පරමාණු බෝම්බ

donbos

Active member
  • Nov 13, 2015
    353
    34
    28
    අපිට නිතර ඇහෙන දකින දෙයක් තමා ඉරානයට හා උතුරු කොරියාව න්‍යෂ්ටික අවි සතු කරගැනීමට යන එකට ඇමෙරිකාව සහ අනෙක් රටවල් දක්වන ප්‍රභල විරෝදය. ඔවුන් පවසන්නේ හා අනික් යට තෙරුන් යාමට ඉඩ හරින්නේ මෙ නාහෙට අහන් නැති රටවල් න්‍යෂ්ටික අවි සතු කරගතහොත් අහල පහල ඔක්කොටම ප්‍රහාර එල්ල කරයි යන කාරණය.

    ඇත්තටම මෙ න්‍යෂ්ටික අවි ඇයි මෙච්චර වටින්නේ ? දෙවන ලෝක යුද්දෙන් පස්සේ කිසිදු න්‍යෂ්ටික ප්‍රහාරයක් තාම සිදු වී නෑ. නමුත් තම තමාගේ අවි ප්‍රමාණය නැත්තන් වෝ හෙඩ්ස් ගාන වැඩිකරගන්න රටවල් සෙට් එකක් නැත්තං පොඩ් නය්ෂ්ටික ක්ලබ් එකක් මාරම ගේමක් දෙනවා .රුසියාව, ඇමෙරිකාව, ප්‍රංශය, චීනය ,ඊශ්‍රයලය ,පකිස්ථානය ඉන්දියාව හා උතුරු කොරියාව තමා මෙන්න මෙ පොඩි ක්ලබ් එක,ක්ලබ් එකක් කිව්වට කදවුරු කිහිපයක් මේකේ තියනවා.
    7Ut64Yum.jpg


    න්‍යෂ්ටික අවි තියනවා කියන්නේ නිකන් ගෙදරක බල්ලෙක් ඉන්නවා වගේ තමා කවුරුත් සැර බල්ලෙක් ඉන්නවා කියල දැනගත්තම වැඩිය වාත වෙන්න එන්නේ නැනේ.රටවල් මෙ න්‍යෂ්ටික අවි තාක්ෂනය භාවිත කරන්නේ කාටවත් ප්‍රහාර එල්ල කරනවට වඩා ප්‍රශ්නයකදී leverage එකක් නැත්තන් තමාට වාසියක් ගන්න තමා..පකිස්ථානයට න්‍යෂ්ටික අවි තිබ්බේ නැත්තන් ඉන්දියාවට යුදමය අතින් විශාල වාසියක් හබෙනවනවා,හරි බලාගමු අපි න්‍යෂ්ටික ප්‍රහාරයක් දෙනවා කිව්වම ඉන්දියාව කියන තාලෙට නටන්න වෙනවා ..දැන් ඊශ්‍රායලය පළාතම හොල්ලන් ඉන්නේ අහල පහල කාටවත් න්‍යෂ්ටික අවි නැති නිසා ,හැබෙයි ඉරානය අවි තමන් සතු කරගත්තොත් ඊශ්‍රායලය ඒ තත්වය නැති වෙනවා .

    මෙතන ලස්සනම වැඩේ තමා න්‍යෂ්ටික යුද්දයක් වෙන්නෙ කොහොමද කියන එක..අපි හිතමු ඇමෙරිකාවයි රුසියාවයි දැන් න්‍යෂ්ටික අවි වලින් ගහගන්න යන්නේ ..නය්ෂ්ටික අවි රටවල් දෙකේම නැවු,සබ්මැරින්, ගොඩබිම, ගුවනෙ හැමතැනම විසිරිලා තියෙන්නෙ කවුරුත් දැන් නෑ හරියටම එකිනෙකා ගාව කීයක් කොහේ තියනවද කියලා..අපි හිතමු ඇමෙරිකාව තියන ඔක්කොගෙන්ම රුසියවම සමතලා වෙන්න launch කරා කියලා..මිසයිලයක් ඇමරිකාවේ හරි නැවක හරි ඉදල එන්න යන කාලය ඇතුලත රුසියාවත් තමන්ගේ න්‍යෂ්ටික අවි වලින් ඇමරිකාවට ගහනවා රටවල් දෙකම සෑහෙන හානි වෙනවා මේක මෙ දෙගොල්ලොම දන්නවා.එක වර රටක මුළු අවි බලය 100% නැති කරන්න බෑ අනිවාර්යයෙන් ඉතුරු අවි වලින් ප්‍රති ප්‍රහාරයක් එල්ල වෙනවමයි..ඒකනිසා කවුරුත් කාටවත් ගහන්න යන්නේ නෑ ගැහුවොටත් දෙගොල්ලොම ඉවරයි ඉතිරී උනත් බොහෝ විට රටින් 75% වගේ විනාස වෙලා තියෙයි .එක නිසා ලෝකයේ න්‍යෂ්ටික යුද්දයක් ඇති වෙන්න තියෙන්නෙ ඉතාම අඩු අවදානමක්.ඔයාගේ බෝම්බ ඔයා තියාගන්න මගේ ඒවා මන් තියගන්නන් කියල දෙගොල්ලෝම පාඩුවේ ඉන්නවා . කවදාවත් ඉරානය උතුරු කොරියාව වගේ රටක් තවත් න්‍යෂ්ටික බලවතෙක් එක්ක සටනට යන් නෑ එක මරාගෙන මරගැනීමක් ..එක තමා දකුණු කොරියාව හා ජපානය ඇමරිකාවට ගොට්ට අල්ලාගෙන ඉන්නේ මොකද ඔවුන්ට න්‍යෂ්ටික අවි නැති නිසා..උතුරු කොරියාවට ලොකු leverage එකක් තියනවා ඒ කලාපේ න්‍යෂ්ටික අවි වෙන අයට නැති නිසා.
     
    Last edited:

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    අපි ඉන්දියාව කියන විදියට නටන්නෙත් අපිට nuclear bombs නැති නිසාද ?
     

    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    අපි ඉන්දියාව කියන විදියට නටන්නෙත් අපිට nuclear bombs නැති නිසාද ?
    ලංකාව වගේ රටවල් වලට මේක ලොකුවටම අදාල නෑ ගේමට ඉන්න ලොකු ලොකු උන්ට තමා ගොඩක්ම අදාළ..