්තමයානන් වහන්සේ කෙනෙකි. ඒ වගේම අපගේ දුමින්ද ඇමති තුමා කිසි දිනෙක පිස්තෝලයක් ඇති අල්ලා නැත, ඔහු කිසි දිනෙක ගෑනියෙක් අතින් වත් අල්ලා නැත.
මා මේ කියූ කරුණු සත්‍ය නම් මේ අකාලේ මිය ගිය මේ තරුණයන් තිදෙනාගේ පණ යලි ලබා දෙව."


