පයිය කපා ලුණු දමන ලදී

WaterMelon

Active member
  • Aug 1, 2017
    377
    182
    43
    මුල් පත්වීම.
    *************
    තරුණ හැඩවැඩ ගුරුතුමියකට පලමු පත්වීම සදහා පෝලිමේ සිට ලිපිය ලබා ගැනීමට වාරය පැමිණ ඇත්තේය. ලිපිය දෙන්නේ සිංහල පිළිබද හොද දැනුමක් ඇති අධ්‍යාපන එකේ ලොක්කෙකක් අතින්ලුය. ගුරුතුමිය මහත් භක්තියෙන් නමස්කාරයෙන් ලියුම ගත්තේලුය.

    එලියට ඇවිත් ලිපිය කඩා බැලූ ගුරුතුමියට හීන් දාඩිය දැම්මේලුය. පත්වීම එක්තරා ගමකටලුය. ලැජ්ජාවේ බැරිලුය.
    ඇඹරි ඇඹරී ආපහු ලොක්කා ළගට ගියේලු.
    "මොකෝ ළමයා".
    "සර් පොඩි ප්‍රස්නයක්. පුලුවන් නම් මට වෙන ගමකට පත්වීම දෙන්න. මට ටිකක් ලැජ්ජයි වගේ මෙහෙට පත් වීමක් ලැබුන කියල නෑදෑයින්ට කියන්න. කවුරු හරි ඇහුවත් කොහොමද කියන්නෙ සර් මෙහෙ වැඩ කියලා. සර් සමා වෙලා මාව තේරුම්ගන්න".

    ලොක්කාට අලුත් ගුරුතුමිය දරුවෙකු මෙන්ය. ඇසූ පිරූ තැන් ඇති ඔහු ඇගේ දුක දැක අනුකම්පා කරන්නේය.
    එකල අද මෙන් කොම්පියුටර් නැතිය. එදින යතුරු ලියන්නියද නිවාඩුය. පත්වීමේ ලිපිය අතින් ලියන්නට බැරිය. මුල් ලිපියම වෙනස් කරනවා හැර විකල්පයක් නැතිය.
    මේ ටීචර් දරුවා ආයෙත් ගෙන්වාගෙන රස්තියාදු කිරීමද හොද නැතිය. දුර බැහැර සිට ආ නිසා හොදටම පවුය. අද කල යුතු දේ අදම කරන්නට ඕනෑය.
    මුල් ලිපියේම පොඩි වෙනස්කමක් කර පත්වීම දීම වඩාත් ප්‍රායෝගිකය.

    තැනට සුදුසු නුවණය. දේසේ හැටියට බාසේය. යකාගේ හැටියට විමානේය. මඩේ හැටියට පෝරුවය. පුකේ හැටියට අමුඩේය. අමුඩෙයි පුකයි වගේ ඉන්නට තිබේ නම් හොදය.

    මුල් පත්වීමට අදාල ගම ඇති තැන කොටසක් පෑනෙන් කපා කාකපාදයක් දමා අලුත් ගමේ නමේ කොටස එතන ඉහලින් ලියා දීමට ලොක්කා කාරුණික වන්නේය.

    නම් දෙකටම පොදු "ගල" කොටස ඉතුරු කරන්නේය. කෙටි අත්සනක්ද යොදා කැපීම තහවුරු කරන්නේය. එසේ කොට ලිපියේ පහත සටහන තබන්නේය.
    සැ.යු. -" ගුරුතුමියගේ ඉල්ලීම මත පයිය කපා ලුණු දමන ලදී. එහෙත් ගල ඉතුරු කරන ලදී. "

    දැන් පයාගල ඉස්සර පයියාගලය.
    මුල් පත්වීම පයියාගලට ලැබුනු බවත් එය ලුණුගලට වෙනස් කර තිබූ බවත් හුදී ජන සංවේගය සදහා සටහන් කර තබනෙමිය. සිංහල බස අරුම පුදුම බසකිය. මම තණ නොකමිය. එහෙත් තන උරමිය.

    දැන් පලකො ලුණුගල.

    230624869.jpg


    අරවින්ද හබක්කල.