පරණ ෆොටෝ එකතුව

euler

Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    NEDq9H4.jpg
     
    • Like
    Reactions: aneasarayana

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    චේ ගුවේරා මරා දැමීම - සත්‍ය කතාව!

    vYNCJpd.jpg



    1966 වනවිට චේ කොහේ වෙත් දැයි කිසිවෙකු දැන සිටියේ නැත. කියුබානූ විප්ලවයේ නායකත්වයේ බර කරට ගෙන එය ජයග්‍රහණයෙන් කෙළවර වූ කල එරට කෘෂිකර්මාන්තය හා කර්මාන්ත ක්ෂේත්‍රය නගා සිටු වීමට උරදුන් චේ පසුව කියුබාව නියෝජනය කරමින් සමාජවාදයේ පණිවිඩය ගෙන රට රටවල් හී සංචාරය කලේ වරද දුටු තැන කවුරුන්ද කින්ද මන්ද නොසොයා පහර දී නිවැරැද්ද මත පමණක් සිටගති. එම මහත් වූ මනුෂ්‍ය ගුණය ඔහුගේ ජීවිත ගමන ඉතා කෙටි කරලීමට සමත් විය.

    එක්සත් ජාතීන්ගේ සම්මෙලනයේ දී එක්සත් ජාතීන් නිර්දය ලෙස විවේචනය කල චේ ඇමෙරිකාව තම සදාතනික සතුරා බවට පත් කරගත්තේ එයින් නොනැවතී කියුබාවේ ප්‍රධානතම මූල්‍ය ආධාරකරුවා වූ සෝවියට් දේශය අමු අමුවේ විවේචනය කොට එරටේ මෙන්ම සිට මිතුරාගේ ද අමනාපයට ලක් විය.

    දිනූ දේශයේ අමාත්‍යාංශ, සැප සම්පත් මෙන්ම එහි ගෞරවණීය පුරවැසිභාවය පවා අත් හල චේ විප්ලවය අවශ්‍ය වූයේ ලොව කොතැනට ද, එතැනට තම සහය දක්වන්නට විය. මෙලෙස 1965 හීදී කොංගාව වෙත පැමිණි චේ එහි නිදහස් අරගලයට අවශ්‍ය ගරිල්ලා පුහුණුව හා නායකත්වය ලබාදෙන ලදී. නැවත කියුබාවට පැමිණි චේ අප්‍රකටව කල් ගෙවූ අතර 1966 වනවිට කොහේ වී දැයි කිසිවෙකු දැන සිටියේ නැත.

    ඒ වනවිට දළුලමින් තිබූ බොලීවියානු නිදහස් සටනට නිසි මගපෙන්වීමක් සහ සැබෑ නායකත්වයක් අවශ්‍ය වී ඇති බව තේරුම් ගත් චේ මැදි වියේ ව්‍යාපාරිකයෙකු ලෙස වෙස්වලාගෙන 1966 හි නොවැම්බර් මස 03 වන දින බොලීවියාවට පැමිණ වහාම සටන් ඇවිලෙමින් තිබූ කදුකර පෙදෙස් වෙත පැමිණ සෙබළුන් පුහුණු කිරීම ඇරඹිය. National Liberation Army if Bolivia ලෙස නම් දැරූ එම හමුදාව මර්මස්ථාන වලට පහර දෙමින් වහ වහා ඉදිරියට ගමන් කළමුත් ඇමෙරිකානු රාජ්‍යය මැදිහත් වීමෙන් CIA සංවිධානය හරහා අති නවීන ආයුධ හා පුහුණුව සතුරාට ලැබීම හා අරගලය සදහා බලාපොරොත්තු වූ කියුබානු සහය නොලැබීම කරන කොට ගෙන දිනෙන් දින සටන පිරිහීමට පටන් ගෙන තිබිණි.

    සියල්ල රදා පවතින්නේ චේ ගේ මගපෙන්වීම මත බව අවබෝධ කරගත් ඇමෙරිකාව ඔහු අල්ලගැනීම සදහා පිඹුරුපත් සැකසීම ඇරඹි අතර ඒ සදහා කියුබාවෙන් පිටුවහල් කරන ලද ෆීලික්ස් රොඩ්රිගෝස් නම් ඔත්තුකරුවා හා නාසි යුධ අපරාධකරුවෙකු වූ ක්ලෝව්ස් බාබී යන දෙදෙනා යොදා ගන්නා ලදි. සියුම්ව චේ ගේ හමුදාව තුලට ඔත්තුකරුවන් ඇතුළු කොට එමගින් ඉදිරු වැඩසටගන් අධ්‍යයනය කල ඔවුහූ 1967 හී ඔක්තෝබර් 07 වන දින චේ ගිමන් හළ කූඩාරම වෙත 1500 කගේ පමණ හමුදාවක් සමග කඩපනින ලදි. එහිදී සටන අත් නොහළ චේ තම තුවක්කුව අක්‍රීය වනතුරුම එක එකා බිම හෙළමින් නියම ගරිල්ලා සෙබළෙකු ගේ දක්ෂ්තාවයෙන් ඔවුනට පිළිතුරු දිනි. නමුත් අක්‍රිය වූ තුවක්කුවකින් හා සිරුර පාසා කල වෙඩි උණ්ඩ දෙකකින් චේ ගේ සටන නිහඩ විය. තුවක්කුව පසෙකට විසි කල චේ "මළසිරුරකට වඩා ජීවී මා තොපිට වටී වී" යැයි පවසා යටත් විය.

    08 වනිදා මධ්‍යහ්නයේදී අතපය ගැට ගසන ලද චේ ලග පිහිටි පාසැල් ගොඩනැගිල්ලක් වෙත රැගෙන ගොස් සිරකර දමන ලදි. ඒවන විටත් ඔහුගේ අතකට සහ කලවා පෙදෙසට වෙඩි වැදී තිබුණු අතර ඒවා මාරාන්තික තුවාල නොවීය. මඩින් නැහැවී ගිය සිරුර ඉරී පතුරු ගැසුනු ගරිල්ලා ඇදුමකින් වැසී තිබුණු අතර, හිස කේ දුහුවිල්ලෙන් වැසී හැඩපළු වී තිබිණි.සපත්තු වෙනුවට හම්කඩක් ගැටගසා තිබූ දෙකකුල් කැපී ඉදිමී තිබිණි. මේ මීට දෙවසරකට පෙර එක්සත් ජාතීන් ඇමතූ චේ ගුවෙරා ද, කියා කිසිවෙකුට සිතගත නොහැකි අන්දමින් ඔහු විප්ලවයට සිය ජීවිතය දියකර හැර තිබිණි.

    සිරුර අත්‍යන්ත දුක්ඛ්ත තත්වයකින් යුතු මුත් නිකට ඔසවා ආඩම්බරයෙන් සිය ප්‍රතිවාදීන් ඇමතූ චේ තමාට දුම්බීමට අවශ්‍ය බව පැවසූ අතර ඔහුට පයිප්පයක් සහ දුම්කොළ ලැබිණි.08 වන දා සවස් භාගය පුරා චේ විව්ධාකාරයේ ප්‍රශ්ණ කිරීම් වලට ලක්වූ මුත් ඔහුගෙන් පිළිතුරු ලෙසින් ලැබුනේ අපරාජිත සිනහවක් පමණි.

    ඔක්තෝබර් 09 වනදා පාන්දර චේ ගේ අවසන් ඉල්ලීම පරිදි එම පාසැලේ ගුරුවරිය කැදවනු ලැබූ අතර ඔහු විසින් ඈට එම පාසල සංවර්ධනය කිරීමෙහිලා කලහැකි ප්‍රායෝගික දේ කිහිපයක් පැහැදිලි කරන ලදි. ඒ වනවිට චේ වෙඩි තබා මරාදමන ලෙසට බොලීවියානු ජනාධිපති විසින් උපදෙස් ලබා දී තිබුණු අතර ඒ සදහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ යේ 27 හැවිරිදී බේබද්දෙකු වූ මාරියෝ ටෙරාන් නම් බොලීවියානු හමුදාවේ සාජන්ට් වරයෙකි. අපහසුවෙන් කෙලින් සිටුවන ලද චේ ගේ අබලන් ශරීරයට මාරියෝ විසින් වෙඩි උණ්ඩ 09ක් එල්ල කල අතර අවසන් වෙඩි උණ්ඩය තෙක්ම සිට මැනික්කටුව සපාගෙන මුවින් වේදනාත්මක හඩක් පිටනොකිරීමට තරම් චේ ගුවේරා ආඩම්බර විය.

    චේ ගේ ප්‍රාණය නිරුද්ධ වූ සිරුර පරීක්ෂා කල ෆීලික්ස් රොඩ්රිගෝස් මියගිය වේලාව පස්වරු 1.10 ලෙස සටහන් කරන ලදි.ඉන්පසු ඔහුගේ දේහය හෙලිකොප්ටරයකින් Vallegrande නුවරට රැගෙන ගිය අතර එහිදී ඔහුගේ දේහය නිළ වශයෙන් හදුනාගැනීම සහ ජායාරූප ගැනීම සිදු කරන ලදි. ඉන්පසු ඔහුගේ නිසල දෙහයෙන් දෑත් කපා වෙන් කල අතර දෙඅත් නොමැති මළසිරුර අප්‍රසිද්ධ රහසිගත ස්ථානයක වල දමන ලදි. කපා වෙන් කල දෙඅත බුවනෝ අයර්ස් වෙත යවනු ලැබූ අතර එහිදී ඇගිලි සළකුණු ලබාගැනීමෙන් පසු
    කියුබාවේ ෆිදෙල් කැස්ත්‍රෝ වෙත යවන ලදි.

    ඔහුගේ දේහය වැලළූ ස්ථානය අභිරහසක්ව පැවති අතර 1995දී කරන ලද වසරකට අධික කැණීම් වලින් පසු දෙඅත් වෙන් කරන ලද අස්ථි සැකිල්ලක් 07 දෙනෙකුගෙන් යුත් සමූහ මිනීවලකින් සොයාගන්නා ලදි. එහි දී ලබාගත් හිස්කබලේ තිබූ දන්ත අනුපිලිවෙල කියුබාවේ ආරක්ෂිතව තිබූ දන්ත අච්චුවත් සමග ගැලපීමෙන් ඒ දේහය චේ ගේ බව හදුනාගතී. ඒ සියල්ලටම වඩා එම සිරුර අසල තිබූ පුංචි මල්ලක තිබී දුම්කොළ ස්වල්පයක් හමුවූ අතර ඉන් මේ සිටින්නේ චේ ම යැයි තහවුරු විය!
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    වියට්නාම් යුද්ධයට ඇමෙරිකානු ආගමනය සමග ඇති වන යුදමය තත්වයන් හීදී සිවිල් වැසියන් ලක්ශ දහනමයක් පමණ අගයකින් ඝාතනය වන අතර මෙහිදී ඇමෙරිකානු රජය වෙත එල්ලවන මානවහිමිකම් චෝදනා සහ ගෝලීය යුධ විරෝධී බලපෑම හේතුවෙන් ඇමෙරිකානු රජය සිය හමුදා 1974 වසරේ වියට්නාමයෙන් ඉවත් කරගැනීමට කටයතු කරයි.

    ..ඒ සමගම 1975 වසරේදී ඇමෙරිකානු රජය වියට්නාමයේ සිය දෙමාපියන් ඝාතනයට ලක්ව අනාථ භාවයට පත් වූ දකුණු වියට්නාම් දරුවන් පනස් දහසක්ද සිය රටට රැගෙන යාමට කටයුතු ප්‍රතිපාදනය කලේ දකුණු වියට්නාම මියගිය හමුදා සමාජිකයන්ගේ දරුවන් ආක්‍රමණික ගරිල්ලන් විසින් විනාශ කිරීම යන ව්‍යාජ හේතුව උපක්‍රමිකව යොදාගනිමින් උවද මෙහි සත්‍ය පසුබිම ඇමෙරිකාවට එල්ලවූ ප්‍රභල මානවහිමිකම් කඩවීමේ චෝදනාව බව රහසක් නොවීය.

    ..මෙම දරුවන්ට අමතරව සිය හමුදා මගින් අතවරයට ලක්ව වියට්නාම් කාන්තාවන් බිහිකල දරුවන් පසු කාලීනව එකී කාන්තාවන් දරුවන්ගේ පෙනුම හේතුවෙන් සමාජයට ඉදිරිපත් කිරීමට නොහැකිව ඇමෙරිකානු කදවුරු සමීපයෙ අතහැර යාම නිසා අවතැන් වූ දරුවන්ද ඇමෙරිකාවට හිමි විය..... මෙම දරුවන් පසුකාලීනව ඇමෙරිකානු හමුදා නයකයන් සහ ප්‍රසිද්ධ නලු නිලියන් දේශ්පාලකයන් විලාසිතාවක් ලෙස් හදාවඩා ගත් අතර ඉන් බොහෝ පිරිසක ඉදිරි ජීවිතය මත්ද්‍රව්‍ය සහ වෙනත් හේතූන් නිසා අකාලයේ විනාශ විය...

    ඔබ පහත දකින්නේ surviving twice මෙහෙයුම ඔස්සේ ඇමෙරිකානුවන් ගෙන ගිය අවසාන වියට්නාම් දරුවන් සිය දෙනා ගුවන් යානය තුල රදවා ගෙන යන ආකාරයයි....
    යුද්ධය නිහඩවම සාපයට අත වනන ආකාරයයි.....



    UOsfMcy.jpg