පරණ windows වලින් වැඩක් ගමු

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    පරණ windows වලින් වැඩක් ගමු

    පරණ windows වලින් වැඩක් ගමු....



    ඔන්න අද මම මේ ත්‍රෙඩ් එක දාන්නේ මගේ 10 වෙනි කොට්ට පැනීමේ ප්‍රීතිය නිමිත්තෙන්....2008 ඉඳන් කිරියේ හිටියට පලවෙනි පොස්ට් එක දැම්මේ 2013-032-04 එදා ඉඳන් තමයි කිරියේ ඇක්ටිව් උනේ...එදා මෙදා තුර සත 5ක වැඩක් නැති ත්‍රෙඩ් සහ,ඊට වඩා වටිනා ත්‍රෙඩ් 64ක පමණ ප්‍රමාණයක් දමා ඇති අතර කිසිම දේශපාලන ත්‍රෙඩ් එකක් දමා නැති බව ආඩම්බරයෙන් යුතුව කියනවා ඈ...

    9.gif

    අදත් අරගෙන අවේ අමුතු කලාවක්.
    ඔන්න මම මේ කියන්න යන්නේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ගැන එහෙම නම් නෙවෙයි හරිය?
    උඹලගේ වින්ඩෝස් OS වලට මොනවා කරගත්තත් මට කමක් නෑ...
    මම කියන්න යන්නේ පට්ට පරණ,පේන්ට් එකේ පොතු ගැලවිච්ච,බාගෙට දිරච්ච,ජනෙල් පියන් වලින්(ගුල්ලෝ ගහලා චප්ප චාටර් වෙලා කුර්දිස්ථාන් වෙච්ච එව්වා නෙවෙයි ඈ..) වැඩක් ගන්න හැටි,එහෙමත් නැත්තන් ගෙදර ලස්සන කරගන්න පොඩි ආර්ට් පාරක් දාගන්න හැටි....
    මේකට ඕනා කරන්නේ පරණ ජනෙල් පියනකුයි(ජනෙල් පියනේ මොස්තරේ පරණ වෙන්න වෙන්න,පේන්ට් එකේ පොතු ගැලවිලා තියෙන ප්‍රමාණය අනුව මේකේ ලස්සන වැඩි වෙනවා.),චීෆ් බෝඩ් එකකුයි ෆොටෝ ටිකකුයි,තව scotch tape විතරයි.....

    ArchitectureArtDesigns-567.jpg

    DSC_0042.jpg

    මේ තියෙන්නේ අයිටම් එක...ආසයි නේ?
    .අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියල ඔන්න...
    මුලින්ම කරගන්න ඕනා,අපිට අවශ්‍ය ප්‍රමාණයට,(ඒ කිව්වේ ජනේලේ කවුළු වල තරමට ගැලපෙන්න ) ෆොටෝ ටිකක් ප්‍රින්ට් කරගන්න....තමුන්ගේම ඒවා වෙන්න ඕන නෑ...ලස්සනයි කියල හිතෙන ඕනේ එකක් ප්‍රින්ට් කරගන්න පුළුවන්....හැබැයි ඉතින් දිග පළල වෙනස් කරගෙන එහෙට මෙහෙට ඇදල,පින්තුර චා කරගෙන අන්තිමේ මට බනින්න නම් එන්නෙපා.
    හරි හරි කතා ඇති...දැන් වැඩේට බහින්නයි තියෙන්නේ...
    මේකට මේ ෆොටෝ අලවලා තියාගන්න scotch tape කියලා අයිටම් එකක් තියෙනවා,එක ගන්න ඕන...මෙන්න මේගොල්ලන්ගෙන් ගන්න පුළුවන් මේවා....
    3M solutions lanka

    මේ තියෙන්නේ ඒවා ඇලෙව්වට පස්සේ පේන විදිය
    DSC_0024.jpg


    DSC_0021.jpg


    ඊට පස්සේ මෙන්න මේ වගේ ඕනනම් මල් වේලලා හදාගත්ත අමතර සැරසිල්ලක් මේකට දාගන්න පුළුවන්.....තමුන්ගේ නිර්මානශීලිත්වය පාචිච්චි කොරලා අමතර සැරසිලි දාගත්තට ඔන්න මගෙන් කිසි විරුද්දත්වයක් නෑ....
    මේකට තවත් ලස්සන කරගන්න පුළුවන් තමුන් කැමති වචන,වාක්‍ය ඛණ්ඩයක් (phrase) එකක්,saying එකක් වගේ එකතු කරගන්න පුළුවන් transfer tape එකක් පාවිච්චි කරගත්තොත්.....මේක අත්‍යවශ්‍යම නෑ..ඒ උනාට මේකෙන් අමතර ලස්සනක් එකතු වෙනවා නිර්මානෙට
    transfer tape ගන්න පුළුවන් මෙන්න මෙතනින් ගිහිං බලන්න
    http://sri-lanka.exportersindia.com/suppliers/office-supplies/adhesive-transfer-tape.htm

    DSC_0026.JPG

    DSC_0050.jpg


    transfer tape අධාරයෙන් විවිධ sayings යොදා නිර්මාණය කල අවසන් නිර්මාණයක් මෙන්න මෙහෙමයි පෙන්නේ....




    ඔන්න මේ concept එකම ටික ටික වෙනස් කරලා කරපු තවත් වෙනස් වෙනස් නිර්මාණ ටිකක් මේ පල්ලෙහායින් පෙන්නලා තියෙනවා......ඉතින් තමුන්ගේ ගෙදර ඉස්ටෝරුවේ,පිළිකන්නේ විසිකරලා තියෙන පරණ windows version එහෙම නැත්තන් පරණ ජනෙල් වලට සාප කර කර ඉන්නේ නැතුව මෙන්න මේ වගේ වැදගත් විදියට ඒවා ගෙදර ලස්සන කරගන්න පාවිච්චි කරන්න පුළුවන්........

    2j3ibfk.jpg

    ArchitectureArtDesigns-1251.jpg

    ArchitectureArtDesigns-1541.jpg

    ArchitectureArtDesigns-1739.jpg



    දැන් මගෙන් අහන්නෙපා පරණ දොරවල් වලට මොනවද කරන්න පුළුවන් කියල,පරණ දොරවල් වලින් උනත් මේ වගේ ලස්සන නිර්මාණයක් කරගන්න පුළුවන්..පොඩි ඇන්ටික් ලුක් එකක් එක්ක ලස්සන artwork එකක් හදන හැටි ට්‍රයි එකක් දීලා බලන්න...
    බලාලා හොඳයි නම් අනිත් දුගී මගී යාචකාදීන්ටත් බලාගන්න බම්ප් එකක් හෙම දාල ගියානං...
    78261029.gif
     
    Last edited:

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    janel galola gaththama parana janel redi walata mokada ban karanne :D

    ela machan. mara gathiyak enawa eken. demolish karana gewal gana balanna ona watayak gahala.

    bara ganak ithuru kara ganna puluwan wadak
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    janel galola gaththama parana janel redi walata mokada ban karanne :D

    ela machan. mara gathiyak enawa eken. demolish karana gewal gana balanna ona watayak gahala.

    bara ganak ithuru kara ganna puluwan wadak

    යකෝ හොඳට තියෙන ජනෙල් ගලෝල ගන්න කිව්වේ නැහැ යකෝ:angry::angry::angry::angry::angry::angry::angry:...ගලෝලා තියෙන පරණ පොතු ගැලවුන ජනෙල් ගන්න කිව්වේ ඕයි...ඕකනේ කියන්නේ උඹලා වලිගෙ පාගාගෙන නැට්ටේ ඉඳන් ගොම ගාගන්නවනේ