පයිතගරස්‌ යනු පුණ්‌ණ හිමියෝ ද?

kushame

Junior member
  • Aug 18, 2010
    284
    12
    18
    පයිතගරස්‌ යනු පුණ්‌ණ හිමියෝ ද?
     
    Last edited:
    • Like
    Reactions: DX-

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ayi mama dan post wala text yanne natte ki parak try karade :(

    http://www.divaina.com/2009/10/21/feature01.html
    me link ake tiyenawa

    පයිතගරස්‌ යනු පුණ්‌ණ හිමියෝ ද?


    යුරෝපයේ විද්‍යාත්මක පදනමක්‌ සහිත ශාස්‌ත්‍රීය කටයුතු සාකච්ඡා කිරීම පටන් ගත්තේ ඇත්ත වශයෙන්ම ඉන්දියාවට පසුකාලීනවය. බ්‍රාහ්මණ, උපනිෂද්, ෂඩ් දර්ශන ආදී බුද්ධි සංවාද ඉන්දියාව තුළදී ක්‍රි. පූ. 900 සිට ක්‍රමයෙන් දියුණු විය. නමුත් ග්‍රීක දාර්ශනික ප්‍රවාහය ඊට පසුකාලීන ඕපපාතික ප්‍රභවයකින් යුතු එකකි. එසේම බොහෝ ග්‍රීක දාර්ශනිකයන්ගේ සංකල්ප සමකාලීන හෝ පුර්වකාලීන ඉංදීය දාර්ශනිකයන්ට පුදුම සහගත ලෙස සමානය.

    මෙයට හේතුව එකක්‌ අනෙකින් දැනුම හුවමාරු කර ගැනීමයි. නමුත් තමන් ලෝකයට දැනුම සැපයූ බව කියූ යුරෝපීයන් ග්‍රීක්‌ දාර්ශනික ප්‍රවාහය ස්‌වාධීන මූලයකින් පැවත ඒම පිළිබඳ ආඩම්බර වෙයි. එය සුදු මිනිසුන්ට ලෝකය පාලනය කිරීමට ඇති සුදුසුකමක්‌ ලෙස ද සලකයි. නමුත් සත්‍යය එය නොවේ. ග්‍රීක දාර්ශනික චින්තන ධාරාවේ සමාරම්භකයා වූ පයිතගරස්‌ ඉංදියාවට පැමිණ බුදුදහම හදාරා ඇති අයෙකි. බෞද්ධ සූත්‍රවල සඳහන් පුණ්‌ණ සහ පයිතගරස්‌ දෙදෙනා පුදුම සහගත ලෙස සමානය. වැඩිදුරටත් හදාල විට ඒ දෙදෙනා එකම පුද්ගලයකු බවත් තහවුරු විය. පුණ්‌ණ සහ පයිතගරස්‌ එක්‌ අයෙකු බව සනාත වන සාධක රාශියක්‌ ඇත. පහත දැක්‌වෙන්නේ එයින් කීපයකි.

    බුදුන් වහන්සේ ජීවත්ව සිටියදීම පුණ්‌ණ මිය ගිය බව පුණ්‌ණෝවාද සූත්‍රයේ සඳහන් ය. පයිතගරස්‌ ද ක්‍රි. පූ. 495 දී මෙටෆොන්ටියන් හිදී මියගොස්‌ ඇත. බුදුන් වහන්සේ පිරිනිවන් පෑවේ ඊට වසර 9 කට පසුව ක්‍රි. පූ. 486 දී ය. පුණ්‌ණ සහ පයිතගරස්‌ බුදුන් ජීවත්ව සිටියදීම මියගොස්‌ ඇත.

    දෙදෙනාම වෙළෙ¹මට සම්බන්ධය. පයිතගරස්‌ගේ පියා සුළු ආසියාවේ ටයර් (ඔහරු) හි විසූ පොහොසත් වෙළෙන්දෙකි. පයිතගරස්‌ ද ඒ වෙළෙඳුන් සමඟ චාරිකා කර ඇත. පුණ්‌ණ ද සඳුන් වෙළෙ¹ම සඳහා ඉංදියාවට පැමිණ ඇත.

    පයිතගරස්‌ට ඉතා ආසන්න යුගයක ජීවත් වූ ඇලෙක්‌සැන්ඩර් පොලිහිස්‌ටර් නමැති ග්‍රීක ලේඛකයා සහ ක්‍රි. ව. 150 - 216 දී ඇලෙක්‌සැන්ඩි්‍රයා පුස්‌තකාලයේ විසූ කෙලෙමන්ට්‌ නමැති පඬිවරයකු ද පයිතගරස්‌ ඉන්දියාවට පැමිණ දර්ශනය හදාල බව වාර්තා කර ඇත. පුණ්‌ණ ද බටහිර ප්‍රදේශයකින් ඉංදියාවට ඇතුළු විය. දෙදෙනාම බුදුන් වහන්සේගේ ගෝලයන් ය.

    1939 දී පරම විඥනාර්ථවාදීන්ගේ ප්‍රකාශනයක ද පයිතගරස්‌ ඉංදියාවෙන් දර්ශනය හදාරා ආපසු ග්‍රීසියට පැමිණි බව සඳහන් කර ඇත. මීට සමාන ලෙස සුනාපරන්ත දේශයේ සිටි පුණ්‌ණ ද බුදුන්ගෙන් බණ අසා ආපසු සුනාපරන්ත දේශයට ගොස්‌ ඇත.

    ඒ සියල්ල ඉක්‌මවා පුණ්‌ණගේ සහ පයිතගරස්‌ගේ ආරාමික ජීවිත එක හා සමානය. පයිතගරස්‌ එදා මැග්නා ග්‍රීසියා ලෙස හැඳින්වු ඉතාලියේ (ජරදඑදබ) වල ඔeරුබඑමප නමැති වෙරළබඩ තැනක ආරාමයක විසීය. පුණ්‌ණ ද සමුද්‍රගිරි නම් මුහුදට ආසන්න තැනක ආරාමයක වාසය කළේය. පයිතගරස්‌ පසුව මුහුදු ඝෝෂාව නිසා ටෙරෙන්ටුමිහී මංත්‍රීවරු තනාදුන්, වෙරළබඩ කඳුගැටයක වෙනත් ආරාමයකට ගියේය. පුණ්‌ණ එලෙසින් ම සමුද්‍ර ඝෝෂාව නිසා මුල් ආරාමය අතහැර වෙරළබඩ කඳුගැටයක පිහිටි මකුලාරාමයට ගියේය. මේ ආරාම මාරු කිරීම එක සමානය.

    පුණ්‌ණගේ සහ පයිතගරස්‌ගේ වෙරළබඩ ආරාම ජීවිතය සතුරු කරදර නිසා එක හා සමාන ලෙස නිමා වෙයි. පයිතගරස්‌ හා වෛරයෙන් පසු වූ දේශපාලකයන් පිරිසක්‌ එහි දේශපාලන අවුල් සහගත අවස්‌ථාවකදී ආරාමය විනාශ කර ඇත. පයිතගරස්‌ මෙටෆොන්ටියන් නුවරට පැනගත්තේය. මෙලෙසින්ම මකුලාරාමයේ වෙසෙන අතර පුණ්‌ණගේ නැවක යමින් සිටි අනුගාමිකයන්ට කළ හිරිහැරයක්‌ නිසා ඔහු මකුලාරාමයෙන් පිටව ගොස්‌ ඔවුන් බේරාගෙන ඇත.

    පයිතගරස්‌ගේ මූර්ති, චිත්‍ර හැම එකකම ඔහු සිවුරක්‌ පොරවාගෙන සිටි බව දැකිය හැකිය. ඔහුqගේ සහ අනුගාමිකයන්ගේ ඇඳුම සුදු පැහැති එකකි. පුණ්‌ණෝවාද සූත්‍රය අනුව පුණ්‌ණගේ අනුගාමිකයන්ටද "ඕදාත වස්‌ත්‍ර" හෙවත් සුදු ඇඳුම් ඇඳීමට උපදෙස්‌ දුන් බව සඳහන් ය. මේ නිසා දෙදෙනාම සුදු සිවුරු ඇඳගත් ශාස්‌තෘවරු ලෙස ද සමාන වෙයි.
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    බුදුන් වහන්සේ සහ භික්‍ෂුන් තම අනුගාමිකයන් ශ්‍රාවකයන් ලෙස හැඳින්වීය. පයිතගරස්‌ ද තම අනුගාමිකයන් ශ්‍රවණය කරන්නා යන අරුත ඇති "අකුස්‌මැටිකොයි (Aනදමිප්එසනදස) ලෙස හැඳින්වූහ. පයිතගරස්‌ තම ආරාමයේ පුවරුවක "අධ්‍යාත්මික ගවේශනයට නොකමැත්තෝ නොපැමිණෙත්වා" යෑයි ලියා තිබිණි. බුදුන් වහන්සේ ද තම දේශනා ප්‍රඥාවන්තයන්ට මිස මෝඩයන්ට නොවන බව කී සේක. මේ සමානකම්වලට අමතරව පුනර්භවය, ලෝකය ගෝලාකාර බව හා සූර්යකේJද්‍රවාදය වැනි බටහිරට ආගන්තුක අදහස්‌ පයිතගරස්‌ දේශනා කරන ලදී. ඒවා පුණ්‌ණ නමැති බුද්ධ පුත්‍රයා ලබාගත් දැනුම මිස වෙන කුමක්‌ද?

    අතිශය මෛත්‍රී සහගත උතුමෙකු වූ පුණ්‌ණ තමා ඝාතනය කරන විට පවා මෛත්‍රී කරන බව පැවසූහ. එපරිද්දෙන්ම පයිතගරස්‌ ද සත්ව ඝාතනයෙන් තොර නිර්මාංශ භක්‍ෂකයෙකි. වයින්වලට දේවත්වය ඇතැයි සිතූ ග්‍රීක්‌වරු අතර පයිතගරස්‌ මත්පැන් පානය නොකළේය.

    ඉහත සියලු තොරතුරු අනුව එකම කාලයේ වාසය කළ ජීවිත කතාව හා චරිත ලක්‍ෂණ මෙන්ම දේශනා පවා සුවිශේෂී ලෙස සමාන පයිතගරස්‌ හා පුණ්‌ණ එක්‌ අයෙකු විය යුතුය.

    පුණ්‌ණගේ රට පිළිබඳ බෞද්ධ මූලාශ්‍ර තොරතුරු අනුව ඔහු වාසය කර ඇත්තේ පයිතගරස්‌ විසූ ක්‍රෝටෝන් වලය. මේ නිසා දෙදෙනා එක්‌ අයෙකු වීමේ සම්භාවිතාව ඉහළ අගයක්‌ ගනී. සංයුක්‌ත නිකායේ පුණ්‌ණ සූත්‍රය අනුව පුණ්‌ණ පැමිණ ඇත්තේ "සුනාපරන්ත දේශයේ" සිටය. මෙහි අදහස සුන් (ශූන්‍ය/හිස්‌) + අපර (බටහිර) + අන්තය (කෙළවර) හෙවත් හිස්‌ බටහිර කෙළවරයි. එසේම "සුන්" යන්නෙහි සතුන් ඝාතනය කරන තැන" යන අදහස ද ඇත. සමකාලීන ග්‍රීසිය සත්ව ඝාතන බහුල, සත්ව බිලිපූජා පැවැත්වූ පෙදෙසකි. මේ නිසා ඉන්දියාවට බටහිරින් පිහිටි සුනාපරන්තය ග්‍රීසිය විය හැකිය. පුණ්‌ණ හා ඔහුගේ සොහොයුරන්ගේ නැව් ගමන් පිළිබඳ කතා පුණ්‌ණෝවාද සූත්‍රයේ ඇත. පුණ්‌ණ අරාබියේ නම් මෙබඳු නැව් ගමන් තිබීමේ ඉඩකඩක්‌ නැත. අරාබිය වැලිකතරකි.

    නමුත් පුණ්‌ණගේ අපරාන්තය ග්‍රීක ජනපදයක්‌ බව කීමට කරුණු ඇත. තෙවැනි ධර්ම සංගායනාවෙන් පසු "යෝනක ධම්මරක්‌�ත" හිමි වැනි ග්‍රීක භික්‍ෂුවක්‌ ග්‍රීක්‌ ප්‍රදේශයකට යෑවීම සාමාන්‍ය තත්ත්වයකි. උන්වහන්සේ ග්‍රීසියේ බුදු සසුන ගොඩනැගූ බව රුවන්මැලි සෑයේ ධාතු නිධන් කිරීමට ඇලෙක්‌සැන්ඩි්‍රයාවේ භික්‍ෂුන් වැඩම කිරීමෙන් පෙනී යයි. මේ යුගයේ මධ්‍යධරණී කලාපයේ ග්‍රීක රටවල් සමඟ සබඳතා පැවැත්වූ බව අශෝකගේ 13 වන ගිරි ලිපියෙන් ද තහවුරු වෙයි. එහි ධර්ම දූතයක්‌ යෑව් රජෙකු වූ "අනෛකිනෙ" ලෙස හඳුන්වා ඇත්තේ මැසිඩෝනියාවේ Aබසඑසටදබමි රජුය. නමුත් අපරාන්තය යනු එම ග්‍රීක ප්‍රදේශවලින් ද ඈත ඉතාලිය වැනි ප්‍රදේශයක්‌ බව අශෝකගේ 5 වන ගිරි ලිපියෙන් හඳුන්වයි. එහි යවන (සුළු ආසියාවට යාබද ගී්‍රක ජනපද) කාම්භෝජ, ගාන්ධාර සහ අත්‍ය වූ අපරාන්ත දේශ ලෙස සටහන් කර ඇත. මේ අනුව සුළු ආසියාවෙන් ඈත කෙළවරක අපරාන්තය තිබිය යුතුය. එවිට අපරාන්තය පයිතගරස්‌ සිටි ඉතාලියේ ක්‍රෝටොන් බව තරමක්‌ තහවුරු වෙයි.

    නමුත් ධර්මප්‍රදීපිකාවේ සටහනකින් අපරාන්තය ඉතාලියේ ක්‍රෝටොන් බව තවත් තහවුරු කළ හැකිය. එහි අපරාන්තය හෙවත් අපරගෝයානය වෙනම මහද්දීපයක්‌ සේ සලකා ඇත. ගෝයානය අතිවිශාල ගොඩබිමකට කියන නමකි. ඉන්දියාවට ඈතින් පිහිටි අපරගෝයානයේ කාල පරතරය මෙසේ දැක්‌වෙයි.

    "අපරගෝයානයට හිරු නැග එන විට ජම්බුද්දීපයට හිරු මුදුන් වෙයි. අපරගෝයානයට හිරු බැස යන විට ජම්බුද්දීපයට හිරු මැදියම් රැයයි."

    මේ අනුව අපරාන්තය (අපරගෝයානය) සහ බුදුන් වහන්සේ වැඩසිටි මගධය අපරකාල පරතරය පැය 6 කි. නැතිනම් පැය 5 කි. නමුත් මක්‌කම හා ඉන්දියාව අතර ඇත්තේ පැය දෙකක වෙනසකි. නමුත් ඉතාලිය හා මගධය අතර පැය 5 ක කාල පරතරයක්‌ ඇත. මේ නිසා අපරගෝයානය හෙවත් අපරාන්තය එදා "මැග්නා ග්‍රීසියා" ලෙස හැඳින්වූ වත්මන් ඉතාලියයි. බුද්ධකාලීනව ඉතාලියේ (අපරාන්තයේ) වැඩවිසූ පුණ්‌ණට ඉතාමත් සමාන චරිතයක්‌ ඇති පුද්ගලයා පයිතගරස්‌ය. මේ නිසා පුණ්‌ණ හා පයිතගරස්‌ එක්‌ අයෙකි.

    මඡ්ජිම නිකායට්‌ඨකතාවේ සහ ථෙරගාථා අටුවාවේ පුණ්‌ණගේ ඇරයුමින් බුදුන් වහන්සේ අපරාන්තයට වැඩම කළ බව සඳහන් ය. මේ ගමන අතරතුරදී නර්මදා නදියේ මුවදොරට පැමිණ එහි පාලක නා රජුගේ ඉල්ලීමක්‌ අනුව මුහුදුවැල්ලේ සිරිපා සටහනක්‌ තබා ඇත.

    මෙම නර්මදා නදී මුවදොර අසලදී ශක්‍ර දෙවියා දුන් යානාවලින් බුදුන් වහන්සේ අපරාන්තයට වැඩම කර ඇති සේක. මෙතැන සක්‍ර දෙවියා ලෙස හඳුන්වා ඇත්තේ මේ යුගයේදී ඉන්දු නිම්නය පාලනය කළ "සර්සේෂ්" හෝ වෙනත් පර්සියානු අධිරාජ්‍යයේ පාලකයෙකි. පැහැදිලිවම එම යානා මුහුදු ගමනක්‌ සඳහා දෙන ලද ඒවාය.

    ඉහත විස්‌තර අනුව අප දැනට ගවේශනය නොකළ අතීතයක්‌ පිළිබඳ තොරතුරු හමුවෙයි. පුණ්‌ණ ලෙස පාලි ධර්ම ග්‍රන්ථවල හඳුන්වා ඇත්තේ ග්‍රීක ජාතික දාර්ශනික පයිතගරස්‌ය. එසේම පයිතගරස්‌ගේ ඇරයුමින් බුදුන් වහන්සේ ග්‍රීසියට වැඩම කර ඇති බව ද අපට පිළිගැනීමට සිදුවෙයි. යුරෝපයේ ශාස්‌ත්‍රීය කටයුතුවල සමාරම්භක ඈත ග්‍රීක විද්වතා පයිතගරස්‌ ය. මේ නිසා ග්‍රීක ශිෂ්ටාචාරයේ බැබලවීම බුද්ධ පුත්‍රයකුගේ මුල පිරීමකි.

    ලලින්ද්‍ර සන්නස්‌ගම
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    යාලුවා ඔන්න මම දැම්මා.... අව්ලක් නැනෙ... මීට කලින් මේ ගැන අහල තිබුනෙනම් නැ..... හොයලා බලන්න ඕනෙ:yes::yes::yes::yes::yes:
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    පුණ්ණ හිමියන් රහත් වූ බව සඳහන් වේ.

    "පුණ්ණ හිමියන්", "පුණ්ණ රහතන් වහන්සේ" ආදී නම් භාවිතා නොකර පාරෙ යන මිනිහෙකුට කතා කරනව වගේ "පුණ්ණ", "පුණ්ණගේ" ආදී වශයෙන් අමතන්නේ මේක ලියපු කෙනාට සමාන්‍ය බුද්ධිය වත් නැද්ද?:growl:
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    පුණ්ණ හිමියන් රහත් වූ බව සඳහන් වේ.

    "පුණ්ණ හිමියන්", "පුණ්ණ රහතන් වහන්සේ" ආදී නම් භාවිතා නොකර පාරෙ යන මිනිහෙකුට කතා කරනව වගේ "පුණ්ණ", "පුණ්ණගේ" ආදී වශයෙන් අමතන්නේ මේක ලියපු කෙනාට සමාන්‍ය බුද්ධිය වත් නැද්ද?:growl:

    කතාව ඇත්ත තමා.... එත් මෙකෙ ඊට වඩා හොයන්න දේවල් තියෙනවා යාලූ.... එගැන හෙව්වොත් හොදයි නෙද.....? ;);););)